ගඩොල් මෝඩයින් රට කැබලි කිරීම – ලිපි මාලා අංක 1- විග්නේශ්වරන්ගේ පොන්ඩිචෙරි පොල්ල
Posted on July 31st, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

මෝඩි මෝඩද? අපි හරි මෝඩයි-වික්ටර් අයිවන්

මෝඩි විසින් ලංකාවේ දෙමළ ජනයාගේ dignity  හා respect ගැන රනිල් ජනාධිපතිට දෙහි කපද්දී, කවුරුන්හෝ මෝඩිටත්, රනිල්ලාටත්, රට වැසි සිංහල කතාකරණ ජනයාටත් ලංකාවේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව කියා දියයුතුව තිබෙනවා නොවේද යනුවෙන් සිතමින් සිටින විට, ක්‍රිස්තියානි, මාක්ස්වාදී වික්ටර් අයිවන් විසින් <අපි හරි මෝඩයි> යනුවෙන් කල යූ ටියුබ් කතාව දැක  මෙම ලිපි මාලාව ලිවිය යුතුයයි මම තීරණය කලෙමි. මර්වින් සිල්වා පවා දර්ශන් හඳුන්ගොඩ ඉදිරියේ < මට මොළේ නෑ> යයි කියයි!

ගුජරාත් මහ ඇමති වශයෙන්  ඇමෙරිකාවට ඒමට විසා එකක්වත් නොදුන් මෝඩි දැන් ඇමෙරිකාව හා එකතුවී චීනය දමණය කරන්නට ක්‍රියාකරන්නේ විශාල බලාපොරොත්තු ඇතිවය. ඉන්දියාව බෙදාවෙන්කර සුද්දා විසින් කල විනාශය ඉදිරියේ, <හින්දියාවක්> යළි ගොඩනඟා ගන්නට ඔහු කැපවීමෙන් ක්‍රියාකරමින් සිටී. විශාල මධ්‍යම පන්තියක් ඉන්දියාවේ (චීනයේ මෙන්ම) වර්ධනය වෙමින් පවතී. එහෙත් මිලියන තුන් හාරසීයක ජනතාවක් අන්තදුගී භාවයේ සිටිනා බව (තාමත් පාරේ කැතකරණ, සාංචි විහාර බිම් ප්‍රදේශය අවට පවා කැතකරණ) අමතක කල යුතු නැත. මෙම ජන කොටස යුරෝපයේ මුළු ජනගහනයට (රුසියාව හැර) සමානය කියා මා අසා ඇත.

මෝඩි මෝඩද, වික්ටර් අයිවන් මෝඩද, රනිල් කපටි මෝඩයෙක්ද නැද්ද යන්න ගැන කතා කිරීමට කලින් දෙමළ බෙදුම් වාදීන් විසින් ගේනා අළුත්ම තුරුම්පුව ගැන ලිවිය යුතුය. 1923 සිටම ඉන්දියාවේ ද්‍රවිඩස්ථාන් රටක් යන ව්‍යාපාරය හා සම්බන්ධ ක්‍රියා පොන්නම්බලම් අරුණාචලම් විසින් ආරම්භ කලත්, දෙමළ ක්‍රිස්තියානී චෙල්වනායගම් 1948 සිට අනුගමණය කලේ, දැන් චුට්ටක්, පසුව ගොඩක්, යන උපක්‍රමයය (little now and more later).

ඔල්මාදයෙන් පෙලෙන විග්නේශ්වරන්

SJV චෙල්වනායගම් ඔල්මාදයෙන් පෙලෙන, තමන් අවට සිටින ජනයාද ඔල්මාදකාරයින් කරවන අයෙක් යයි අගමැති SWRD පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකලේය (1958?). අන්තිමෙදී SJVC සිය ගාන්ධි හැව ගලවා දමා මිනිමරුවෙකුගේ පිළිරුවකට (සිවරාම්?) මල්මාලයක් දමා, ප්‍රභාකරන්ට සටන භාරදී  මිය ගියේය (1977). ඔහු දෙමළ මෝසස් යයි කුරුණාගල බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ (ජනාධිපති රනිල්ගේ ඥාති) ගුණ ගැයුවේය.

දකුණේ, කොළඹ ජීවත්වෙමින් සිංහල ජනයාට නොලැබෙන නොයෙක් පහසුකම්, වරදාන ලබාගනිමින්, සමසමාජකාරයෙක් යයි  සම්බන්ධතා සදාගත් විග්නේශ්වරන්, ප්‍රභාකරන් මළාට පසුව නොයෙක් ආකාරයේ කතා මවමින් ලංකාවේ දෙමළ නිජබිම් මිථ්‍යාවට කර ගසමින් සිටියේය. සිංහල ආණ්ඩු දෙමළ ජන සංහාරයක් කරනවා යයි මොහු කිව්වේ තමන්ගේ පුත්තු දෙන්නාම සිංහල ස්ත්‍රීන් දෙන්නෙක් විසින් රවටා ගත්තායයි සිතා ඒ ගැන ඇති හිත්වේදනාව නිසාද කියාත් සිතේ. මේ රැවටිල්ලට සුමන්තිරන්ගේ පුතාත් අහුවීම පුදුමයට කරුණක් වන්නේ ලස්සන දෙමළ කෙල්ලන්/ළමිස්සියන් ඇතිතරම් රටේ ඉන්නා නිසාය.

මිහිඳු හිමිඳුන්ට පෙර ලංකාවේ දෙමළ බෞද්ධයින් සිටියාය, මුළු දිවයිනම ශිව ලිංග පහකින් බ්ලෙස්කරලාය (blessed), දේවානම් පියතිස්සගේ නම දේවානම් තීසන්ය, යන මනස්ගාත දෙඩවූ මොහු නුවර මහානායක හිමිවරුන්ට ඉතිහාස පාඩම් දෙන්නට පවා ගියේ දන්නා හැම දහංගැටයක්ම ගසා සුමන්තිරන්-පොන්නම්බලම්-රාසමානික්කම් කොල්ලා යනාදීන් අභිභවා ඊළම් සටනේ ඉදිරියෙන් සිටීමටය. මේ සියල්ලම ඔහුගේ මරණයට පෙර කරගත නොහැකි බව දැනගත් විග්නේශ් දැන් අළුත්ම කතාවක් රනිල්ට ඉදිරිපත් කරයි. චෙල්වා ප්‍රභාකරන්ට භාරදී ගියා මෙන් විග්නේශ් රනිල් ජනාධිපතිට හා මෝඩි අගමැතිට මේ කොටිවලිගය භාර දෙන්නට සිතන්නේ රනිල් හදිසියේම පුදුම අන්දමේ 13-A++ කැසිල්ලක් හැදී දඟලන නිසා ඒ මඟින් ගොඩ ඒමට පුළුවන් යයි සිතාගෙනය.

නීලන් තිරුචෙල්වම්ගේ පොන්ඩිචේරි පරණ කතාව

මේ වේලාවේ හොඳම ඊළම් තුරුම්පුව පොන්ඩිචේරි පොලිස් පොල්ල යයි පොන්නම්බලම් හැර අනිත් දෙමළ බෙදුම්වාදීන් සිතයි. කොළඹින් චන්දය ඉල්ලන මනෝ ගනේෂන් පවා මේ වලිගය අල්ලාගෙන සිටින්නේ එය නියම පොලිස් නොව බොරු පොලිස් යයි දකුණේ සිංහල ජනයා රැවටේවිය කියා සිතාය. තැටිය රත්වූ වෙලාවේ රොටිය පුච්චා ගන්නට ගොස් මාදුළුවාවේ සෝභිත හිමියන් අකාලයේ පරලොව ගියා මෙන් මේ රට විපතට පත්වී සිටින අවස්ථාවේ විග්නේශ් හදන්නේ ඔහු විසින් රටට අළුත් විසඳුමක් හොයාගත්තා යයි මුදුනෙක් වීමටය. මෙම පොන්ඩිචේරි කතාව මීට කලින් නීලන් තිරුචෙල්වම් විසින් චන්ද්‍රිකාගේ නීලන්-GL පැකේජ් ඩීල් කාලයේදී  (1995-2000) නීලන් විසින් ප්‍රතික්ෂේප කරණ ලද්දකි.

චන්ද්‍රිකා විසින් නීලන්, GL, ජයම්පති වික්‍රමරත්න යන අයවළුන් සමඟ රට කෑලි 12 කට පමණ කැබලි කරන්නට ගත්  උත්සාහය බකල්වූයේ ඊට පක්ෂව සිටි රනිල් අන්තිම මොහොතේ පාර්ලිමේන්තුව තුල එම අළුත් ව්‍යවස්ථා කෙටුම්පත ගිනි තැබීම නිසාය. චන්ද්‍රිකා දිගටම අළුත් විධායක අගමැති ලෙස සිටීමට තීරණය කල නිසා එය තමන්ට නොලැබෙන බව දැනගත් විට රනිල් ඊට විරුද්ධවිය.

දැන් උපාසක බළලෙක් මෙන් හැසිරෙන G. L. පීරිස් ඒ කාලයේ (ව්‍යවස්ථා ඇමති) මේ union of regions කුමන්ත්‍රණයේ නායකයෙක් විය. මෙම ප්ලෑනේ අරමුණ වුයේ රට කැබලි කරණ ගමන්, උතුර හා නැඟෙනහිර තනිකර දෙමළ  යෝධ රීජන් එකක් සාදා දීමය. ඒ අවස්ථාවේ පොන්ඩිචේරි මොඩල් එකක් ගැන කතාවුනත් තම දෙමළ ප්‍රදේශයේ කාවුන් කාවා වැනි පොන්ඩිචේරි ඒකක බිහිවෙනවාට තිරුචෙල්වම් විරුද්ධවිය. මෙම කතාව පැහැදිළි කරමින් මා ලියූ ලිපියක් 2006 ඔක්තෝබර් 24 දින අයිලන්ඩ් පත්‍රයේ පලවිය. එහි මුල් පිටුවේ ඇති සිතියම්වල චායා කොපියක් මෙහි පහතින් ඇත.

රාවුෆ් හකිම් හා ආනන්ද සංගාරී

දෙමළ නිජබිමක් සඳහා නීලන්ට හා ආනන්ද සංගාරීට අවශ්‍යවුයේ ඉන්දියන් මොඩලය වුවත්, එම මොඩලයේම කොටසක් වන පොන්ඩිචේරි කොටසට ඔවුන් එකඟ වූයේ නැත. එහෙත් 2006 ඔක්තෝබර් මාසයේදී  මෙම පොන්ඩිචේරි මොඩල් කොටස ඉල්ලා සිටියේ මුස්ලිම් පක්ෂයේ රාවුෆ් හකීම් විසින්ය. මෙහි ඇති සිතියම (අංක 2) රතු තිත් වලින් පෙන්වන්නේ ඉන්දියාවේ ඇති පොන්ඩිචේරි ඒකක හතරය. ඒවා නම්, P-1 පොන්ඩිචෙරි නගරය, P-2 කරයිකාල්, P-3 යනම් හා P-4 මහේ යනුය. ඒවා තිබෙන්නේ ටැමිල්නාඩ්, කේරල හා ආන්ද්‍ර ප්‍රදේශ් යන ජනපදවලය.

සිතියම් අංක 3 ටැමිල්නාඩ් වල ඇති පොන්ඩිචේරි ප්‍රදේශයේ පැතිරීම පෙන්වයි. නීලන් තිරුචෙල්වම් කාවුන් කෑවා වැනි යයි කියන්නේ මෙවැනි භූමි ව්‍යප්තියකටය. හකීම්ගේ බලාපොරොත්තුව වූයේ නැඟෙනහිර පලාතේත්, බේරුවල, අකුරණ, පුත්තලම , මන්නාරම යන බිම් කොටසුත් සහිත පොන්ඩිචේරි මොඩලයක් වියයුතුය.

විග්නේශ්වරන්ගේ කූට උපාය

මෙම ඉතිහාස කතාව නොදන්නා පිරිසට විග්නේෂ් විසින් රිංග වන්නේ අමුතු විජ්ජාවකි. පොලිස් බලතල ලබාගැනීම ඔහුගේ අරමුණය. මේ සඳහා ඔහු කියන්නේ පොන්ඩිචෙරි ප්‍රදේශ හතරේ පොලිසිවලට දී තිබෙන්නේ බැටන් පොලු පමණක් බවය. මුළු ඉන්දියාව පුරාම අපි දකින්නේ පොලු වලින් මිනිසුන්ට තඩිබාන පොලිස්කාරයින්ය. එංගලන්තයේ ලන්ඩන් වල පවා පොලිසිය ඇවිදින්නේ තුවක්කු නැතිවය. කොමියුනිටි පොලිස් සංකල්පය හා පිස්තෝල අතර සම්න්බන්ධයක් නැත. එය පොලිස් නිලධාරියා හා ජනයා අතර ඇතිවන මානසික බැඳීමකි. උදාහරණයක් වශයෙන් යුද හමුදාව හා උතුරේ ජනතාව අතර ඇතිවූ බැඳීම පිස්තෝල ඇති-නැති කාරණය හා සම්බන්ධ නැත. කර්නල් රත්නප්‍රිය මාරුවී යන විට දෙමළ ජනයා වැළපුණේ ඔහු පිස්තෝලයක් නැතිව සිටියාද නැද්ද යනු සළකා බලා නොවේ.

ඉන්දියාවේ භාෂා අනුව ප්‍රාන්ත බෙදීම සමඟ පොන්ඩිචෙරි මොඩලයක්ද අවශ්‍ය වූයේ ඉන්දියාවේ තිබු ප්‍රංශ පාලන ප්‍රදේශ හා ඉංග්‍රීසි පාලන ප්‍රදේශ අතර තිබූ  වෙනස්කම් නිසාය. එහිදී අවශ්‍යවූයේ පරිපාලන ප්‍රශ්ණයකට විසඳුමක් දීමය.  ඒ මිසක් පොන්ඩිචෙරි ප්‍රදේශ වෙනම රටක්, ඊළමක් සඳහා නිජබිම් සටනක් ගෙන යන ඒකක නොවීය. ඉන්දියාව පෘතුගීසීන්ගෙන් බලෙන් ගෝව අල්ලාගත්තා වැනි ප්‍රශ්ණයක් ප්‍රංශ ප්‍රදේශවල නොවීය.

මේ නිසා මෙම පොන්ඩිචෙරි බැටන් පොලු කතාව දෙමළ බෙදුම්වාදීන් විසින් උඩයවන අළුත්ම බැළුමක් පමණය. මනෝ ගනේෂ්ලා පවා බුරන්නේ මෙලෝ හසරක් නොදැන ඒ කාලයේ උතුරට ගොස් ප්‍රභාකරන්ගේ පිහිනුම් තටාකයේ පීනලා කොළඹට ආවා මෙන්ය.

මෙවැනි ඔල්මාද කතා වෙනුවට ගතයුතු සරල විසඳුම් මොනවාද?

1. උතුරු නැඟෙනහිර  සේවයට  යන සිංහල පොලිස් නිලධාරීන්ට දෙමළ ඉගැන්වීම

2.පාසැල්වල සිංහල හා දෙමළ භාෂා ඉගැන්වීම අනිවාර්ය කිරීම

3. අරුන් සිද්ධාර්ථන් වැනි වෙල්ලාල නොවන කුලවලට සිදුවන පීඩනය ගැන  ක්‍රියාකරණ තරුණයින් ඉන්දියන් රෝ ඔත්තු සේවයෙන් බේරා ගෙන සමාජයේ යහපත සඳහා යොදා ගැනීම.

ඔහු දැනටමත් සිංහල-දෙමළ ඉගැන්වීමේ පන්ති ආරම්භකර ඇත.

4. මේ වනවිට යුද හමුදාව හා පොලිසිය වසී (දපණය?) කරගෙන ඉන්නා බ්‍රදර් චාල්ස් සිංහල පොලිස් නිලධාරීන්ට දෙමළ ඉගැන්වීමට තම හැකියාව යෙදවීම

5. යාපනේ ඉන්දියන් තානාපති කාර්යාලය යාපනේ ජනයාට හින්දි ඉගැන්වීමට ක්‍රියාකිරීම වෙනුවට ඊට කලින් යාපනේ සිංහල-දෙමළ ඉගැන්වීමේ ව්‍යපෘතියක් සඳහා මුදල් ආධාර සැපයීම.

6. පලාත් සභා මර උඟුල වෙනුවට ජන සභා සංකල්පය හරහා ජනතාව බලවත් කිරීම (empowerment of people not separatist politicians).

සෙනාලි වඩුගේ විසින් දීර්ග වශයෙන් පෙන්වා දී ඇති අයුරු ප්‍රභාකරන් දශක දෙකකටත් වඩා පොලිස් බලතල සහිතව සිටියේය. එහෙත් උතුරේ පහත්කුලවලයයි කියන ජනයාට මේ නිසා ලැබුණ සෙතක් නැති බව අරුන් සිද්ධාර්ථන් හෙවත් යාපනේ දෙමළ චේගුවේරා විසින් පෙන්වා දී ඇත.

බැටන් පොලු පොලිස් හෙවත් බොරු පොලිස් කතාවෙන් විග්නේශ්වරන්ලා බලාපොරොත්තු වන්නේ නියම පොලිස් වලට පාර කපා ගැනීමය. නියම පොලිස් සහිතව සිටින ඉන්දියාවේ ටැමිල්නාඩ් ප්‍රාන්තයේ පොලිස් කෙරුවාව ගැන මීට පෙර ලියූ ලිපියකින් උපුටා ගත් කරුණු, එසේ පොලිස් බලතල දීමේ භායනක කම ගැන, මීලඟ ලිපියෙන් වාර්තා කරමි.

============================

13 වන සංශොධනයේ පොලිස් බලතල: ඉන්‌දියාවෙන් අපූරු පාඩමක්!
Posted on November 7th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

LankaWeb – 13 වන සංශොධනයේ පොලිස් බලතල: ඉන්‌දියාවෙන් අපූරු පාඩමක්!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress