උතුර සහ නැගෙනහිර බැඳීම-8
Posted on August 25th, 2023

විමල් පටබැඳිගේ – ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

7 වෙනි කොටසෙන්

පුරවැසි අයිතිය සම්බන්ධ නීතිය වෙල්ලාල දේශපාලකයන් විසින් රටේ පුරවැසියන් බෙදා වෙන් කිරීමට ”දේශපාලන ආයුධයක්” ලෙස යොදාගනු ලැබීය. ඔවුන් ඒ ”දේශපාලන ආයුධය” උතුර, නැගෙනහිර පමණක් නොව දිවයිනේ විසිරී සිටින සියලූ දෙමළ ජනතාව බද්ධ කිරීමට භාවිත කිරීම නතර කොට නැත. බි‍්‍රතාන්‍යය සහ ඉන්දියාව විසින් සාරධර්ම ඉවත ලා ”සරණාගතයන්” බවට පත් කරනු ලැබූ ”ඉන්දියානු දෙමළ” ජනයා ”ශී‍්‍ර ලංකා පුරවැසියන්” බවට පත් වූයේ 1948 ලංකා පුරවැසි නීතිය මගිනි.

8 වෙනි කොටස

විසිවෙනි සියවසේ දෙවෙනි භාගයට පෙර, තමන්ගේ මවු භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය සඳහා වූ ”ස්වභාෂා අරගලය” ඉතා බලවත් විය. සිංහල, දෙමළ ”කොලනි ඒජන්තලා”, ”කළුසුද්දෝ” එරෙහි වූහ. ඉංගිරිසි කොලනි පාලනය ඉංගිරිසියෙන් විය. ඉංගිරිසි නොදත් කි‍්‍රස්තියානි නො වූ සාමාන්‍ය පුරවැසියන්ට රාජ්‍ය තන්ත‍්‍රයේ රැුකියා දොරටු විවර නොවීය. සිංහල දෙමළ වෙනසක් නැතිව අහිංසක ජනයාට විදුලි පුවතක් පවා තේරුම් කරවා ගැනීමට, බොහෝ විට ”පුද පඬුරු” ගෙන, ඉංගිරිසි උගත් අයෙකු සොයා ගොස් පින්සෙන්ඩු වීමට සිදු විය. 1956 රාජ්‍ය භාෂාව සම්මත කිරීමට පෙර සහ 1957 දෙමළ භාෂාව භාවිතය පිළිබඳ විධිවිධාන සහ 1956 සමාජ දුබලතා වැලැක්වීම සඳහා විධිවිධාන (ඡුරුඩැබඑසදබ දෙ ීදජස්ක ෘසි්ඉසකසඑසැි ්ජඑ* නීති සම්මත කිරීමට පෙර වෙල්ලාල නොවෙන දෙමළ අයෙකුට, ”හීනජන්මී” ලෙස හඳුන්වන ලද අයෙකුට, ”පිරිසිදු කරන්නා” ශ්‍රේණියෙන් ඉහළ රැුකියාවක නිරත වීමට දෙමළ ‘ඉහළ’ (වෙල්ලාල* සමාජය ඉඩ දුන්නේ නැත. 1956 සහ 1957 නීති මෙතෙක් විධිමත් ව කි‍්‍රයාත්මක නොවුව ද ඒ ප‍්‍රතිපාදන අනුව උතුරු සහ නැගෙනහිර සාමාන්‍ය දෙමළ ජනයාට තමන්ගේ මවු භාෂාවෙන් පාසල් අධ්‍යාපනය පමණක් නොව සරසවි අධ්‍යාපනය ලැබීමට සහ උසස් රැුකියා ලබාගැනීමට අවස්ථාව උදා විය. කෙසේ වෙතත්, දෙමළ සමාජය තුළ 1956 සමාජ දුබලතා වැලැක්වීම සඳහා විධිවිධාන නීතිය විධිමත් ව කි‍්‍රයාත්මක දැ’යි සැක සහිතය. ස්වභාෂා (මවු භාෂා* අරගලය සහ රාජ්‍ය භාෂා නීතිය නොවේ නම්, සිංහල සහ ලංකාවේ දෙමළ ජීවමාන ප‍්‍රායෝගික භාෂා, නිර්මාණාත්මක භාෂා ලෙස සංවර්ධනය වේ දැ’යි හෝ පිලිපීනයේ, අපි‍්‍රකානු මහද්වීපයේ ස්වභාෂාවලට හිමි වී ඇති ඉරණම සිංහල සහ ලංකාවේ දෙමළ භාෂා භාවිතයට උරුම නොවේ ය’යි සිතීමට නොහැකි ය. 

ඉංගිරිසියට තිබූ රාජ්‍ය භාෂා තත්වය අහිමි වීම ගැන දැඩි ලෙස විරුද්ධ වූයේ දිවයිනේ බර්ගර් ජන කොටස සහ ඉංගිරිසිය තමන්ගේ මවු භාෂාව ලෙස භාවිත කරන ලද ඉහළ පන්තියේ ධනවත් සිංහල සහ දෙමළ ”කොලනි ඒජන්තලා”/”කළුසුද්දන්” ය. ඔවුන් තමන්ගේ මවුබස ලෙස භාවිත කළේ සිංහල හෝ දෙමළ නොවේ. 1956 සමාජ දුබලතා වැලැක්වීම සඳහා විධිවිධාන (ඡුරුඩැබඑසදබ දෙ ීදජස්ක ෘසි්ඉසකසඑසැි ්ජඑ* නීතිය වෙල්ලාල ඉහළ පෙළන්තියේ උත්තරීතර බවට දැඩි ලෙස හරස් වුව ද එය වසං කොට මුල් තැන රැුක ගැනීමට ගත් අළුත් ආයුධය ”භාෂා අයිතිය” විය. ඉංගිරිසිය වෙනුවට ස්වභාෂා අයිතිය නීතියෙන් තහවුරු කිරීම සාමාන්‍ය සිංහල සහ දෙමළ ජනතාවට ආශීර්වාදයක් වුව ද, දෙමළ ලිවීමට සහ කියවීමට නොදත්තේය’යි කියන, චෙල්වනායගම් ඇතුළු ඉංගිරිසි උගත් වෙල්ලාල දෙමළ ඉහළ පෙළන්තිය, ”කොලනි ඒජන්තලා”/”කළුසුද්දන්” 1950 දසකයේ දෙවෙනි භාගයේ සිට වර්ගවාදී/ජාතිවාදී අරගලයට ”භාෂා අයිතිය” ආයුධයක් ලෙස භාවිත කරමින් ද්‍රවිඩ/දෙමළ සාමාන්‍ය ජනතාව භාෂාව මගින් බැඳ තබාගෙන උතුර සහ නැගෙනහිර දේශපාලන බැඳීම ශක්තිමත් කරනු ලැබීය. දෙමළ නොවෙන සමහරුන් ද මංමුලා වූවන් බවට පත් වී ඇත.

චෙල්වනායගම් දෙමළ වාර්ගික රාජ්‍යයක් සඳහා වර්ගවාදී පදනමෙන් ව්‍ය.ව. 1949 දී ආරම්භ කළ ”ඉලංකෛ තමිල් අරසු කච්චි” (ක්‍ඔීඡු* දේශපාලන පක්‍ෂය, යාපනේ පැවති මාක්ස්වාදී සහ සියලූ දේශපාලන ව්‍යාපාර මැඩ ගෙන ව්‍යාප්ත විය. යුරෝපීය, පුර්තුගීසි ආක‍්‍රමණිකයන්ගේ කාලයේ සිට දෙමළ සමාජය තුළ පැවති කතෝලික/කි‍්‍රස්තියානි සහ හින්දු භක්තික ගැටුම තමිලක්කම්/දෙමළ වර්ගවාදය සහ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත ව්‍යාපාරය තුළ යටපත් වුව ද මෙතෙක් සමනය වී නැත. අළු යට ගිනිපුපුරු මෙනි. දෙමළ වර්ගවාදයේ වත්මන් ”ගොපල්ලන්ගේ” කි‍්‍රයා කලාපය අනුව මතු දිනෙක හෝ සමනය වීම සැක සහිත ය. ඉංගිරිසි කොලනිවාදීන් විසින් දෙමළ කොලනි බවට පත් කරන ලද උතුරු සහ නැගෙනහිර පළාත් දෙක ව්‍ය.ව. 1950 වසරට පසු දේශපාලනික වශයෙන් බැඳුණු ප‍්‍රදේශයක් බවට පත් වූයේ යාපනේ, ප‍්‍රධාන වශයෙන් වෙල්ලාල කි‍්‍රස්තියානි දේශපාලකයන් ප‍්‍රමුඛ දෙමළ වර්ගවාදී/ජාතිවාදී ව්‍යාපාරය තුළිනි. 

1960 සහ 70 කාලයේ යුරෝපයේ, බටහිර රටවල පැතිරුණු තරුණ දේශපාලන පෙළගැසීම්, නැගිටීම් සහ ආසියා, අපි‍්‍රකා, දකුණු ඇමරිකා භූමි තුළ, විශේෂයෙන් ම වියට්නාම්, කොරියා, ලා ඕස්, කාම්බෝජ, කියුබා ආදී රටවල විමුක්තිය සඳහා පැවති දේශපාලන ව්‍යාපාරවලින් උත්තේජනය ලද ලංකාවේ තරුණ කොටස් සමාජ සහ ආර්ථික පීඩනයෙන් මිදීම සඳහා විවිධ දේශපාලන සංවිධාන පිහිටුවා ගනු ලැබීය. දෙමළ සහ සිංහල තරුණ දේශපාලන කණ්ඩායම් රැුසක් බිහි විය. සියලූ දෙමළ කණ්ඩායම් ”ඊළාම්” (සිංහල* විශේෂණය සහිත විය. සන්නද්ධ අරගලය මගින් දේශපාලන බලය ලබා ගැනීම අරමුණ විය. දේශපාලන දැක්ම සමාන වූ සමහර සිංහල සහ දෙමළ කණ්ඩායම් අතර යම් යම් සම්බන්ධතා ගොඩ නැගෙමින් තිබුණි. මේ තත්වය සහ වෙල්ලාල නොවෙන පුරවැසියෙකු පළමු වරට 1970 දසකයේ සෙනෙට් මන්තී‍්‍ර පදවියකට සහ රජයේ ඇමති තනතුරකට පත් කිරීම වෙල්ලාල ”උත්තරීතර” බවට හිතකර නොවීය.

දෙමළ තරුණ කණ්ඩායම් අතරෙන් නොමග ගොස් ඝාතන මගින් ”දෙමළ නව කොටි” ඉදිරියෙන් විය. යම් සලිත වීමක් නිසා වෙල්ලාල ආධිපත්‍යය සහිත දෙමළ දේශපාලන පක්‍ෂ ”ද්‍රවිඩ එක්සත් පෙරමුණ” නමෙන් එකමුතු විය. ඒ අතර ”දෙමළ නව කොටි” වඩාත් සන්නද්ධ ව ”දෙමළ ඊළාම් විමුක්ති කොටි” (ඛඔඔෑ* බවට පත් විය. වෙල්ලාල නායකයන් ”ද්‍රවිඩ එක්සත් පෙරමුණ” ටික කලෙකින් ”ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ” (ඔඹඛත්‍* ලෙස යළි නම් කොට ‘එල්.ටී.ටී.ඊ.’ සමග සමපාත වීමට පෙළගැසී ඇත. පෙරමුණ පිහිටුවීමෙන් පසු දෙමළ ජාතිවාදී දේශපාලන බැඳීම බලවත් විය. (වතුකර ප‍්‍රදේශය සම්බන්ධ යාපනේ වෙල්ලාල නායකයන්ගේ අදහසට එකඟ නොවූ ”ලංකා කම්කරු කොන්ග‍්‍රසය” ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට සම්බන්ධ වූයේ නැත.* ටික කලෙකින් 1976 වසරේ වඩුක්කෝඬේ ප‍්‍රකාශය මගින් තමන්ගේ සටන ”ඊළාම්” සඳහා බව සහ සිතිියමකින් ”ඊළාම් භූමිය” ද ලකුණු කොට, එල්.ටී.ටී.ඊ. සංවිධානය ”අපේ ළමයි” යනුවෙන් තමන්ගේ සන්නද්ධ අංශය බව ප‍්‍රකාශ කරමින් තමන්ගේ අරමුණ ඉටු කරගැනීම සඳහා සහ අහිමි වෙමින් තිබූ වෙල්ලාල ආධිපත්‍යය රැුක ගැනීමට උත්සාහ දරා ඇත. ”දෙමළ ඊළාම් විමුක්ති කොටි” සන්නද්ධ බලය සකී‍්‍රය ව පැවති කාලය තුළ එය සාර්ථක නො වීය. එල්.ටී.ටී.ඊ. නියෝග වලට සහ කි‍්‍රයාමාර්ගයට අවනත වීමට සිදු විය. 

දෙමළ රාජ්‍යයක් සඳහා වූ වාර්ගික සන්නද්ධ බලය, රාජ්‍ය හමුදා විසින් අහෝසි කරන ලද 2009 වසර වෙන තෙක් සියලූ දෙමළ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන මෙහෙයවනු ලැබුවේ ”දෙමළ ඊළාම් විමුක්ති කොටි” සන්නද්ධ බලය මගිනි. ඔවුන් විසින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, ඊළාම් සංවිධාන ඇතුළු සියලූ දෙමළ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සහ උතුරු පළාතේ දෙමළ ජනතාව 2005 ජනපතිවරණයේ දී නිශ්කී‍්‍රය කරනු ලැබීය. ඔවුන්ට එරෙහි වූ දෙමළ දේශපාලන නායකයන් සදහට ම නිහඬ කළහ. ඇතැම් ඊළාම් සංවිධාන සංහාරයට ලක් කළහ. ප‍්‍රධාන වශයෙන් ම භීෂණය මගින් යටපත් ව තිබූ දෙමළ කුලවාදය ව්‍ය.ව. 2009 වසරෙන් පසු නැවත කි‍්‍රයාත්මක ව ඇති බව සහ කි‍්‍රස්තියානිකරණය වේගයෙන් සකී‍්‍රය වී ඇති බව ප‍්‍රශාන්ත් කුගනාතන්, එම්. මාදවන් ආදී විද්වතුන් පැහැදිලි කොට ඇත.66 යළිත් වෙල්ලාලයන් දෙමළ සමාජයේ සහ දේශපාලන කී‍්‍රඩා පිටියේ සියලූ මූලික ස්ථානවල බලවතුන් වී ඇත. 

දෙමළ ජනයා ඇතුළු ලක්වැසි සියලූ දෙනාට සාමය සහ සැනසුම උදා කරමින් 2009 වසරේ ”දෙමළ ඊළාම් විමුක්ති කොටි” ත‍්‍රස්තවාදය මැඩලනු ලැබීය. වර්ගවාදී දෙමළ වෙල්ලාල පක්‍ෂ සහ ඊළාම් කණ්ඩායම් එක් වී නව පෙරමුණකින් ඉදිරියට පැමිණ ඇත. ”දෙමළ ජාතික සංධානය” (ඔ්පසක භ්එසදබ්ක ්කකස්බජැුඔභ්* උතුරු සහ නැගෙනහිර පළාත් වාර්ගික භූමියක් කරගැනීමට මේ දක්වාත් පවතින පුරාණ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය ඝාතනය, සංහාරය කිරීමේ නිරත වී ඇත. ඇතැම් හින්දු නොවෙන ටී.එන්.ඒ. ප‍්‍රධානීන් පුරාණ සිංහල බෞද්ධ වෙහෙර විහාර, පුරාවිද්‍ය ස්ථාන විනාශ කිරීමේ නිරත වෙන්නේ හින්දු ආගමික උන්නතිය සඳහා දැ’යි පැහැදිලි නැත. වර්ගවාදය ජනිත කළ අයගේ දරුමුණුපුරු පරම්පරාව වර්ගවාදී/ජාතිවාදී උග‍්‍ර අන්තගාමීන් වූ ”නාසිවාදී” වී ඇත. ජාතිවාද විරෝධී සමහර දෙමළ ජනයා ඔභ් ”දෙමළ නාසි සංධානය” ලෙස හඳුන්වනු ලබයි. 

ලෝකයේ බිහිසුණු ම වර්ගවාදියා, ජාතිවාදියා වූ හිට්ලර් යුදෙව් ජනයා සහ ඔවුන්ගේ වසර දහස් ගණනක් පුරාණ ආගම, සංස්කෘතිය සමූල ඝාතනය කළ, සංහාරය කළ ”මහා නාසි වාදියා” විය. ඔහුගේ අනුගාමිකයෝ, සහායකයෝ ද ම්ලේච්ඡු ”නාසිවාදියෝ” වූහ. වර්තමාන දේශපාලනයේ නිරත උග‍්‍ර වර්ගවාදී, ජාතිවාදී වෙල්ලාල නායකයන්, ඓතිහාසික යුගය ආරම්භයේ සිට වසර දෙදහස් පන්සියයකට වැඩි ඓතිහාසික, ආර්ථික සහ සංස්කෘතික උරුම සහිත සිංහල ජාතික ජනයාට සහ ඔවුන්ගේ ආගමට, බෞද්ධ සංස්කෘතියට එරෙහි ”ජන ඝාතක”, ”සංස්කෘතික ඝාතක” සහ ”මානව ශිෂ්ටාචාර විරෝධී” කි‍්‍රයා මගින් ම්ලේච්ඡු නාසිවාදීන් බවට පත් වී ඇත. ඔවුන්ගේ අනුගාමිකයෝ සහ සහායකයෝ ද නාසිවාදීයෝ ම ය. උතුරු සහ නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක සියලූ දෙමළ දේශපාලන පක්‍ෂ, සංවිධාන මෙහෙයවන උග‍්‍ර වර්ගවාදී, ජාතිවාදී වෙල්ලාල නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් සහ සහායකයන් සියල්ලන් ම ම්ලේච්ඡු ”නාසිවාදියෝ” නාමය ලැබීම නම්බු නාමයක් ලෙස සලකනවා දැ’යි නො දනිමි.

ඓතිහාසික, ආර්ථික සහ සංස්කෘතික උරුම සහිත සිංහල ජාතික ජනයාට සහ ඔවුන්ගේ ආගමට, බෞද්ධ සංස්කෘතියට එරෙහි ”ජන ඝාතක”, ”සංස්කෘතික ඝාතක” සහ ”මානව ශිෂ්ටාචාර විරෝධී” කි‍්‍රයා මගින් ම්ලේච්ඡු නාසිවාදීන් බවට පත් වී ඇත. ඔවුන්ගේ අනුගාමිකයෝ සහ සහායකයෝ ද නාසිවාදීයෝ ම ය. උතුරු සහ නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක සියලූ දෙමළ දේශපාලන පක්‍ෂ, සංවිධාන මෙහෙයවන උග‍්‍ර වර්ගවාදී, ජාතිවාදී වෙල්ලාල නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් සහ සහායකයන් සියල්ලන් ම ම්ලේච්ඡු ”නාසිවාදය” තමන්ගේ දේශපාලන න්‍යාය, ප‍්‍රතිපත්තිය සහ කි‍්‍රයාමාර්ගය ලෙස සලකන බව පෙන්නුම් කරයි.

උතුරු නැගෙනහිර දේශපාලන දැඩි බැඳීම ආරම්භ වූයේ චෙල්වනායගම්ගේ දෙමළ රාජ්‍යයක් සඳහා වූ දෙමළ වර්ගවාදී සටන් පාඨ තුළිනි. (තමිලක්කම් ව්‍යාපාරය, පනහට පනහ ව්‍යාපාරය/සමස්ත ලංකා දෙමළ සංගමය සහ දෙමළ රාජ්‍යය පක්‍ෂය යන දේශපාලන ව්‍යාපාර බිහි කළ, ඒවායේ ප‍්‍රධාන විධායක අධ්‍යක්‍ෂලා වූ වෙල්ලාල දෙමළ ප‍්‍රධානීන් තිදෙනා ම ඉංගිරිසීන් විසින් නිර්මාණය කරන ලද බැරිස්ටස්ලා (ඊ්රරසිඑදරි* වූහ. තේසවලාමෙයි නීතිය අනුව ඒ ”දෙමළ රාජ්‍යයේ” පාලකයන් වීමේ අයිතිය සහ වරප‍්‍රසාදය වෙල්ලාලයන්ට පමණක් හිමි බව ඔවුන් දැනුවත් ව සිටි බව නිසැක ය. ඔවුන් කොළඹ ඉතා සුඛොපභෝගී ජීවිත ගත කළ, ඉංගිරිසි කොලනිවාදීන් නිර්මාණය කරන ලද, ඔවුන් ඉතා කුළුපගව ඇසුරු කළ, දේශපාලන අද්වකාත්ලා වූහ. ”දෙමළ කොලනි ඒජන්තලා” (ඔ්පසක ක්‍දකදබස්ක ්ටැබඑි* වූහ. ”දෙමළ කළුසුද්දෝ” වූහ.* ( ඉන් වසර දසක කීපයකට පෙර, වෙල්ලාල කුල නො වෙන මලබාර් ද්‍රවිඩ/දෙමළ ජනයාට හිමි වහල් සමාජය බව තහවුරු කිරීමට පොන්නම්බලම් රාමනාදන් ඉංගිරිසි කොලනි පාලකයන් 1806 නීති ගත කළ තේසවලමෙයි නීතිය මගින් වෙල්ලාලයන්ට හිමි කරන ලද අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව කරුණු දක්වමින් පි‍්‍රවිකවුන්සිලයේ පිහිට පතා ඇත.(* බි‍්‍රතාන්‍ය කොලනි පුරවැසියන්ට හිමි වූ අවසාන අභියාචනා අධිකරණය-1972 ජනරජ ව්‍යවස්ථාවෙන් අහෝසි කරනු ලැබීය.*

ශී‍්‍ර ලංකාවේ වාර්ගික ජාතිවාදී නාසිවාදීන්ට ආරම්භයේ සිට රැුකවරණය, පුහුණුව, ආයුධ, මුදල්, උපදෙස් ආදිය සපයමින් සියලූ ආකාරයෙන් සහායකයන් වෙන ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, බි‍්‍රතාන්‍යය, නෝර්වේ ඇතුළු යුරෝපීය බටහිර රටවල බලධාරීන්ගේ සහ හිටපු මහ ලේකම් බැන්කි මූන් වැනි එ.ජා.සං. යේ සිටි සහ සිටින නිලධාරීන්ගේ හෘද සාක්‍ෂිය ”නාසිවාදී” නාමය ගැන යළි යළිත් සිතිය යුතුව ඇත.

…. අවසාන කොටසට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress