සත්‍ය ධර්මය 4 – සත්‍ය ධර්මය විවර විය – නිවන් දකින ප්‍රතිපදාව (දෙවන කොටස) – විපස්සනාව ප්‍රායෝගිකව
Posted on October 21st, 2023
තිස්ස ගුණතිලක
තරමක් දීර්ඝ ලිපියක් බැවින් ඉවසීමෙන් කියවීමට කරුනාවෙන් ආරාධණා කරමි. ඔබට නිවන් දැකීමට අවශ්‍ය සියළුම ප්‍රතිපදාව මෙම ලිපියේ අන්තර්ගතව ඇතැයි සිතමි.
බුද්ධ දර්ශණය හා නිවන් මග යනු අතහැරීමයි නැතහොත් අතහැරීමෙන් ප්‍රකටවන අල්පේච්ඡතාවයයි. ඔබ සියල්ලම අතහැරීමට සූදානම්නම් නිවන් දැකිය හැකිය. අතහැරීමට නොහැකිනම් නිවන ඔබවෙත ලඟා නොවෙයි.
නිවන් දකින මඟ යනු අතහැරීම සම්පූර්ණ කරන ප්‍රතිපදාවයි.
අතහැරීම පියවර දෙකකින් කල යුතුවන අතර එම පියවර දෙකෙහි අනුපිලිවෙලක් නැත. එනම් පලමුව චෛතසිකවද හා දෙවනුව භෞතිකවද, පලමුව භෞතිකවද දෙවනුව චෛතසිකවද අතහැරහැරීම සිඳුකල හැකිය. සසුන්ගතවන්නන් පලමුව භෞතික අතහැරීම නිවන් මාර්ගය ලෙස තෝරාගත් අයයි. ඹවුන් චෛතසික අතහැරීම සම්පූර්ණ කරන්නේ මහණ පිලිවෙත තුලයි.
සෑම අරමුණක් තුලම භාහිරය ආත්මීයව අල්ලාගන්නා ‘උදය ප්‍රසාද සංඥා ධාරාවත්’ (සමුදය-උදය), බුදුන්වහන්සේ භාහිය දාරුචීරට සිහියට හසුකරගන්නා ලෙස අවවාදකල ‘වය ප්‍රසාද සංඥා ධාරාවත්’ (ප්‍රභාශ්වරය – බුද්ධ ස්වභාවය) අඩංගුය. සෑම කෙනෙක් තුලම බුද්ධ ස්වභාවය නැතහොත් ‘බුදුන් වැඩසිටී’ යයි පවසන්නේ මේ නිසයි. උපන්දා සිට මේ මොහොත දක්වා පැමිනි සංසාර ගමනේදී ඇතිවූ සෑම සිතුවිල්ලක්ම (අරමුණක්ම) විඤ්ඤාණ මායාවට හසුවී භාහිරය ආත්මීය ලෙස ගැනීමෙන් අප සියළු දෙනාම ‘සමුදය (උදය)’ ප්‍රසාද ධාරාව තුල සිරකරුවන් වී සිටිමු (we were locked in the cycle of re-becoming (භව චක්‍රය) hence subject to suffering).
මේ සිරගෙයින් (උදය ප්‍රසාද ධාරාවෙන්) මිදී තමා තුල නිරතුරුවම පවතින බුද්ධ ස්වභාවය (වය ප්‍රසාද ධාරාව) දැකිම/අවබෝධය/මතුකරගැනීම බුද්ධ දර්ශණයයි. මෙය කලහැකිවන්නේ ‘අතහැරීම’ තුලින් පමනමයි.
සුඤ්ඤතාවය තුලින් ප්‍රකටවන අතහැරීම හා විපස්සනාව
බුදුන්වහන්සේ සුඤ්ඤතාවය එනම් භාහිරයේ පවතින කිසිවක ‘දෙයක් යමක් කෙනෙක්’ නැතිබවත් ඒ නිසාම තන්හාවක්/ඇල්මක් හටගැනීමට හේතුවක් නැතිබවත් දේශනාකලේ භාහිරය යනු චෛතසිකවත් භෞතිකවත් අතහැරිය හැකි, අතහැරිය යුතු ස්වභාවයක පවතින්නක් බව අපට අවබෝධකිරීම පහසු කරවනු පිනිසය.
අප ‘ලෝකය’/අනාත්මීය භාහිරය/ස්වභාවධර්මය/යතාර්ථය දකින්නේ විඳින්නේ සංඥාවක් ලෙසය. ස්වභාවධර්මය (යතාර්ථය) ස්තර (layers) පහකින් සෑදී ඇතිබව ‘චූලසුඤ්ඤත සූත්‍ර’ දේශනාවේ බුදුන්වහන්සේ පෙන්වාදෙයි. ග්‍රාම, අරණ්‍ය, පෘතුවි, අකාස සහ විඤ්ඤාණය යන ස්තර පහේ එකතුව ස්වභාවධර්මය/අනාත්මීය භාහිරය/යතාර්ථය ලෙස සද්ධර්මය තුල හැදින්වෙයි. පලමුවන ස්තර සතර ‘ලෝක සංඥාව’ ලෙසද පස්වන විඤ්ඤාණ ස්තරය (විඤ්ඤාණඤ්චායතනය) ‘මම’ හෙවත් ආත්මය හෝ ආත්ම දෘශ්ඨිය අන්තර්ගතවන ස්වභාවධර්මයේ ස්තරයයි (layer).
ලෝක සංඥාවේ සුඤ්ඤතාවය දකින විපස්සනාව ප්‍රායෝගිකව
භාහිරය අපවෙත ලඟාවන්නේ ලෝක සංඥාවක් (ග්‍රාම, ආරණ්‍ය, පෘතුවි හා ආකාශ) ලෙස අරමුණ හරහාය. එන එන අරමුණේ එනම් එන එන ලෝක සංඥාවේ සුඤ්ඤතාවය (දෙයක් යමක් කෙනෙක් නැතිබව) දැකීම/අවබෝධය විපස්සනාවයි.
ලෝක සංඥාවේ සුඤ්ඤතාවය දැකීම/අවබෝධවීම යනු චෛතසික අතහැරීම නොහොත් ‘සක්කාය දෘශ්ඨිය’ ප්‍රහාණයයි.
note: දැකීම = අවබෝධය එනම් තිපරිවට්ටයේ එන කෘත්‍ය ඤාණය බව වටහා ගන්න.
විපස්සනාව මගින් සුඤ්ඤතාවය අවබෝධකිරීම ආකාර කීපයකට සිඳුවිය හැකියි.
- එන එන සංඥාවේ/අරමුණේ සුඤ්ඤතාව දැකීම, උදා; බිත්තිය, ගස, පුටුව, උපාලි ආදි ලෙස එන එන සංඥාව වෙනවෙනම සුඤ්ඤකල හැකිය.
- භාහිරය කුලක (sets) ලෙස ගෙන සුඤ්ඤතාව දැකීම. උදා: දැව වලින් සෑදූ සියළුම භාණ්ඩ, සියළුම තරුණ කාන්තාවන්/පිරිමින්, සියළුම පලතුරු ආදිය.
- භාහිරය ප්‍රදේශයක්, ස්තරයක් (layer) ලෙස සුඤ්ඤතාව දැකීම. ග්‍රාමය තුල පවතින සියළුම සංඥා, කැලය තුල (ආරණ්‍ය) පවතින සියළුම සංඥා, පෘතුවිය මත/තුල පවතින සියළුම සංඥා, ආකාශය තුල පවතින සියළුම සංඥා, (චූල සුඤ්ඤත සූත්‍රය),
- මුළු ලෝකයම (ලෝක සංඥාවම) එකට ගෙන සුඤ්ඤ කල හැකිය.
උදාහරනයක් ලෙස දූරියන් පලතුරේ සුඤ්ඤතාවය විපස්සනාව තුලින් දකින්නේ මෙසේය:
එක ලඟ සිටින දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ලඟ ඇති දූරියන් ගෙඩියක් ප්‍රියජනක වන අතර තවත් අයෙකුට එම දූරියන් ගෙඩියම අප්‍රියජනක විය හැකිය. මේ දර්ශණය (scenario) සිහියට නඟාගන්න. ප්‍රියජනක බවත් අප්‍රියජනක බවත් දෙකම එකම දූරියන් ගෙඩියක තිබිය නොහැකිබව ඔබගේ සිහියට හසුවෙයි. එසේනම් ප්‍රියජනක බවත් අප්‍රියජනක බවත් සංකාර වන්නේ එකිනෙකාගේ විඤ්ඤාණ මායාව තුලබවත් දූරියන් ගෙඩියතුල එවැනි ස්වභාවයන් නැති බවත් දැන් ඔබගේ සිහියට හසුවෙයි. දූරියන් යනු කිසිම රසක් හෝ සුවඳක් නැති ප්‍රියජනක හෝ අප්‍රියජනක නොවන ‘මෙලෝ රසක්’ නැතිව භාහිරයේ පවත්නා හැඩතලයක් පමනක් බව දැන් ඔබගේ සිහියට හසුවන්නේ නම් ඔබ දූරියන් ගෙඩියේ සුඤ්ඤතාවය විපස්සනාවෙන් අවබෝධකලා වෙයි. මෙය සුඤ්ඤතාවය දකින පලමු විපස්සනා ක්‍රමයයි.
දුරියන් ගෙඩිය විපස්සනා කල ක්‍රමවේදය දැන් සියළුම පලතුරු සදහා ආදේශ (apply) කරන්න. එවිට ඔබට පලතුරු සියල්ලේම සුඤ්ඤතාවය කුලකයක් (as a set) ලෙස දැකිය හැකිය.
මෙම විපස්සනාව ඔබ අසල සිටින ‘රූපා හෝ උපාලි’ කෙරෙහි වඩන්න. ඒ සඳහා රූපාගේ හෝ උපාලිගේ රුව ආශ්වාද කරන කෙනෙකුත් එම රූපයේ ආශ්වාදයක් නොදකින (ගැටෙන) කෙනෙකුත් සොයාගෙන එක ලඟ තැබුවේ යයි සිතන්න. මේ දෙදෙනා එක ලඟ සිටින දර්ශණය (scenario) සිහියට හසුකර ගන්න. එක් අයකුට ආශ්වාදයකුත් හා තවකෙකුට ගැටීමකුත් ගෙනදෙන ස්වභාවයක් එකම පුද්ගලයෙකු (රූපා හෝ උපාලි) තුල පැවතිය හැකිදැයි සිතන්න. එසේ නොවිය හැකිබව සිහියට හසුකරගන්න. ආශ්වාදය හෝ ගැටීම පවතින්නේ රූපා තුල හෝ උපාලි තුල නොව ඔවුන් දකිනා දෙදෙනාගේ විඤ්ඤාන මායාව තුල බව දැන් ඔබගේ සිහියට හසුවනු ඇත. එනම් රූපා හෝ උපාලි යනු ‘මෙලෝ රසක් නැති කිසි වටිනාකමක් නැති’ රූප හැඩතල පමනක් බව දැන් ඔබගේ සිහියට හසුවන අතර එම හැඩතලවල සුඤ්ඤතාවය ඔබගේ සිහියට හසුවෙයි.
එක්තරා ගායකයෙකුගේ සිංදුවක් රේඩියෝවෙන් අසනා ඔබ එම සිංදුවට කැමැත්තක් දක්වයි. ඔබ අසල සිටිනා තවකෙක් එම සිංදුව හා ගැටෙන්නේ යයි සිතමු. සිංදුව කණ වෙත එන්නේ අංශු කම්පනයක් හරහා ධ්වණියක් ලෙසිනි. එකම ශබ්දයක/ධ්වණියක ඇලීමක් හෝ ගැටීමක් යන ගුණ දෙකම තිබිය නොහැකිය. ඇලීම (කැමැත්ත) හෝ ගැටීම (අකමැත්ත) ඇතිවන්නේ අසන්නාගේ විඤ්ඤාණ මායාව නිසා ඔහුගේ සිත තුල ජනිතවන සංඥාව තුලය, ශබ්දය (ශබ්ද රූපය) තුල නොවේ. මෙම සංසිද්ධිය සිහියට හසුකර ගැනීමෙන් ශබ්ද රූපයේ ඇත්තේ ‘මෙලෝ රසක් හෝ මිහිරක් හෝ නැති’ ශබ්දයක්ම පමනක්ම බව අවබෝධ කිරීමෙන් එහි ඇති සුඤ්ඤතාවය දැකිය හැකිය.
පොදුවේ ඕනෑම භාහිර රූප හැඩතලයකට (වර්ණ රූප, ශබ්ද රූප, රස රූප, ඝාණ රූප, පොට්ඨබ්බ රූප) මෙම විප්සනාව වැඩීමෙන් එම රූපයේ හෝ රූපය අයත් කුලකයේ (set) හෝ තලයේ (layer) හෝ සුඤ්ඤතාවය එනම් දෙයක් යමක් කෙනෙක් නැතිබව දැකීම නැතහොත් ‘සක්කාය දෘශ්ඨි ප්‍රහාණය’ (චෛතසික අතහැරීම සම්පූර්ණ) කල හැකිය.
මෙම සංසිද්ධිය දුටු ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවට සවන් දෙන කොණ්ඩඤ්ඤ තවුසා මුළු ලෝක සංඥාවම එක මිටට ගෙන සුඤ්ඤ කර, සක්කාය දෘශ්ඨිය දුරුකර, චෛතසික අතහැරීම සම්පූර්ණකර සෝවාන් තත්වය සාක්ශාත් කරගත් සේක. සාදු! සාදු! සාදු!.
චෛතසික අතහැරීම සම්පූර්ණ කරනා ඔබටද සෝවාන් තත්වයට පැමිනිය හැකිය.
විඤ්ඤාණඤ්චායතනයේ සුංඤ්ඤතාවය දැකීම නොහොත් ආත්ම දෘශ්ඨි ප්‍රහාණය
ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාව අසා කොණ්ඩඤ්ඤ තවුසා ලෝක සංඥාව සුඤ්ඤකර (ලෝක සංඥාව සිත තුල සම්භූත කරන භාහිර රෑපයේ අනාත්මීය ස්වභාවය දැකීම) සෝවාන් තත්වයට පත්විය. නමුත් අනෙකුත් තවුසන් සතර දෙනාට (වප්ප, භද්දිය, අස්සජි, මහානාම) සෝවාන් වීමට තෙමසක් පමන ගතවූබවත්, මේ තෙමස තුල ඔවුන් දිගින් දිගටම විපස්සනාව ප්‍රගුණකර සෝවාන් තත්වයට පත්වූ බවත් කියවෙයි.
සෝවාන් තත්වයට පත්වූ පස්‍වග මහණුන් ලෝක සංඥාව සුඤ්ඤකර (ලෝක සංඥාව නිසා සම්භුතවන භාහිරයේ දෙයක් යමක් කෙනෙක් නැතිබව දැකීම) චෛතසික අතහැරීම සම්පූර්ණ කලත් ඔවුන් තුල ‘භව නිරෝධය’ සිඳුවී නැත. ඒ ඔවුන් තමාතුල ඇති/සිටිනා ‘මම’ නොහොත් විඤ්ඤාණඤ්චායතනය සුඤ්ඤකර නැති බැවිනි.
‘මම‘ සුඤ්ඤකරන (ආත්මයක් ‘මමෙක්‘ නැතිබව දකින) විපස්සනාව
ඔබ අසනීපවූවිට ‘කය’ ලෙඩ වෙයි. ඔබ වයසට යන විට ‘කය’ දිරායයි, අවලක්ෂණ වෙයි. අවසානයේදී සම්මත මරණයට පත්වෙයි. මේ සියල්ල සිඳුවන විට ඔබතුල ‘මම’ සිටියේ නම් ඉහත සදහන් සංසිද්ධීන් නැවැත්වීමට හෝ පාලනයක් කිරීමට හෝ ඔබට හැකිවිය යුතුය. මෙම තත්වය සිහියට හසුකර ගැනීම, විපස්සනා කිරීමෙන් ඔබ තුල ‘මමෙක්’ හෝ ආත්මයක් නැතිබව අවබෝධ කල හැකිය. මෙම අවබෝධය ආත්ම දෘශ්ඨි ප්‍රහාණයි.
ස්කන්ධය යනු සද්ධර්මය තුල සත්වයාගේ නිර්වචනයයි.
සත්වයා නැතහොත් ස්කන්ධය තුල මම හෙවත් ආත්මය පිහිටියේ නම් ඉහත සඳහන් ආබාධ වලින් සත්වයා මුදවා ගැනීමට ‘මට’, ආත්මයට හැකිවිය යුතුය. මා (රෑපය) නැමැති සත්වයා ආබාධ වලින් මුදවා ගැනීමට මට (ආත්මයට) නොහැකි වන්නේ මම නැමති රූපය තුල මම අර්ථවත් කරන (define) ආත්ම සංඥාවක් නොමැති බැවිනි. සිහියට හසුකරගත යුතු වන්නේ මෙම සත්‍යයයි.
බුදුන්වහන්සේගේ දේශනාකල ‘අනත්තලක්ඛණ සූත්‍ර’ දේශනාවේ අන්තර්ගතය මෙයයි.
කලින් ලෝක සංඥාවේ සුඤ්ඤතාවය සිහියට හසුකරගත් ඔබ දැන් මෙසේ ස්වභාවධර්මයේ පස්වන ස්තරයේද සුඤ්ඤතාවය අවබෝධ කරගෙන මුළු ස්වභාවධර්මයම පූර්ණ සුඤ්ඤතාවයකින් දකී. මේ සම්පූර්ණ සුඤ්ඤතාවය (total emptiness) සද්ධර්මය තුල දැක්වෙන්නේ ආකිඤ්චඤ්ඤායතනය – nothingness ලෙසය.
භෞතික අතහැරීම පලමුවෙන් සම්පූර්ණකර තවුස්දම් වඩන පස්වග තවුසන් ලෝක සංඥාව සුඤ්ඤකිරීම තුලින් චෛතසික අතහැරීමද, විඤ්ඤාණය තුල මම නැතිබව විපස්සනාවෙන් දකිනා ඔවුන් ආත්ම දෘශ්ඨියද ඒ පිටුපස ඇති ආත්ම සංඥාවද (විඤ්ඤාණඤ්චායතනය) සුඤ්ඤකර ‘භවය නිරෝධ‘ කරයි, භාහිය දාරුචීර මෙන් ‘වය ප්‍රසාද සංඥව – ප්‍රභාශ්වරය’ දකියි. එනම් තමාතුල නිරතුරුවම පවතින බුද්ධ ස්වභාවය හසුකර ගනියි.
ඔබට මෙම ලිපිවල ඇති කරුණු වඩාත් පැහැදිලි කරගැනීමට අවශ්‍ය නම් කරුනාකර
tgunite@tpg.com.au ට විද්‍යත් සන්නිවේදනයක් යොමුකරන්න.
තෙරුවන් සරණයි.
තිස්ස ගුණතිලක
2023 ඔක්තොබර් 22 වනදා