හදිසියේ ධනවතුන් වූ 50,000ක් පසුපස යුක්තිය ලුහුබඳී
Posted on January 15th, 2024

Lanka Lead

ක්ෂණිකව ධනවතුන් වූ විශාල පිරිසක් පසුපස යුක්තිය මෙහෙයුම දියත් කරමින් තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙවැනි පුද්ගලයින් 50,000ක් පමණ ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

සීතාවක පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත්කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේදී ඊයේ (14) පැවැත්විය.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ,

ක්ෂණිකව ධනවතුන් වූ විශාල පිරිසක් පසුපස මේ යුක්තිය මෙහෙයුම ලුහු බඳිනවා. මේක එසේ මෙසේ ඉවර වෙන වැඩක් නෙමෙයි. 50,000ක් ඉන්නවා  අල්ලන්න. ඉවර කරනකම්ම මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. අපරාධවලට ගෑවිච්ච මේ කිසිම මිනිහෙකුට එළියේ ඉන්න ඉඩ දෙන්නේ නෑ. බොහෝදෙනා  අහනවා මේ යුක්තිය මෙහෙයුම ඉවර වෙන්නේ කවදා ද කියලා. අවසන්කරන දවසක් තියෙනවා ඒ තමයි මේ රටේ මව්පියන්ට තමන්ගේ දරුවන් ඉස්කෝලේ ගිහිල්ලා කුඩු ගහයි කියලා ගෙදර එනකම් බයේ ඉන්නේ වෙන්නේ නැති දවසට තමයි යුක්තිය මෙහෙයුම නවත්වන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress