විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන කටයුතුවලට රැකියා නියෝජිත ආයතනවලින් මුදල් ආධාර
Posted on August 20th, 2023

Manusha Media

ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේදි අදාල නියෝජිත ආයතවලට ප්‍රතිපූර්ණය කරනු ලබන ලියාපදිංචි ගාස්තුවලින් රුපියල් ලක්ෂ එකොලහක මුදලක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන කටයුතු සදහා යොදා ගැනීම සදහා කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ කුරුණෑගල ට්‍රාන්ස් ගල්ෆ් විදේශ රැකියා නියෝජිත ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ෆස්ලි රෆයිඩීන් මහතා විසින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත ප්‍රදානය කරනු ලැබුවේය.

මුදල් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල්වලින් රුපියල් මිලියන පන්සියයක මුදලක් මහරගම පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සදහා ලබාදෙන අතර එම අරමුදල සදහා මෙම මුදල එක් කිරීමටද නියමිතය.

එසේ ලබාදෙනු ලබන රුපියල් මිලියන පන්සියකක මුදලකින් මිලියන සියයක මුදලක් මේ වන විට නිකුත් කර තිබෙන අතර ඉතිරි මුදල ඖෂධ මිලදී ගැනීමේ අවශ්‍යතාවය මත නිදහස් කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු සුබසාධක අරමුදල මගින් විදේශ රැකියා සදහා පිටත්ව ගොස් නැවත පැමිණි නොයෙක් අනතුරු හා රෝගාබාධයන්ට ලක්වූ පුද්ගලයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රුපියල් ලක්ෂ අසූ අටක මුදලක් ලබාදීමට කටයුතු කළ අතර ඒ අවස්ථාවේදී මෙම මුදල අමාත්‍යවරයා වෙත ප්‍රදානය කරනු ලැබුවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන එම්.ආර්.සී.බී. ඒකනායක, එල්.ඒ.පී.කේ ලියන්වල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංජුල බටුගෙදර යන මහත්වරුද එක්ව සිටියහ. 


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress