උතුර සහ නැගෙනහිර බැඳීම-2
Posted on August 8th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

1 වෙනි කොටසෙන්

1833 වසරට පෙර යාපාපටුන (යාපන අර්ධද්වීපය* සහ නැගෙනහිර පළාත අතර පිහිටි ආසන්න ම භූමිය කුරුඳුගමුරට දිසාවනියට (මුලතිව් දිස්ති‍්‍රක්කයට* අයත් භූමිය විය. අදාල අදහස හා සම්බන්ධ මේ භූමි කොටස ගැන ඇති ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක ද සලකාබැලිය යුතු වෙයි.

2 වෙනි කොටස

මේ ප‍්‍රදේශය පිළිබඳව වාර්තා කරන, ව්‍ය.ව. 1640 සිට වසර දහඅටක් පමණ දිවයිනේ පුර්තුගීසි කි‍්‍රයාන්විතවල නිරතව සිටි කපිතාන් ජෝ.ආ. ඕ. රිබෙයිරෝ යාපාපටුන දකුණු බල සීමාවේ පිහිටි ගංගාවක් සහ තිරිකුණාමල උතුරු බල සීමාවේ පිහිටි ගංගාවක් අතර පැවති භූමිය වැදි ජනයා වාසය කළ ප‍්‍රදේශයක් බව සඳහන් කරයි. එමෙන් ම එය ලීග් දහයක මහුදු තීරයක් සහිත, ලීග් අටකට වඩා රට තුළට පැතිරුණු, ඝණ වනයෙන් වැසී ඇති පෙදෙසක් බව සහ ජනගහණය ඉතා සුළු වූ බව සඳහන් කරයි.3 (* ගංගා දෙක නම් වශයෙන් දක්වා නැත. ඔහු දක්වන ලෙස, බොහෝවිට, කිලාලි කලපුවට ගලා බසින කනකරායන්ආරු සහ ඊශාන දිගින් මුහුදට ගලා බසින මා ඔය අතර ප‍්‍රදේශය විය යුතු ය. ඔහුගේ සඳහන් කිරීිම අනුව ව්‍ය.ව. 17 වෙනි සියවසේ පවා මේ ප‍්‍රදේශය වැදි ජනයා වාසය කළ කැලෑ ප‍්‍රදේශයක් විය. ලන්දේසීන්ගේ කාලයේ ව්‍ය.ව. 1722 ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රංශ සිතියමේ මේ ප‍්‍රදේශය ”වැදිරට” (කන්ටි‍්‍ර ඔෆ් බේදාස්* ලෙස දක්වා ඇත.(* මේ භූමි ප‍්‍රදේශය සහ රිබෙයිරෝ දක්වන වැද්දන් වාසය කළ භූමිය බොහෝ දුරට ප‍්‍රමාණයෙන් සමාන ය. වර්තමාන කිලිනොච්චිය දිස්ති‍්‍රක්කය, මුලතිව් දිස්ති‍්‍රක්කය සහ වවුනියා දිස්ති‍්‍රක්කයේ කොටසකින් යුත් ඒ භූමිය කැලෑ මිනිසුන් (ෆොරස්ට්මෙන්* වාසය කළ භූමිය යනුවෙන් දක්වා ඇත. එනම් වන්නි ජනයා වාසය කළ භූමිය කි. රොබට් නොක්ස් වන්නීන්ගේ භූමිය (ක්‍දහකදඑ උ්බැැ.ි ක්‍දබඑරුහ*5(* යනුවෙන් මේ ප‍්‍රදේශය දක්වා ඇත. ඒ ප‍්‍රදේශය ඉහත භූමි ප‍්‍රදේශයට වඩා මඳක් විශාල ය. තිරිකුණාමලේට උතුරෙන් ඝණ වනය තුළ පිහිටි භූමියේ වැදි ජනයා වාසය කළ බව වැලන්ටයින් සඳහන් කරයි.(* එමෙන් ම 19 වෙනි සියවස තුළ පවා මුහුදු තීරයේ සිට සැතපුම් කීපයක් හැර මේ ප‍්‍රදේශය ඝණ වනයෙන් වැසුණු භූමි ප‍්‍රදේශයක් වූ බව ජේ. පී. ලූවිස් සඳහන් කරයි.7(* 

ව්‍ය.ව. 1722 ප‍්‍රංශ සිතියම ද දක්වා ඇති, යාපාපටුන සහ තිරිකුණාමලේ අතර වනයේ වාසය කළ වන්නි ජනයා (ෆොරස්ට්මෙන්*, ඡුවි වර්ණයෙන් ”අප” (පුර්තුගීසීන්* හා සමාන, ශරීර ලක්‍ෂණ සහිත, දැකුම්කළු, රතු පැහැයට හුරු පැහැපත් වූ, ඉන්දියානු භාෂාවක් නොවෙන භාෂාවක් කථා කළ ජන වර්ගයක් බව පුර්තුගීසි ජාතික රිබෙයිරෝ8(* විස්තර කරයි. එසේම ෆ‍්‍රැන්සිස්කොඉස් වැලන්ටයින් ප‍්‍රදේශයේ වාසය කළ ජනයා සිංහල කතා කළ බව කියයි.(* මේ විදේශික වාර්තා දක්වා ඇත්තේ සිංහල රාජ්‍යයේ් කුරුඳුගමුරට දිසාවනියට අයත් ව තිබූ ප‍්‍රදේශය යි. එසේ ම 19 වෙනි සියවසට පෙර මේ ප‍්‍රදේශයේ ද්‍රවිඩ/දෙමළ වාර්ගිකයන් වාසය නොකළ බව එළිදරවු කරයි.

අදාල ප‍්‍රශ්ණය සම්බන්ධ අදහස සත්‍ය එකක් වීමට නම් ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට මේ ප‍්‍රදේශය සහ නැගෙනහිර පළාත තුළ ස්ථිර ද්‍රවිඩ/දෙමළ පදිංචියක් තිබිය යුතු ය. රිබෙයිරෝ, සියර්, රොබට් නොක්ස්, වැලන්ටයින් සහ ලූවිස් වාර්තා කොට ඇති තොරතුරු එය එසේ නොවෙන බව තහවුරු කරයි. එමෙන් ම නැගෙනහිර පළාත සමග දේශපාලන හෝ කුමන ආකාරයේ හෝ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට යාපන අර්ධද්වීපයේ දකුණු සීමාව සහ නැගෙනහිර පළාතේ උතුරු සීමාව අතර ”උතුරට ඉතා කිට්ටු ප‍්‍රදේශයේ”, කුරුඳුගමුරට දිසාවනියේ (වර්තමාන මුලතිව් දිස්ති‍්‍රක්කයේ* 13 වෙනි සියවසේ සිට ද්‍රවිඩ/ දෙමළ ජනයා පදිංචි ප‍්‍රදේශයක් බවට දක්වා ඇති අදහස පදනමක් නැති මනෝමය සිතිවිල්ලක් බව සනාථ කරයි. 

එසේම මේ ප‍්‍රකාශිත අදහස සම්බන්ධයෙන් වන්නි ප‍්‍රදේශයට යාබද යාපන අර්ධද්වීපයේ ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට පැවති දේශපාලන තත්වය පිළිබඳ තොරතුරු ද අමතක කිරීම සුදුසු නැත. 

පොළොන්නරු රාජ්‍ය යුගය අවසානය දක්වා යාපාපටුන සිංහල රාජ්‍ය පාලනය යටතේ විය. ව්‍ය.ව. 1255 දී කාලිංග මාඝ යාපනේ අර්ධද්වීපයට පලාගිය බවත් එහි පාලකයා ලෙස සිටි බවත් අනුමාන කෙරෙයි. ඉන් වසර හයකට පසු, ව්‍ය.ව. 1262 දී දෙවෙනි පරාක‍්‍රමබාහු රජුට එරෙහිව කළ සටනින් පැරදී පලාගිය ජාවක චන්ද්‍රභානු ආක‍්‍රමණිකයා නාගදීපේ (යාපාපටුනේ* රැුඳී සිටි බවට සාධක ඇත. කාලිංග මාඝ නාගදීපේ (යාපාපටුනේ* තහවුරු වී සිටි බවට තොරතුරු නැත. චන්ද්‍රභානු යාපාපටුනට පලාගිය අවස්ථාවේ දී හෝ මාඝ ගැන තොරතුරක් නැත. ඇත්ත වශයෙන් ම වංශකථා සඳහන් කරන ලෙස මාඝ මියගියේ ද? නොඑසේ නම් පලාගියේ ද? අවිනිශ්චිත ය. ආක‍්‍රමණ සඳහා කාලිංග මාඝ කේරළ හේවායන් ද10 (මව 80.* චන්ද්‍රභානු පළමුවර ජා සේනාවක් සහ දෙවෙනිවර ජා භටයන්ට අමතරව ද්‍රවිඩ කුලී හේවායන් ද ගෙනවිත් ඇත(* 13 වෙනි සියවස තුළ ආක‍්‍රමණය කළ කාලිංග මාඝ (දෙමළ නොවේ* සහ චන්ද්‍රභානු කේරළ ද්‍රවිඩ කුලී හේවායන් යොදා ගෙන ඇත. 

කෙසේ වෙතත්, ඒ වෙන විට යාපන අර්ධද්වීපයේ ස්වාධීන දෙමළ පාලනයක් හෝ රාජ්‍යයක් වූයේ නම් මාඝට සහ හෝ චන්ද්‍රභානුට එහි නිදහසේ ඇතුල් වීමට හෝ නතර වී පාලකයෙකු වීමට හැකි නොවෙනු ඇත. අවම වශයෙන් සටනක් අනිවාර්ය ය. එවැනි තොරතුරක් දෙමළ කාව්‍යවල පවා නැත. චන්ද්‍රභානු ජාවා රටේ පාලක බෞද්ධ රජ පෙළපතේ කෙනෙකු වීම, බෞද්ධ ජා භටයන්ගේ සහාය සහ කුරුන්දි, පදී, මානාවතු, ගෝකණ්ණ, ආදී ප‍්‍රදේශවල සිංහල බෞද්ධ ජනයාගේ සහාය ලබාගෙන සිටීම සහ නම්පොත සඳහන් කරන ලෙස ව්‍ය.ව. 18 වෙනි සියවසේ පවා, ¥පත් ද ඇතුළු යාපාපටුන තුළ ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථාන රැුසක් පැවතීම13 (* අනුව ඔහු තමන්ට පුරුදු ලෙස බෞද්ධ දේශපාලන සහ සමාජ දර්ශනය අනුව පාලනය කරන්නට ඇති බව නොඅනුමාන ය. (පුරාණ බෞද්ධ පුදබිම්වල නටබුන් අද දක්වාත් පවතියි.* ව්‍ය.ව. 13 වෙනි සියවසේ අවසාන කාලයේ යාපාපටුනේ පාලකයා ”සෙන්දමේන්” (චන්ද්‍රභානු* නමැත්තෙකු වූ බවට මාකෝපෝලෝ (* සඳහන් කරයි. එමෙන් ම චන්ද්‍රභානු සහ ඔහුගෙන් පැවතෙන අය ව්‍ය.ව. 14 වෙනි සියවසේ ද යාපනේ පාලනය කරන ලද බව එළිදරවු කෙරෙයි. අද දක්වාත් භාවිතයේ පවතින ”ජාවන්කෝට්ටෙ”, ”චාවාකච්චේරි” යන ස්ථාන නාමවලින් එය සනාථ කෙරෙයි. චන්ද්‍රභානු පෙළපතේ සාමාජිකයන් ව්‍ය.ව. 14 වෙනි සියවස අවසානය පමණ තෙක් යාපනේ පාලකයන් වූ බව ආචාර්ය පී.ඒ.ටී. ගුණසිංහ පැහැදිලි කරයි.15( * 

ව්‍ය.ව. 11 වෙනි සියවස පමණ සිට උතුරු ඉන්දියාවේ (උත්තරාපථයේ* දිල්ලි සුල්තානය නිරන්තරයෙන් මෙහෙය වූ මුස්ලිම් ආක‍්‍රමණවලින් ආරක්‍ෂා වීමට, වින්ද්‍යා කඳුවැටියෙන් සහ නර්මදා නදියෙන් පහළ දකුණු ඉන්දියාවට (දක්‍ෂිණාපථයට=ඩෙකානය* නොහැකි විය. ව්‍ය.ව. 1310 වෙන විට පාණ්ඩ්‍ය දේශයේ මදුරා නගරය පවා මුස්ලිම් සුල්තාන් පාලන මූලස්ථානයක් විය. ඒ වෙනවිට තන්ජෝරයේ ද මුස්ලිම් සුල්තාන් පාලනයක් විය. ව්‍ය.ව. 1344 වසර වෙනවිට ද දකුණු ඉන්දීය (මලබාර් සහ කොරමණ්ඩල* සාගර කලාපය මුස්ලිම් සහ හින්දු මුහුදු කොල්ලකරුවන්ගේ බල ප‍්‍රදේශයක් වී පැවති බව ඉබ්න් බතූතා හෙළි කරයි. මලබාර්හි මුස්ලිම් මුහුදු කොල්ලකාර නායකයාගේ මිත‍්‍රයෙකු වූ, මන්නාරම් ප‍්‍රදේශයේ මුතු අස්වැන්න අධීක්‍ෂණය කරමින් සිටි, සුල්තාන් ලෙස සඳහන් කරන අරිසකර් (ආරියසක්විති* නැමැත්තා ඉන්දියාවේ කොරමණ්ඩල ප‍්‍රදේශයේ බලවතෙකු ව සිටි බව ද හෙළි කරයි. එමෙන් ම, ඉබ්න් බතූතා සිංහල රජු ”අධිරාජයා” ලෙස සඳහන් කොට ඇත. පුර්තුගීසීන් ලංකාවට පැමිණියේ කලාපයේ මුහුදු කොල්ලකරුවන් හඹායමේ දී අහඹුවෙන් බව දැක්වේ. 

දඹදෙණි රාජ්‍ය යුගය ආරම්භ කළ තුන්වෙනි විජයබාහු රජු (ව්‍ය.ව. 1232-1236* මාඝ භීෂණය සමයේ වන්නි පාලකයෙකු වී සිටි බව අදහස් කරයි. චන්ද්‍රභානු ආක‍්‍රමණිකයා ව්‍ය.ව. 1262 දී පරාජය කරනු ලැබීමෙන් පසු දෙවෙනි පරාක‍්‍රමබාහු රජු (ව්‍ය.ව. 1236-1270* වෙනුවෙන් තම තමන්ගේ ප‍්‍රදේශ පාලනය කිරීම සඳහා අනුරාධපුරේ දී වන්නි පාලකයන් අධිකාරී බලය, ධජ, ඡුත‍්‍ර ලබා ඇත. (* එතැන් සිට රාජ්‍ය මූලස්ථානයේ රාජ්‍ය පාලන සංවිධානය සමග බැඳීම යළි ආරම්භ විය. මෙකල දේවපතිරාජ ඇමති බටහිර (වයඹදිග ඇතුළු* මුහුදු බඩ ප‍්‍රදේශයේ සංවර්ධන සහ ආගමික කටයුතු කරමින් දෙවිනුවර උපුල්වන් දේ්වාලයේ පූජාවල ද නිරත වී ඇත. ගම්පොළ රාජ්‍ය යුගයේ පැවති මූලිකත්වය සහ වරප‍්‍රසාද සඳහා රාජ සභිකයන් අතර වූ අරගලය, විශේෂයෙන් ම සේනාලංකාධිකාර සහ අලකේශ්වර පෙළපත් දෙක පෙරමුණු කොට සිදු වූ සිංහල රජ පවුලේ් බල අරගලය හේතුවෙන් වන්නි පාලකයන් සහ රාජ්‍ය අතර වූ බැඳීම ලිහිල් වෙන්නට ඇත. එමෙන් ම ව්‍ය.ව. 14 වෙනි සියවස තුළ රයිගම බල ඒකකයක් සහ ජයවර්ධනපුර (කෝට්ටේ* නිර්මාණය වීම ද දැකිය හැකි ය. 

මදුරා සහ තන්ජෝරය මූලස්ථාන ලෙස භාවිත කළ මුස්ලිම් සුලතාන් පාලනයට යටත් ව තිබූ චෝල, පාණ්ඩ්‍ය සහ චේර භූමිවලට හින්දුත්වය රැුකගැනීමට හැකි වූයේ, කි‍්‍රෂ්ණා තුංගභද්‍රා දෙගම්මැදි භූමි ප‍්‍රදේශයෙන් ආරම්භ කොට කොමරින් (කුමාරි* තුඩුව දක්වා ව්‍යාප්ත වූ විජයනගර අධිරාජ්‍යය (1336-1565* මුස්ලිම් සුල්තාන් බලය අහෝසිි කොට උදා කළ හින්දු පුනරුදය නිසා ය. විජයනගර පාලකයන් මුහුදු කොල්ලකරුවන් මැඩ තමන්ගේ ආර්යචක‍්‍රවර්ති නම් සෙන්පතියෙකු යාපනේ ස්ථාන ගත කොට ඇත. 14 වෙනි සියවස අවසාන කාලයේ විජයනගර පාලනයෙන් නිදහස් වුව ද පාණ්ඩ්‍ය සහ චෝල ආධිපත්‍යයක් නොවීය. විජයනගර නියෝජිතයෙකු ලෙස ආර්යචක‍්‍රවර්ති යාපනේ බලවත් ව සිටියේ විජයනගර කර්ණාටක (කණණඩ* හමුදාවක17(* සහාය ඇතිව ය. 1447 සිට විජයනගර අධිරාජ්‍යයේ පැවති භේදකාරී තත්වය මත ඔහුට විජයනගර සහාය සහ රැුකවරණය නැති විය.18 (* 16 වෙනි සියවස ආරම්භයේ සිට දකුණු ඉන්දියාව සහ ලංකාව පුර්තුගීසි, ලන්දේසි, ප‍්‍රන්ස, ඉංගිරිසි ආදී යුරෝපීය ආක‍්‍රමණික බල අරගලයේ ගොදුරුබිම් වී ය.  

ව්‍ය.ව. 1449 පමණ සිට කෝට්ටේ රාජ්‍යයේ පාලනයට අයත් වූ යාපාපටුන (* හයවෙනි පරාක‍්‍රමබාහු රජු වෙනුවෙන් සපුමල් කුමරු කෝට්ටේ රාජ සභාව වැනි රාජ සභාවක් පිහිටුවාගෙන ව්‍ය.ව. 1470 වෙන තෙක් පාලනය කළේය.(* යාපනේ ප‍්‍රධාන කෝවිල වෙන නල්ලූර්හි කන්දස්වාමි (කන්දෙදෙවියන්* කෝවිල ගොඩනැගූ21 (* ඔහු හයවෙනි බුවනෙකබාහු (ව්‍ය.ව. 1470-1478* රාජකීය නාමයෙන් කෝට්ටේ සිහසුනට පත් වූ පසු විජයබාහු නැමැති කුමාරයෙකු පාලන කටයුතු කළ බව සඳහන් වෙයි. (* එමෙන් ම ව්‍ය.ව. 16 වෙනි සියවසේ මුල් කාලය තෙක් එහි පාලනය වෙනස් වූ බවට ඓතිහාසික සාධක නැත. මින් පසු යාපාපටුන ගැන තොරතුරු ලැබෙන්නේ පුර්තුගීසී ආක‍්‍රමණිකයන්ගේ කාලයේ ය. දිවයිනේ පැවති දේශපාලන තත්වය සහ ඩි ක්වේරෝස්, බෝල්ජිඅස්, වැලන්ටයින් සහ ටි‍්‍රනිඩාඬේ වාර්තා කරන ඓතිහාසික තොරතුරු ව්‍ය.ව. 18 වෙනි සියවස අවසානය තෙක් යාපන අර්ධද්වීපයේ පාලනය කෝට්ටේ සහ පසුව සෙන්කඩගල (නුවර* සිංහල රාජ්‍යය යටතේ පැවති බව තහවුරු කරයි.

කෙසේ වෙතත්, කෝට්ටේ රාජ්‍ය යුගයේ, ව්‍ය.ව. 15 වෙනි සියවසේ දෙවෙනි කාර්තුවේ පමණ සිට වන්නිය සහ යාපාපටුන (යාපන අර්ධද්වීපය* ද හයවෙනි පරාක‍්‍රමබාහු රජු යටතේ වීය. හයවෙනි බුවනෙකබාහු රජුගේ (ව්‍ය.ව. 1470-1478* කාලයේ සේනාසම්මත වික‍්‍රමබාහු (ව්‍ය.ව. 1470-1511* සෙංකඩගල ප‍්‍රාදේශීය රාජ්‍යය බිහි කරන තෙක්23(*, කුරුඳුගමුරට දිසාවනිය තුළ පැවති පදවිය, කුරුන්දි සහ ගෝණගම්තොට (තිරිකුණාමලය*, කොටසර, එරාවුළුරට (මඩකලපුව* සහ සමන්තුරේ ප‍්‍රදේශ කෝට්ටේ රාජ්‍යයට අයත් ප‍්‍රදේශ විය. පුර්තුගීසි ආක‍්‍රමණ කාලයේ, ව්‍ය.ව. 16 වෙනි සියවස තුළ පවා යාපාපටුන කෝට්ටේ රජුගේ ආධිපත්‍යය යටතේ පාලනය වූ බව ක්වේරෝස්, බෝල්ජිඅස්, වැලන්ටයින්, ටි‍්‍රනිඩාඬේ පැහැදිලිව ම සඳහන් කොට ඇත. කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල රජු (1551-1597* මරණාසන්නයේ අන්තිම කැමති පත‍්‍රයකින් යාපාපටුන පුර්තුගීසි රජුට පවරා ඇත. 

ඓතිහාසික තොරතුරු සහ පුරාවිද්‍යා සාධක අනුව ව්‍ය.ව. 13 වෙනි සියවසේ සිට ව්‍ය.ව. 16 වෙනි සියවසේ මුල් කාලය තුළ ද යාපාපටුනේ, යාපන අර්ධද්වීපයේ, පවා ස්ථාවර ද්‍රවිඩ/දෙමළ පදිංචියක් හෝ පාලනයක් පැවති බව තහවුරු නොවේ.

….. 3 වෙනි කොටසට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress