“ඉඩම් අයිතිය ඉල්ලා සිටින ජනතාවට එය ලබාදීමේ ක්‍රියාවලිය රජය ඉදිරි මාස 2 තුළ සාර්ථකව, වේගවත්ව ක්‍රියාත්මක කරනවා; ගොවිතැන කරන, පදිංචිව සිටින ජනතාව, අනවසරද අවසරද යන කාරණාව මත එලවා දමන්නේ නෑ” – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on January 10th, 2024

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

ඉඩම් අයිතිය ඉල්ලා සිටින ජනතාවට එය ලබාදීමේ ක්‍රියාවලිය රජය ඉදිරි මාස 2 තුළ සාර්ථකව, වේගවත්ව ක්‍රියාත්මක කරන බවත්, ගොවිතැන කරන, පදිංචිව සිටින ජනතාව, අනවසරද අවසරද යන කාරණාව මත එලවා නොදමන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2024.01.10 දින අවධාරණය කළේය. ඔහු මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව යටතේ දෙමළ ජාතික සන්ධානයේ පා.ම. චාල්ස් නිර්මලනාදන් මහතා උතුරේ මුලතිව් දිස්ත්‍රික්කයේ, කිසිදු ලියවිල්ලක් නොමැතිව මධ්‍යම පාන්තික ඉඩම්වල (MCC Land) ජීවත් වන බවත්, ඔවුන්ට ඒ සඳහා ඔප්පු ලබාදීම සම්බන්ධයෙන් මෙන්ම ඔවුන්ට රජයේ සුබසාධන දීමනා ලබාදීම පිළිබඳවත් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, මිනිස් ජිවිතයේ පැවැත්ම ගෙනයාමට නිත්‍යානුකූල වුවද එසේ නොවුනද, එම ඉඩම්වල දැනට ජීවිතය ගතකරන සෑම දෙනාට ම, ගොවිතැනට-ධීවර කටයුතුවලට, වෙනත් ආදායම් මාර්ගවලට පිවිසෙන සැම දෙනාට ම, අවශ්‍ය සුබ සාධනය, ආධාර ලබාදීමට රජය බැදී සිටින බවය. පදිංචිය සනාථ කිරීමේ තොරතුරු මත ඉඩම් අයිතිය සහතික කිරීමට ප්‍රමුඛතාව ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“ගරු නිර්මලනාදන් මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නය අපි ඉතාම අගය කරනවා. ඒවාගේම මේ ප්‍රශ්නයට සම්බන්ධව කරුණු රජයේ අවධානයට යොමුවී තිබෙනවා. විශේෂයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පළමුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ යම් යම් ග්‍රාම නිලධාරී කොටඨාශවල දීර්ඝ කාලයක බිම් බෝම්බ වළලා තිබූ ප්‍රදේශ නිදහස් කර ගැනීමට පුළුවන් වුණේ අවුරුදු ගණනාවක ක්‍රියා මාර්ගයන් හරහා. ඒ නිසා සමහර ප්‍රදේශවලට තාවකාලිකව පදිංචි වුණු අය ස්ථීර පදිංචියට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය වූ ආරක්ෂක සහතිකයන් සහ ඒ අයගේ ජීවිත පිළිබඳ සැපයිය යුතු විවිධ සේවාවල් ලබා දීමට අවශ්‍ය කටයුතු ප්‍රමුඛත්වයට ගෙනෙන්න ජනාධිපතිතුමා උතුරු ප්‍රදේශයට ගියපු හැම අවස්ථාවකම ගරු මන්ත්‍රීතුමාලා හා රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා සමඟ සාකච්ඡා කොට අතිරේක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

මේ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ ඔබතුමා සඳහන් කළ විදිහට පවුල් 1600ක ලියවිල්ලක් නොමැති තත්වය මෙලෙස දැනට පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පහත සඳහන් ග්‍රාම නිලධාරී කොට්ඨාශවල මධ්‍ය පාන්තික ඉඩම් පිළිබඳ තොරතුරු මෙසේ ඉදිරිපත් කරනවා. දැනට ලැබී තියෙන තත්වය නිවැරදි කිරීමට ඉදිරියේදී යටත්ව. ග්‍රාම නිලධාරී කොට්ඨශ දේවිපුරම් 140යි, මන්නකන්ඩාල් 66යි, ඉරනෛප්පලායි 10යි, සුදන්දිරපුරම් 23යි, උතුර උඩයාර්කඩ්ඩු 08යි. ඊට අතිරේකව ඉඩම්වල පදිංචි අනවසර පවුල් සංඛ්‍යාව සහ බලපත්‍ර පවුල් සංඛ්‍යාව පහත පරිදි ඉදිරිපත් කරනවා. ඒ විස්තර මම ඉදිරිපත් කරනවා. ඔබතුමාට ලැබෙන්න සලස්වන්නම්.

ඒ අනුව ඇතැම් ඉඩම් කට්ටි සංවර්ධනය නොවූ තත්වයෙන් පැවතීම මත මෙම ඉඩම් කට්ටිවල උතුරු, නැගෙනහිර පළාත්වල පැවති අවතැන් වුණු ජනතාව කොටස් වශයෙන් බෙදාගනෙ පදිංචි සංවර්ධනය කිරිම මත එම අනවසරකරුවන් නියමානුකූල කිරීමට අවශ්‍ය ලේඛන ලබා ගැනීම ගැටලු සහගත වුව ද දිසාපතිතුමා හා ප්‍රාදේශීය ලේකම්වරු හරහා ප්‍රගතියක් ලබා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමත් ඒ පිළිබඳව දක්වන ලද සහයෝගය සංවර්ධන කොමිටියේ මේ අවස්ථාවේ සටහන් කරන්න කැමතියි.

මෙලෙස මධ්‍ය පන්තික පවුල් කුටුම්භ සඳහා ඉඩම් ලබා දීමේ වැඩසටහන යටතේ ලබා දී ඇති ඉඩම් සඳහා මූල්‍ය හිමිකරුවන්, උරුමක්කරුවන් විසින් විවිධ ලේඛන, හිම්කම් ඉල්ලා පැමිණීම මත හිමිකම් ඉල්ලා සිටින්නන්ගේ හා අනවසරයන් යම් එකඟතාවයන් යනු ඇතැම් අනවසරකරුවන් වෙත ලේඛන ලබා දීමට කටයුතු කර ඇතිමුත් ඇතැම් ඉඩම් සඳහා එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැක‍ි වීම හා අනවසරයෙන් සංවර්ධනය කිරීම කරන ලද ඉඩම් සම්පූර්ණයෙන්ම ලබා දීමට ඉඩම් හිමිකරුවන් විසින් එකඟ නොවිම මත ඉදිරි කටයුතු ප්‍රමාද වෙලා තිබෙනවා. ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ අවතැන් වූ හා තවමත් එම ඉඩම්වල පදිංචි වී සිටින බහුතර ජනතාවකට ඔවුනට දැනට ලබා ගෙන තිබෙන MCC ඉඩම් සඳහා නීත්‍යානුකූල ලියකියවිලි නොමැති වීමයි. මේ අයට වෙන කිසිම ප්‍රදේශයක වෙනත් ඉඩම් නොමැතිකම මත මේ ප්‍රශ්නය විසඳීමට අපි කටයුතු කරගෙන යනවා.

ඊළඟට යුධ සමයේ තිබුණු තත්ත්වය නිරවුද කර ගැනීමට පුළුවන් බව ඔබතුමාට අපි දැනුම් දීමට කැමතියි. ඒ වාගේම ජනාධිපතිතුමා  විසින් ප්‍රකාශයට පත්කරන ලද ඉඩම් ඔප්පු ලබාදීමේ ඉලක්කය මේ අයවැය ලේඛනයේ මේ ප්‍රදේශය ද සාර්ථක කර ගැනීමට අවශ්‍ය පියවර ප්‍රමුඛත්වයට ගෙනල්ලා තිබෙනවා.

ගරු මන්ත්‍රීතුමා අහන ඊළඟ වැදගත් කොටස තමයි මේ පදිංචිකරුවන් හැම දෙනාටම ලැබෙන සහනාධාර මේ අයිතිය තිබුණ ද නැද්ද සියලුදෙනාට ලබාදීම සඳහා වූ තත්ත්වයන් ඇති වී තිබෙනවා නම් ඒවාට මැදිහත් වෙන ලෙසයි. රජයේ ප්‍රතිපත්තියක් ලෙස එය පිළිගෙන තිබෙනවා. අපේ දිසාපතිතුමා කැඳවන සංවර්ධන කොමිටියේ දී හි අඩුපාඩුකම් තිබෙනවා නම්, ගරු මන්ත්‍රීතුමාට යළි ඉදිරිපත් කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.

මොකද ඒ සැම දෙනාටම මිනිස් ජීවිතයේ පැවැත්ම ගෙන යාමට නීත්‍යානුකූල ද නොවන ද හෝ එය ඉඩම්වල දැනට ජීවිතය ගත කරන සැම දෙනාට ඒ අවශ්‍ය සුභසාධන හෝ ආධාර ගොවිතැනට, ධීවර කටයුතු සඳහා හෝ වෙනත් ආදායම් මාර්ගයකට පිවිසෙන හැමදෙනාටම ලබා දීමට අපි බැඳී සිටිනවා.”

 ……………….

“ගරු මන්ත්‍රීතුමා කියන කාරණයට ප්‍රමුඛත්වය දෙමින්, ජනාධිපතිතුමා උතුරු ප්‍රදේශයේ යළි සංචාරයක යෙදුණා ගිය සතියේ. සෑම ප්‍රදේශයකම පදිංචිකරුවන්ගේ පදිංචිය සනාථ කොට ඔවුනට ඉඩම් ඔප්පුවේ සනාථ කර ගැනීම සඳහා ලබාගත හැකි තොරතුරු ඉදිරිපත් කිරීම මත ප්‍රමුඛත්වයෙන් මේ ඉඩම් හා පදිංචිය පිළිබඳ සහතිකයන් ලබා දීම අපි ඉක්මන් කරගෙන යනවා. ඉදිරි මාස දෙක තුළ රජය මේ ක්‍රියාත්මක කරන්නට සාර්ථකව වේගවත් කරන්න කටයුතු කරන ආරම්භ කරලා තිබෙනවා මේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින ජනතාවට. ඒ අතරතුර කිසිම ගොවිතැනක් කරන ප්‍රදේශයක හෝ පදිංචියක සිටින ජනතාව අනවසර ද, අවසර ද කියන කාරණාවල් මත එලවා දමන්නේ නැති බවත් ප්‍රකාශ කරන්න කැමතියි.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress