අමෙරිකානු තානාපතිනිය රටේ ස්වෛරීභාවයට බරපතළ තර්ජනයක්… ඇය ගැන වහාම පියවරක් ගන්න – ජාතික සංවිධාන එකමුතුව විදේශ ඇමැතිවරයාට ලිපියක් භාරදෙයි
Posted on August 31st, 2023

Courtesy AdaDeran

මෙරට අමෙරිකානු තානාපතිනිය වන ජූලි චංග් මහත්මිය විසින් හැසිරෙනු ලබන්නේ විදේශ තානාපතිවරියක් ලෙස නොවන බවත්, ඇය මෙරට ස්වෛරීභාවට දැඩි තර්ජනයක් එල්ල කරන බවත් පෙන්වා දෙමින් ජාතික සංවිධාන එකමුතුව අද(31) විදේශ කටයුතු අමාත්‍යවරයාට ඇය පිළිබඳව චෝදනා සහිත ලිපියක් භාර දීමට විදේශකටයුතු අමාත්‍යංශයට පැමිණියහ.

එහිදී එම සංවිධාන එකමුතුව වෙනුවෙන් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ ගෝල්ෆේස් අරගල සමයේ සිටම ඇමරිකානු තානාපතිනිය මෙරට අභ්‍යන්තර කටයුතුවලට බරපතළ ලෙස බලපෑම් කළ බවත්, ඇය විසින් වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝණය කර ඇති බවත් ය.

ඇයට එරෙහිව චෝදනා විශාල ප්‍රමාණයක් තිබුණ ද විදේශ කටයුතු අමාත්‍යංශය හා විදේශ ඇමැතිවරයා ඇයට එරෙහිව කිසිඳු පියවරක් ගෙන නොමැති බවද ඒ මහතා මෙහිදී පැවසීය.

ඇමරිකානු තානාපතිනිය කටයුතු කරන්නේ මෙරට යටත් විජිත ලේකම්වරිය ලෙසින් බවත්, ජනාධිපතිවරයා කටයුතු කරන්නේ ආණ්ඩුකාරවරයා ලෙසින් බවත් පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, වහාම ඇයව කැඳවා මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට විදේශ ඇමැති අලි සබ්රි මහතා කටයුතු කළ යුතුව ඇති බවත් සඳහන් කළේය.

මෙම අවස්ථාව නියෝජනය කරමින් ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය අනුලා විජේසුන්දර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, අනුරාධ තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරන ලදී.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress