මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමස්ත ජනතාව වෙත කරන කාරුණික ඉල්ලීමක්
Posted on August 22nd, 2023

මහජන ආරක්ෂක අමාත්‍යාංශය

වතුකරයේ වූ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන නියෝජිතයකු විසින් පසුගිය ඉරිදා දිනයේ ජනතාව ප්‍රකෝප කරනා ආකාරයෙන් වගකීම් විරහිතව සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගේ අවධානය යොමුව ඇත. 

ප්‍රචණ්ඩත්වයට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවත්, රජය සහ නීතිය අපව ආරක්ෂා නොකරන්නේ නම් එය අපගේ අයිතියක් බවටත් එම මහජන නියෝජිතයා එදින කළ ප්‍රකාශ කර තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදී තිබිණ. 

මෙවැනි වෛරී ප්‍රකාශවල ගොදුරක් වී නීතිය අතට ගෙන කටයුතු නොකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වතුකරය ඇතුළු සමස්ත ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.  ඇතැම් දේශපාලකයන් ජන කොටස් වල ඡන්ද ලබාගැනීමේ පටු අරමුණ ඇතිව කරන ප්‍රකාශවල ගොදුරක් වී යම් අයකු නීතිය අතට ගෙන ක්‍රියා කරන්නේ නම් හෝ එවැනි තත්වයක් ඇති කිරීම සඳහා අනුබල දෙන්නේ නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress