මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ ඇත්ත කතාව
Posted on October 1st, 2023

Sri Lanka News

ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්දැයි නොදැන විවිධ පුද්ගලයින් නිගමනවලට පැනීමට උත්සාහ කිරීම සහ මෙම ප්‍රශ්නය ගැන අදහස් දැක්වීම ඉතා කණගාටුදායක ය.

නීතිපතිවරයා ඔහුව දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගේ නියෝගය වෙනස් කරන ලෙසට කී බවට උගත් මහේස්ත්‍රාත්වරයාගේ චෝදනාව සම්පූර්ණයෙන් වැරදිය.

‘මහේස්ත්‍රාත්වරයා ව නිල/පෞද්ගලික තනතුරු දෙකෙන්ම වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති ගරු අභියාචනාධිකරණයෙහි, ගොනු කරන ලද රිට් අයදුම්පත් 7 න් තුනක, කරුණු තහවුරු කිරීම  2023.10.11 දිනට යෙදී ඇත.

 මේ අනුව 2023.09.14 දින ඔහු නීතිපතිවරයාගේ සහය ඉල්ලා ඔහු වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් යවයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2023.09.15 දිනැති ඔවුන්ගේ ලිපිය මගින් මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

 අවශ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ඇතිව 2023.09.21 දින මහේස්ත්‍රාත්වරයා සමඟ සාකච්ඡා කිරීමට නීතිපතිවරයා තීරණය කළේ මේ පසුබිම තුළය.

 ඒ නිසා මුලින්ම, ඔහුව මහේස්ත්‍රාත්වරයෙකු ලෙස ‘කැඳෙව්වේ’ නීතිපතිවරයා විසින් නියෝගය වෙනස් කරන ලෙස ඔහුට බලපෑම් කිරීමට නොවේ.

 නමුත් එකී මුණ ගැසීම පැවැත්වුණ අතර, පෙර කී රිට් ඉල්ලීම් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් වන රජයේ අධිනීතීඥ කණ්ඩායමට උපදෙස් ලබා ගැනීම සඳහා සේවාදායකයෙකු ලෙස ඔහුගේ මහේස්ත්‍රාත්ධූර තත්වයෙන්ම ඔහු ඊට සහභාගී විය. එබැවින් එය ඇත්ත වශයෙන්ම උපදේශක-සේවාදායක සබඳතා හමුවක් විය.

 ඔහු හොඳින්ම දන්නා හේතූන් මත, ඉතා උනන්දුවෙන් රැස්වීමට සහභාගී වූ ඔහු, මෙම අභූත/බොරු චෝදනාව එල්ල කර ඇත.

මෙම රැස්වීමේ සැබෑ අරමුණට දෙබිඩි අර්ථයක් දීම ඔහු අතින් සිදු වන සදාචාර විරෝධී මෙන්ම වෘත්තීය විරෝධි ක්‍රියාවකි.

ඉහත දැක්වෙන්නේ මෙම සමස්ත සිදුවීම සම්බන්ධයෙන් වූ නිවැරදි සත්‍ය පසුබිමයි.,

අදාළ ලිපි දෙක පහත දක්වා ඇත.

(උපුටා ගැනිමක්)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress