බූරුවා නිදහස් කළ බූතයා සහ මාධ්‍යය
Posted on August 10th, 2023

Lanka Lead News

බූරුවෙක්ව එහි අයිතිකරු රාත්‍රියේ දී ගහක බැඳ තැබීමට පුරුදුව සිටියා. එක් රාත්‍රියක භූතයෙක් පැමින ලණුව කපා මෙම බූරුවා නිදහස් කලා.

බූරුවා ගොස් යාබද ගොවියෙකුගේ ඉඩමක වගාවන් විනාශ කලා. කෝපයට පත් ගොවියාගේ බිරිඳ බූරුවාට වෙඩි තබා මරා දැමුවා.

බූරුවාගේ අයිතිකරු මේ පිළිබඳව කෝපයට පත්ව ඊට පාඩමක් ලෙස ගොවියාගේ බිරිඳ ඝාතනය කලා.

තම බිරිඳගේ මරණයෙන් කෝපයට පත් ගොවියා දෑකැත්තක් ගෙන බූරුවාගේ අයිතිකරු මරා දැම්මා.

බූරුවා අයිතිකරුගේ බිරිඳ කොතරම් කෝපයට පත් වූවාද කිවහොත් ඇය සහ ඇගේ පුතුන් ගොවියාගේ නිවසට ගිනි තැබුවා.

තම නිවස අළු බවට පත් වූ ආකාරය දෙස බලා සිටි ගොවියා බූරුවාගේ අයිතිකරුගේ බිරිඳ සහ දරුවන් මරා දැම්මා.

අවසාන වශයෙන්, ගොවියා මෙම සිද්ධි නිසා පසුතැවිලි වූ අතර, ඔහු භූතයාගෙන් ඇසුවා මේ සියල්ලන්ම මරා දැමීමට මූලිකව කටයුතු කලේ ඇයි කියා?

භූතයා පිළිතුරු දුන්නේ, මම කිසිවෙකු මැරුවේ නැත, මම කඹයක බැඳ සිටි බූරුවෙකු නිදහස් කළෙමි. ඔබ සියලු දෙනාම ඔබ තුළ සිටින යක්ෂයන් නිදහස් කළ අතර එය පසුව සිදු වූ සියල්ලටම හේතු විය.”

අද මාධ්‍යයත් ඒ භූතයා වගේය. එය දිනපතාම බූරුවන් මුදා හරින අතර මිනිසුන් දෙවරක් නොසිතා එකිනෙකා සමඟ ප්‍රතික්‍රියා කර තර්ක කොටගෙන, එකිනෙකාට රිදවා ගන්නවා.

අවසානයේ මාධ්‍ය සියලු වගකීම් වලින් නිදහස් වෙනවා.

එබැවින්, මාධ්‍ය මගින් මුදා හරින සෑම බූරුවෙකුටම ප්‍රතිචාර නොදක්වා අපගේ මිතුරන්, ඥාතීන් සහ ප්‍රජාව සමඟ අපගේ සබඳතාව ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමයි.

A Donkey was tied to a tree. One night a Ghost cut the rope & released the Donkey free.
The Donkey went & destroyed the crops in an adjacent Farmer’s land. Infuriated, the farmer’s Wife shot the Donkey and killed it.
The donkey’s Owner was devastated at the loss. In reply, he killed the farmer’s Wife.
Angered by his wife’s death, the Farmer took a sickle and killed the donkey’s Owner.
The Wife of the donkey’s owner got so angry that she & her Sons set the farmer’s house on Fire.
The farmer, looking at his house turned into ashes, killed the Wife and Children of the donkey’s Owner.
Finally, when the farmer was full of regret, he asked the Ghost as to why did it kill them all?
The Ghost replied, I killed nobody. I just released a Donkey that was tied to a Rope. It is All of you who released the Devils within you which resulted into everything Bad that occurred thereafter.”
Today’s Media is like that Ghost. It keeps releasing Donkeys on a daily basis and people react & argue with each other, hurt each other, without having a second thought.
In the end, the media dodges all responsibilities.
So, it’s our responsibility that we Do Not react on every Donkey released by the Media and preserve our Relationship with our Friends, Relatives & Community…

– Copied
– Author Unknown

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress