ත්‍රිකුණාමලය බොරළුකන්ද විහාරයේ සංවර්ධන කටයුතු නතර කිරීමට සෙන්දිල් තොණ්ඩමන් ආණ්ඩුකාරවරයා දුන් නියෝගයට සිවිල් සංවිධානවල විරෝධය
Posted on August 11th, 2023
Lanka Lead News
රිකුණාමලය බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු නතර කරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් අප්‍රසාදය කළ කරමින් අර්බන් සිටිසන් සංවිධානයේ සභාපතිනී ෂර්මිලා ගෝනවල මහත්මිය ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර තිබේ.
එම ලිපිය මගින් ෂර්මිලා ගෝනවල මහත්මිය දන්වා ඇත්තේ මෙම සිදුවීම බෞද්ධ ජනතාවගේ හදවත් කම්පනය කරන සිදුවීමක් බවත්, රටේ ආගම් අතර අසමගිය ඇතිකරන මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙසත් ය.
මෙම ක්‍රියාව හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවද ඒ මහත්මිය පෙන්වා දෙයි.
අදාළ ලිපිය පහළින්…
