ජීවන් තොණ්ඩමන් නීතිය අතට ගනී… ඇල්කඩුව වැවිලි සමාගමේ සාමාන්‍ය අධිකාරීට තර්ජනය කරයි
Posted on August 21st, 2023
Lanka Lead News
කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා නීතිය අතට ගනිමින් ඇල්කඩුව වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරිවරයා වන සුරේෂ් නවරත්නම් මහතාට තර්ජනය කර ඇති අතර, එසේ තර්ජනය කර ඇත්තේ දමිළ ජනතාවට එම ඉඩම් අල්ලා ගැනීමට ඉඩ ලබාදිය යුතු යැයි පවසමින් බව වාර්තා වේ.
එමෙන්ම ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ මට නීතිය වැඩක් නැති” බවය.
මෙහිදී තවදුරටත් ඔහු තර්ජනාත්මකව පවසා ඇත්තේ උප වතු අධිකාරී වන අනුරාධ විතානගේව එම ස්ථානයට වහාම ගෙන්වන ලෙසත් , එසේ නොපැමිණියහොත් තමන් එම ස්ථානයෙන් පිටත්ව නොයන බවටත් ය.
අනතුරුව ඔහු එම ස්ථානයට පැමිණීමෙන් පසු සමාන්‍ය අධිකාරීවරයාව වහාම අයින් කරන ලෙස සභාපති වන සුමිත් ජයරත්න මහතා හට නියෝග කර තිබේ.
මෙම සිදුවීමේ දී කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සමඟ මෙම වත්තේ වැඩ නොකරන 100 ක් පමණ ප්‍රචණ්ඩකාරී දමිළ ජාතිකයින් පිරිසක් ද පැමිණ ඇති බවද වාර්තා වේ.