ප්‍රංශ වසන්තය මැද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගුප්ත මෙහෙයුම: රනිල් පැරිසියේ බාල් නටද්දි මාක්‍රොන් BRICS ආර්ථික හවුලේ පිහිට පතයි.බැඳුම්කර මගඩි සහ මූල්‍ය දූෂණ පිළිබඳ තේමාවන් පසෙක ලෑම-
Posted on August 3rd, 2023

ධරිණි රාජසිංහම් සේනානායක

වර්තමාන ලෝකයේ පවත්නා අසමානතාව සහ දුප්පත්කම පිළිබඳ වසංගතයෙන් මිදීමේ මග ‘වොෂින්ටන් දෙබෑයන්’ ලෙස සැලකෙන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙන්ම ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානයට(OECD) අයත් පැරිස් කණ්ඩායම විසින්ද මෙහෙයවන වර්තමාන ජාත්‍යන්තර මූල්‍ය ව්‍යුහයන් නොවන බව දැනට දශක ගණනාවකට පෙර සිටම පැහැදිලි වෙමින් පවතින දෙයකි.

කෙසේ වුවද මාක්‍රෝන්ගේ මෙම ‘නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව’(Global Financial Pact) විසින් පවත්නා ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ පවත්නා ප්‍රධානතම ගැටළුව වන සංස්ථාපිත දූෂණය පිළිබඳ තේමාවන් පසෙකට වීසිකර ඒ වෙත අවධානය යොමුකිරීම වළක්වනු සඳහා ‘දේශගුණික ව්‍යසනයන්’ පිළිබඳ ආඛ්‍යානය පෙරට ගෙන තිබිණි. ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් මූල්‍ය වංචාවන්හි නිරත බලගතු සංවිධාන ජාලයන් පිළිබඳව හෝ අභිරහස් විදේශ බැංකු ගිණුම් පිළිබඳව හෝ බැඳුම්කර වංචාවන් හෝ ශ්‍රි ලංකාවේ වර්තමාන ජනාධිපතිවරයා අගමැතිව සිටි සමයේ ඔහුටද චෝදනා එල්ල වූ 2015 මහ බැංකුවේ බැඳුම්කර වංචාවන් පිළිබඳ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු මරා දැමීම වැනි බැඳුම්කර වංචා සම්බන්ධ අපරාධ හෝ ගැන කිසිදු සඳහනක් නොවීය. හිස් වාචාල දේශනවලින් සමන් විත මාක්‍රොන්ගේ මේ ‘නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව’ වූකලී හරිත බැඳුම්කර(Green bonds ) සහ නීල බැඳුම්කර (Blue bonds) පිළිබඳ ප්‍රචාරයක් සහ පිළිගැනීමක් ලබාදෙමින් ඒවා‘ග්‍රහලෝකය ආරක්ෂා කරගැනීමේ නව පෙරමුණක් ’ලෙස හුවාදැක්වීමේ අරමුණින් පවත්වන ලද්දකැයි පෙනී යයි.

පැරිස් කණ්ඩායම විසින් නියෝජනය කරනු ලබන්නේ ශ්‍රි ලංකාව සිය ණය උගුලේ සිරකරගැනීමට කටයුතු කළ මිනීමාංශ භක්ෂක බ්ලැක්රොක් වැනි පුද්ගලික මූල්‍ය සමාගම් මෙන්ම ඒවායේ ව්‍යුත්පන්නයන් වන මූඩිස් (Moody’s)/ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard & Poor’s) සහ ෆිච් (Fitch) වැනි ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මෙහෙයවන ජාතික සහ ගෝලීය දූෂිත ජාවාරම්කාර ජාලයන්, ගිණුම් සමාගම්,ලසාර්ඩ් ඇන්ඩ් ක්ලිෆර්ඩ් වැනි නීති සමාගම්, මැකින්සි වැනි උපදේශක සමාගම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැමැති මංකොල්ලකාරි ජාවාරම්කාරි ආයතනයේ හෝ ඇම්ස්ටර්ඩෑම්හි ට්‍රාන්ස් නැෂනල් ආයතනය විසින් හඳුන්වන ලද පරිදි ‘ඇප ලබාදීමේ බිස්නස් වල ’ කොටසක් වන විවිධ නව ලිබරල්වාදි චින්තන පර්ෂදයන් වේ.

අවදානම් සහගත තත්ත්වයක පසුවන රටවල් ණය උගුලට හසුකරවා ගැනීමේ පිණිස දියත් කෙරෙන මෙම ජාවාරම්කාර ක්‍රීඩාවේදී විවිධ ප්‍රෝඩාකාරි ආඛ්‍යානයන් ගොඩ නගමින් ආර්ථික වශයෙන් අවදානම් සහගත තත්ත්වයක පසුවන රටවලට ගෙවාගත නොහැකි තරම් ණය ගැනීමට සිදුවන තත්ත්වයන් නිර්මාණය කෙරේ. අනතුරුව ණය පිළිබඳ දත්ත විකෘති කරමින් සහ නෙටෝවේ මිලිටරි බලයද ඇතුළු විවිධ බලහත්කාරි යාන්ත්‍රණයන් යොදාගනිමින් එම රටවල දුර්වල සහ අවදානම් තත්ත්වයේ පවතින මුදල් ඒකකවලට එරෙහිව අධික ලෙස මුද්‍රණය කරනු ලබන සහ වරප්‍රසාදිත එක්සත් ජනපද ඩොලරය යොදාගනිමින් එම රටවල වත්කම් උරාබීම සිදු කෙරේ.මිනිස් වර්ගයාගෙන් සියයට එකකටත් අඩු ප්‍රතිශතයක් වන අධිරාජ්‍යවාදි ප්‍රභූ පෙළැන්තිය විසින් මානව ඉතිහාසයේ විශාලතම වත්කම් කොල්ලය සිදු කරමින් සිටින්නේ එලෙසය.

2023 මැයි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාවේ දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම(Domestic debt restructuring-DDR) සඳහා සිදුකරන ලද ගුප්ත මැදිහත්වීම්වලින් පසුව බංකොළොත් යැයි ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දැඩි ඉහළ යාම ආරම්භ විය. මෙම දත්ත විකෘති කිරීමේ ක්‍රීඩාව මගින් ශ්‍රී ලංකාවේ ණය උද්ධමනය සක්‍රිය කරන ලදි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress