කඳු බෝඩ වෙනුවට කඳු උඩ භාවනා මර්+ මස්+ තාන + රකුස් භාවනා
Posted on October 9th, 2023

පාලිත ආරියරත්න

මෙම මධ්‍යස්ථානය සකස් වන්නේ බොහෝ දුරට දැනට අවරුදු ගනනාවකට පෙරය එනම් යුද්ධයේදී එල් ටි ටි ය පරාජයවී යාමත් සමගමය. එසේ සිතීමට ආසන්නම හේතුව යුද්ධය පරාජය වූ පසු හමුදාවේ මානුෂිය මෙහෙයුම් ප්‍රතික්ෂේප කල කණ්ඩායම් මහනුවර ප්‍රදේශයෙන් පන්සලක් තැනීමට ඉඩමක් මිලදී ගැනීමට උත්සහා කරන බව නුවර මාධ්‍ය කරුවන්ගේ සවනට ඇසුණු බැවිනි.රකුස් භාවනා මධ්‍යස්ථානය ප්‍රධාන ඉලක්කය වන්නේ බුද්ධ ශාසනය විනාශ කිරීමය එය කොතෙක් දුරට සිදුවෙනවාද කිවහොත් ඔවුන් ඔවුන්ගේ භාවනා කණ්ඩායම වෙත පවසන්නේ තමන් බුදුවී ඇති බවත් ඔවුන්ගේ මධ්‍යස්ථානවලට පිටින් ඇති පන්සල් වෙහෙර විහාර ආදියේ තිබෙන්නේ වැරදි බුද්ධාගම බවත්ය. බුදුරජුන්ට කමටහන් දීම වැරදි රහතන් වහන්සේලා පවා පිහියකින් ගෙල සිදලගෙන මැරී ඇතිබව බවද පවසයි. මෙම මර් +මස් +තාන වෙත ගිය භෝ පිරිස් එදිනෙදා සමාජයේ පවසන්නේ අපේ ආචාර්ය වෙත යන් මල්ලි නියම තැනක් කියාය. තවද මෙම රකුස් ස්ථාන වෙත ගිය පිරිස් පවසන්නේ කඳු බෝඩ වෙනුවට කඳු උඩ ඇති මෙවන් තැන් වලින් නිවැරදි කමටහන් ලබදෙනබවය.

ඉතින් මෙම තැන්වල ඇති කරුණු කාරනා ගැන විමසීමේදී මාධ්‍ය කරුවන් වන අපහට දැනගත හැක්කේ. නිසල බාවය සහ වර්තමානයේ ජීවත්වීම හා අනිත්‍ය හිත් පිත්වල මැවීමට මෙම අලුත් ගනයේ ආචාර්යවරු දැඩි උත්සහයක් ගන්නේ බුදුරජාණන් වහන්සේටත් වඩා එහාගිය සත්‍යක් ඔවුන් දන්නා බවත් අඟවමින තවද නිවනේ නිවනේ කොටස් දෙකක් තිබෙන බව පුරසාරම් දොඩවමිනි ටිකක් අඩු සහ ටිකක් වැඩි නිවනක් තිබෙන බව පවසයි.

තරුණ කෙල්ලන් කොල්ලන් සමහරවිට විදේශිකයන් මෙම රකුස් ස්ථානවලට ගොස් ඉගෙන ගන්නේ ඇස් කන් ඇති බුද්ධිය ඇති මෙලෝ මිනිසෙක් පිළිගන්නා සත්‍ය නොවේ. ප්‍රභාකරන්ගේ පුතා ඔහුඉදිරියේ වෙඩි කා මියායමක් හුවා දක්වා කථා කරණ අතර මෙම භාවනා ආචාර්ය කරුවන් පවසන්නේ ඉදිරි අනාගත ආත්ම දහසකදිවත් ඔහුට එවන් ඉරණමක් ඇත නොවීමට හේතු වාසනා වේවා කියාය. ඔහුට භාවනා කරද්දී සියුම් දේව ආත්ම දහස් ගණනක් ඔහුවටා ඇවිත් සිටිනබවත් ඕනෑම කෙනෙකුගේ ශරීරරය හ‍රා ඇතුළු ආත්මය දැකීමේ බලයක්ද මේ අළුත් රකුස් භාවනා කරුවන් පවසයි. මෙම රකුස් ආචාර්යවරු බුදුරජුන්ගේ වැරදි හුවා දක්වනවිට එතනට ගොස් සිටින ”අමන රැල” නින්ද සහගත ලෙස උපසහයක් වශයෙන් බුදුරදුන් හට සිනාසෙයි.දළදා මාළිගාවට ගොස් ආශීර්වාදයක් ගනිමු යැයි කෙනෙකු පැවසුවහොත් මේ හිත් පිත්වල අනිත්‍ය මවන ආචාර්යවරු තිගැස්සීමක් ඇතිවෙන අතර ඔතන ඔහොම එකක් නැහැ ඕක බොරුවක්. කාලය නාස්ති කිරීමක් කියා පවසයි.

බුද්ධ ශාසන නීතියට පමණක් නොවේ සාමාන්‍ය නීතියද , අපරාධ නීතියද කඩවෙන විදියට ක්‍රියාකරන මෙම ස්ථාන මෙතුවක් කල් පවතින්නේ කොහොමද කියා ගම්මුනුගෙන් ඇසුවිට ”අපි දන්නේ නැහැ මහත්තයෝ කියා ගම්මුන් පවසයි”.ජාතියේ මළගම සකස් කරණ බුද්ධ ශාසනට විනකටින මෙවන් ස්ථාන පරික්ෂ කිරීමට රහස් බුද්ධි පරීක්ෂණ ක්‍රමයක් පන්සල හෝ සතු නොවීම ඉතා ගැටළු ගැටළු කාරී තත්වයක් වේ. අපහට එහියාමටද බැරිය නමුත් ඉදිරි වැඩසටහන් නිරීක්ෂණය කිරීමට කව්රු හෝ කණ්ඩයමක් යවන බවනම් අනිවාර්යවේ. නොයෙක් අභිධර්ම කල්ලි මවමින් තමා රහත් තමා බුදු වී ඇතිබව පවසන මේ කල්ලි හා තවත් උවදුරු රාශියක් බුද්ධ ශාසනයට එරෙහිව,එදිරිව තිබෙද්දී බොහෝ භික්ෂුන් වහන්සේලා තුෂ්ණීම්භූතව වැඩ සිටීම ඉතා කණගාටු කාරණයක් වන අතර ශාසනයේ මළගම උන්වහසේලා අතින්ම ඉටුවීම් පුදුම සහගතය.මෙවන් භාවනා පන්තිවල පිරිස් දෙස බලාසිටිම පමණක් කිරීම හා නීති කටයුතු කරනන් මෙවන් භාවනා විකුර්ති ප්‍රභේදයන් ගන සොයා බැලීමට මෙම මරමස්ථාන වෙත රිංගා කටයුතු නොකිරීම ඉතාම භයානක තත්වයකි.

මෙම භාවනා මධ්‍යස්ථාන වෙත වැඩියෙන්ම කැඳවන්නේ සිංහල බොදු පිරිස්ය. ඒ ඕලමොල සෝදා හැරීමටමය. පුදුම තත්වයනම් මෙවන් පන්තිවලට නිකන්ම ඇතුල්විය නොහැක මෙම පන්තිවලට ගොස් ඔල මොළ සෝදා ගත් උවස උවසියෙක් ”රෙක්මන්ඩ් ” කලයුතුය හඳුන්වා දිය යුතුය.

Picture Courtecy Googel

සමහරවිට වෙනම ශාලාවල උඩබුරලා ඇඬීමකල හැකිය,කුණුහරුප කි හැකිය,බදාගැනීමට හැකිය, ඒ විතරක් නොවේ අම්මට උනත් බැනිය හැකිය. ඕනෑම විකාරයක් හිතට එනවනම් එය කල හැකිය. මේ ආචාර්යා විසින්මේ පන්තියන මිනිසුන් ශාලාවකට දමා මෙසේ කිරීමට අරමුණු කිරීම අර ඉවෙන්ජෙලිකල් පල්ලිවල හා වෙනත් ඉරානය ආදී රවලට ගොස් අසුරා කාලය තුල පිරිස් විසින් කරගන්නා, වරක් සදහම් හුසේන් මහතා විසින් පවා නැවැත්වූ අශුරා චාරිත්‍ර පැවැත්වීම වාගෙය. අඩු කඩු හා පිහි තුඩවල් හා ළමයින් පමණි. දෙවන දිනයේ හොඳට කෑම වේලක් ලබාදී ශාලාවට දමා ඔය උඩ තිබෙන ආකාරයේ කැකෝ ගැසීම් , නන්දන වින්දන යත්දී වමනය හෝ බඩ එළියේ යෑමට, කක්කුසියකට යෑමට, කාට හෝ අබාදයක් ඇති වුවොහොත් මේ තක්කඩින් විසින් පවසන්නේ ඔය ”සුද්ධ වීමක් උනේ” භාවනාව වැඩය කියාය.

ඉතින් කාමරේදී සිදුවන්නේ කුමක්ද ඇයි ඔයාට කැහා ගන්න,කුණුහරුප කියන්න කිවේ කියා අපි මාධ්‍ය විසින් වැඩිපුර ඇසුවේ මේ ගැන වැඩිපුර දැනගැනීමටය. එවිට එම ස්ථානයට ගොස් ආතුරයන් වූ මිනිස්සු පැවසුවේ අපේ ආචාරීන් එකට කියන්නේ ” ශරීරය තුල තිබෙන ගැට කපාගෙන යන ක්‍රමයක් ” මේක කඳු බෝඩ ලොකු හාමුදුරුවන්ගේ කලේ ඉඳලා එන ක්‍රමයක් කියාය. අනේ අපෝ ”මේ මොකද්ද මේ” කියා අප කනගාටු වුයේ මෙවන් අපරාධ වලට දෙස් විදෙශ් සංචාරකයන්ද මැදිවෙන බවත්. භාවනාවෙන් බඩ සුද්ධිය හෝ අතවැනීමේ කාන්තාවන්ගේ මාසික චක්‍රය ක්‍රියාමක වන බව කියන මේ කුණු ආචාරයවරුන්ට සමාජයේ දඩුවමක් වශයෙන් ගහලා පැන්නුවත් මදීබවඅප මාධ්‍ය කණඩායමට සිතා ගත්තේය.

මෙම කරුණු විශ්ලේෂණය කරණ දිනය වැහි බර දිනයක් වූ හින්දා අහසෙන් ඇසුණු හෙන හඬ ඇසුනුපසු පැවසුවේ සමහර විට ඔයාලගේ අචාරියා මේක දැනගෙන සද්ධයක් දැම්මාද දන්නේ නැහැ නමුත් මේ පිස්සු කථා දැන් නවත්මු කියාය.

ඒවෙලාවේ එතනට ආ ” විජේනායක ” මෙම පිරිස් හොදින් දන්නා අය්යා කෙනෙකු කිවේ ඕක ඇත්තක් වෙන්න පුළුවන් මම අහලා තියෙනවා ඔයගැන මම වෙලාවක භාවනා කරන්න ඔතනට යනවා කියාය. එතන හිටි ගිහාන් මල්ලිද ඔවු මමත් යනවා කියා කිවේය. ඔහුටත් එහි අයටත් දෙයියන්ගේම පිහිටයි කියා අපිත් මේගැන කෝකටත් සටහනක් තබන්නම් මේ ස්ථානවලට ගිය මිනිස්සුන්ගේ බේරීම පිණිස කියා. විශේෂයෙන් ඒ ඇයි කිවහොත් මෙවන්
රකුස් භාවනා අත්දැකීම ලැබීමට ගිය කවුරු හෝ මෙම ස්ථාන ගැන කවදා හෝ ඇත්ත එලිපෙහෙළි කර සමාජය දැනුවත් කරාවි යන යහපත් සිතුවිල්ලක් අප කණ්ඩායම තුල පොදුවේ ඇති වූ බැවිනි.

රකුස් භාවනා මධ්‍යස්ථානවල ඇති සුවිශේෂ: කරණු කිහිපයක්….

  1. බුදුරජාණන් වහන්සේලා මේ දැනුත් වැඩසිටි.
  2. ඒ වැඩසිටීම පිළබඳ විදේශ හා දේශීය මිනිසුන් දැනුවත් කිරීම.
  3. භාවනාව හා බඩයමක් හා සුද්ධ වීමක් කථා කිරීම
  4. ඕනෑම ශරීර කෘතියක් කරගැනීමට ශාලාවේ අවසර දීම – හැසිරී පෙන්වීමට , හුහඬ , මරලතෝනි, ආදිය හා අනිකුත් දේ.
  5. බුදුරජුන්ට අපහස කිරීම
  6. ත්‍රස්තවාදී නායකයන් ගැන දුක්විම.
  7. නියම බුද්ධාගම අප රටේ නැතිබව හඳුන්වා දීම
  8. දවස් හතර පහේ වැඩසටහන් පටිගත කිරීමට ඉඩ නොදීම.
  9. සුන්දර කාන්තාවන් ඔහුගේ පෙර ආත්මවල සගයන් බව පුන පුනා කීම.
  10. බුදුරජාණන් වහන්සේගේ පින්තුර ආදිය මෙම ස්ථානවල මිනිසුන් ඇදගැනීමට දර්ශනය කර තැබීම.
  11. සිවුරු දරන පැවිදි කෙනකු ආවත් ඔහුගේ යටතේ භාවනා කල යුතු අතර ඔහු කියූ පසු ශාලාවට ගොස් හු හඬ මරලොතොනි හෝ ඕනෑම දෙයක් සිවුරු පොරවා සිටියදීම කලයුතුවිම.
  12. වැඩිය ප්‍රශ්න කලොත් එලියට පලවා හැරීම .
  13. බුදුන් වදාල ධර්මයේ මුල මැද අග මානව දේශනා කර තිබුනත් මෙවන් තැන්වල එසේ නොවේ කියා පැවසීම.
  14. හින්දු දහමේ හා යෝග කොටස් සම්මිශ්‍රනය කිරීම.
  15. ත්‍රිපිටකය යනු සහිත්‍ය ග්‍රන්ථයක් පමණයි.

මෙවැනි නීති විරෝධී භාවනා ආගමික කඩ හරියට අර කතා පුවත් වල සදහන් වන ඩැන්ටේ සංස්කෘතිය වගේය. ඩැන්ටේ සංස්කෘතිය යනු ජුදා හිරෝකා සහ මරියා විසින් නායකත්වය දෙන බුද්ධිමත් යක්ෂයන්ගෙන් සමන්විත ආගමික ඇදහිල්ලකි. එහි ඉලක්කය වන්නේ ඩැන්ටේ හා රියෝගේ ගේ පුනරුත්පත්තිය හරහා නිරයේ ශීතලම ගැඹුර තුළ යක්ෂ රජු නැවත නැඟිවීමයි. ඉතින් මේ බුදුදහම හා සිංහල සංකෘතියට එරෙහිව ඇතිවුන යක්ෂ නැගිටීම පිටු දැකීමට එම ප්‍රදේශයේ සිටින ග්‍රාමසේවකගේ තැන සිට හිඳින යහපත් මිනිසුන් නැගිටීමක්,පිබිදීමක් තිබිය යුතුය. ඊටහේතුව මෙය කථාවක් තුල බිහිවුන සතුරු රාජ්‍යක්‌ නොවේ බුදුන් වහන්සේට එකසිය පනස්වතාවකට වඩා පුජාකළ මේ පින් බිමේම නීති විරෝධිව බිභිවු සතුරු රාජ්‍යක්‌ නිසාවෙනි.

අටවිසි බුදුරජාණන්වහන්සේලා නොව ඊට ඉහත කල්පවල පහලවී සිටි බුදුරජාණන්වහන්සේලාගේ ගුණ සුවඳ අපි ජාතියක් වශයෙන් දනිමු. අපහට ඒ ගැන අමුතුවෙන් කීම අනවශ්‍යය.

Picture Courtesy freepik

”යථාගාරං සුච්ඡුන්නං – වුට්ඨි න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං – රාගෝ න සමතිවිජ්ඣති”

”ගේක වහලය සෙවිලි කරලා තියෙන්නෙ නියම පිළිවෙළට නම්, වැස්ස වහිනකොට එම වහලය තුළින් ගෙට වතුර ගලන්නේ නෑ. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු කරපු සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට රාගය ඇතුල්වෙන්නෙ නෑ”.

  • ජේතවනාරාමයේදී නන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි.
    ධම්ම පදය ඇසුරෙන්

REPORT THIS AD

අවසාන වශයෙන් මෙම රකුස් මධ්‍යස්ථාන වෙත ගිය කාට හෝ මෙවැනි අත්දැකීම් ලැබී ඇත්නම් ඒගැන කාටහෝ කියන්න.ඔබේ දුවාදරුවා , දයාබර බිරිඳ, අනෙකුත් පවුලේ ඥාතින් රැකගන්න. අපට තොරතරු දුන් අය අප කණ්ඩායම් එහි යාමට ප්‍රතිෂේප කිරීම නිසා එම පුද්ගලයන්ගේ සැබෑ තතු එළිපෙහෙළි නොකිරීම නිසාත් එහෙන් මෙහෙන් මෙම ලිපිය කාගේත් ආරක්ෂාවට ලියන්න සිදුවිය.

”ගින්නක් නැතිව දුමක් නගින්නේ නැති නිසාත්” සමාජයට වෙන නපුරක්, කරදරයක්, බුද්ධ ශාසන නීතියට පටහැනි ක්‍රියාවක් මෙහි අනිවාර් යෙන් සිදුවන නිසාත්මෙම සිද්ධිය සමාජ ගතකලයේය.

ඒවගේම යම්කිසි කෙනෙකුට මෙය ලිපිය විකාරයක් හැල්ලක් වශයෙන්ද ගත හැකිය, නමුත් අප පවසන්නේ කඳු බෝඩ වෙනුවට කඳු උඩ භාවනා මර්+ මස්+ තාන + රකුස් භාවනා මධ්‍යස්ථාන දුම්බර කඳු වැටි උඩ අදත් ඔබ එනතුරු නිසොල්මනේ බලා සිටින වගයි.

රාගාධි කෙලෙස් වලින් පිරි මෙවැනි ආචාරයන් පසුපස ඔබ සියල්ල නොගොස් සැබෑ බුදුමග ඔස්සේ යාමට සිත් ඇතිවේවා.

බෞද්ධ ධජය ඔසවමූ …

ඔබ සැමට තෙරුවන් සරණයි!
බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක දේශබන්දු දෙශාඅභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න ‘ජාතික බෞද්ධ බලවේගය කැදවුම් කරු හා සභාපති,TCFBI PEC සභාපති සදාචාර විරෝධී බෞද්ධ ආගමට හැරවීම සොයා බැලීම හා පර්යේෂණ,TCFBI ජාත්‍යන්තර සම්බන්ධීකාරක, සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress