ලුම්බිණියේ සිට කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරියක්…
Posted on August 11th, 2023

 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට ඉන්දියාවේ සිද්ධස්ථාන හරහා කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි  සවාරිය පිළීබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.08.10 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.

 කුසිනාරා, බුද්ධගයා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන  යතුරුපැදි සවාරිය මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අජන්තා එල්ලෝරා පසු කරමින් දකුණු ඉන්දියාවට පැමිණ රාමේෂ්වරම් හරහා කොළඹට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව යන රටවල් තුන අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතා අගය කළ අග්‍රාමාත්‍යවරයා යතුරුපැදි  සවාරිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික විය.

සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලබන දෙසැම්බර් මාසයේ මෙම යතුරුපැදි  සවාරිය පැවැත්වීමට නියමිත අතර මේ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විෂයභාර අමාත්‍යවරුන් සමගද සාකච්ඡා පවත්වා තිබේ.

 යතුරුපැදි සවාරියේ ප්‍රධාන සංවිධායකයින් වන ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ රාහුල් පටේල් සහ ප්‍රශාන්ත් කරුල්කර් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. 

 අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress