නැගෙනහිර සිංහල, දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ…පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ඉඩම් කොල්ලයට හවුල්වෙලා
Posted on August 30th, 2023

 Lanka Lead News

පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මුදල් වලට තමන්ගේ ඉඩම් අනීතික ලෙස වෙනත් පාර්ශව වලට පවරාදෙන බව පවසමින් පොතුවිල් කනගර් ප්‍රදේශයේ  සිංහල, දෙමළ ජනතාව උද්ඝෝෂණයක නිරත විය.

එම ජනතාව පවසන්නේ 1980 ගණන් වල සිට තමන් මෙම ඉඩම්වල පදිංචි වී සිටි බවත්, යුද්ධයෙන් අවතැන්වී අනාත කඳවුරුවල සිටිය දී නැවත මෙම ප්‍රදේශයේ පදිංචි කළ බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි බොහෝ නිලධාරීන් තමන්ට මෙම ස්ථානයේ ජීවත් වීමට ඉඩ නොදෙන බවත්ය.

මෙම මහා ඉඩම් මංකොල්ලය පිටුපස ඉඩම් විකුණන කොන්ත්‍රාත්කරුවන් පිරිසක් ද සිටින බවත්, අදාළ නිලධාරීන් මුදල්වලට ඔවුන් සමග එක්වී කටයුතු කරන බවත් ජනතාව පවසති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress