භෂ්ම කරනලද දම්පල් ප‍්‍රකාශය යළි ලියවමු
Posted on January 16th, 2024

මතුගම සෙනෙවිරුවන්

 ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල  නොහොත් සිරි දේවමිත්ත ධර්මපාල ස්වාමීන් වහන්සේ 1933 දී  අපවත් විමෙන් පසු උන්වහන්සේ ගේ  දේහය ආදාහන කරවා ලබා ගත් භෂ්මාවශේෂ වලින් කොටසක් බරණැස මූලගන්ධකුටි විහාරයේ ස්ථූපයක  නිදන් කළ බව පැවසෙයි.අනෙකුත් කොටස 1933 මැයි 07 වන දින හේවාවිතාරණ පවුලේ සාමාජිකයන් විසින් දුම්රිය මාර්ගය ඔස්සේ තලෙයිමන්නාරමට ගෙනවුත් කොලඹට වැඩම කළ බව දක්වා ඇත.විද්‍යෙදය පිරිවෙනේ දී ප‍්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව බොරැුල්ල කනත්තේ විශේෂ සොහොන් ගෙයක මෙම භෂ්මාවශේෂ තැන්පත් කරන්නට ඇතැයි යන්නට තිබෙන සාක්ෂිය වූයේ එහි ශිලාමය අනුස්මරණ ස්ථානයක් සාදා තිබෙන බැවිනි.මෙම ස්ථානය පිළිබඳව සිංහල බෞද්ධයාගේ මතකය ඈත්ව ගොස් තිබුණි. එතැන වල්බිහිව තිබුණි.එ් අතර මරදානේ අග‍්‍රශ‍්‍රාවක විහාරයේ ද ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුවක් ස්ථාපනය වී තිබූ අතර සිරි දේවමිත්ත ධර්මපාල හිමියන් අපවත් වී වසර අනූවක් සපිරුණු 2023 වසරේ දී උන්වහන්සේගේ පිළිරුවක් ස්ථාපනය කරවීමට අවශ්‍යතාවයක් මතු විය. මෙම කාර්යයට නායකත්වය දුන් පූජ්‍ය  බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ධර්මපාල පිළිරුව ද යළි ප‍්‍රතිසංස්රකරණය කිරීමේ අටියෙන් කටයුතු කරගෙන යන විටදී ලංකාවට වැඩම කරවන ලද සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන ලදැයි සැළකෙන  භාජනයක් හමු වී ඇත. එම භාජනයේ සටහන් කරන ලද අක්ෂර වලින් එ් බැව් සනාථ විය.පසුව 2024 ජනවාරි මස 05 වන දා මෙම භෂ්මාවශේෂ දැක බලා ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබා දුන් අතර පසුව අභිනවයෙන් ඉඳි කරන ලද සිරිදේවමිත්ත ධර්මපාල පිළිරුව පාමුළ කුටියක මෙම භෂ්මාවශේෂ තැන්පත් කිරීමට කටයුතු යොදා තිබේ.
        උන්වහන්සේගේ අපවත් වීම සීදු වූයේ 1933 අප‍්‍රියෙල් මස 29 දාය.බරණැස ඉසිපතනයේ දී අදාහනය කරවන ලදුව එ් භෂ්මාවශේෂ සහිත රිදී මංජුසාව මදුරාසියේ දුම්රිය පලේදී හෙන්ද්‍රික් හෙට්ටිගොඩ මහතා භාරගත් බව ඬේවිඞ් කරුනාරත්න මහතා සඳහන් කර ඇත. අනතුරුව තලේමන්නාරම ඔස්සේ රැුගෙන විත් කොළඹ දී පිළිගන්නා ලද්දේ  මල්වත්තේ මහානායකව වැඩ සිටි පහමුණේ සුමංගල මහානායක හිමියන් විසිනි. උන්වහන්සේ  ශ‍්‍රීමත් ඞී.බී.ජයතිලක මහතාණන්ට එය භාරදුන් පසු කොළඹ මාළිගාකන්දේ විද්යෙ දය පිරිවෙනට වැඩම කොට එහි තැන්පත් කර ප‍්‍රදර්ශනයට .තබා 1933 ජූලි මාසයේ තෙමස් පිංකම පසු වූ කල්හි බොරැුල්ල කනත්තේ විශේෂ සොහොන් ගෙයක තැන්පත් කරවූ බව ද කරුණාරත්න මහතා දක්වා ඇත.  නුමුත්  භෂ්මාවශේෂ අඩංගු පිත්තල භාජනයක්  මරදාන අග‍්‍රශ‍්‍රාවක විහාරයේ දී තැන්පත් කර තිබී දැන් හමු වී  ඇත්තේය. එසේ නම් රිදී මංජුසාව බොරැුල්ල කනත්තේද තවත් භෂ්මාශේෂ කොටසක් පිත්තල භාජනයක අඩංගු කර අග‍්‍රශ‍්‍රාවක විහාරයේ ද තැන්පත් කරන්නට ඇතැයි සිතීම යුක්ති යුක්තය.කනත්තේ සොහොන්ගෙයි කිසිම සටහනක් නොතීබීම නිසා මෙය තහවුරු කරන්නට නොහැකිය. කෙසේ වෙතත් තෙමස් පිංකම අවස්ථාවේ දී තවත් විශේෂ සිදු වීමක් ඇති විය. එනම් ධර්මපාල තුමාගේ අපවත් වීමෙන් පසු ලංකාව පුරා ඇති වූ බෞද්ධ ප්රවබෝධයයි. 1914 සිට 1921 දක්වා ධර්මපාල තුමා සිටියේ නිවාස අඩස්සියේය. ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට විරුද්ධව ජනයා උසි ගන්වන්නේ යැයි ඩවුබිගින් ප‍්‍රමුඛ පොලිස් අංශ විසින් ආණ්ඩුවට වාර්තා කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මෙලෙස උන්වහන්සේට ලංකාවට පය තැබීමට නොපුලූවන් විය. පසුව 1921 දී නැවත ලංකාවට පැමිණි පසු මෙරට ජාතික ව්‍යාපාරයේ පසුබෑම එතුමාට පසක් විය.ධර්මපාල තුමා විසින් ඇති කල බෞද්ධ ප‍්‍රබෝධය තුළින් දේශපාලන පොරපිටියට ආ පිරිස මෙන්ම හිස උදුම්මාගත් ප‍්‍රභූජනයා ද    එවක තිබූ ප‍්‍රධාන පෙලේ පුවත්පතක් මගින්ද කළ අවමාන නිසා එතුමාගේ සිතේ කළකිරීමක් ඇති වූ බව පැවසෙයි.
   ‘ මතක තියාගනිල්ලා සුද්දෝ මේ රට දාල යනවා.උන් යන්නේ උන්ගේ දරුවෝ වාගේ කලූ සුද්දෝ විසි තිස්දහසක් බෝකලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ කලූසුද්දෝ  උන් සිංහල භාෂාවට සිරිත් විරිත් වලට වෛර කරනවා උන් උඹලාගේ දරුවන්ට උගන්වාවි ජාති ආගම් භාෂා බේදයක් එපා කියලා.මේ රට එ්ක්කොටම අයිති කියලා උන් ඉංග්රී සියම රජ කරාවි පන්සල වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරි ගෙයිදිම මරා දමන්න මේ කලූ සුද්දන්ට පුලූවන් බව මතක තියා ගනිල්ලා.එදාට උන් හාමුදුරුවන්ටත් ඉනා බෙහෙත් දේවි’  යයි එතුමා සඳහන් කර ඇත.මෙම ප‍්‍රකාශය ඉතා ප‍්‍රබලය. කලූසුද්දන් දුරු කළ යුත්තේ බණ කීමෙන් නොව නිර්දය ලෙසට පහර ගැසීමෙන් යැයි ධර්මපාල තුමා අවබෝධ කරගන්නට ඇත.මේ ප‍්‍රකාශය මේ වන විට පුලූස්සා භෂ්ම කොට අවසන්ය. එ් ගැන කතානොකොර උන්වහන්සේ ගේ භෂ්මාවශේෂ ගැන පමණක් කතා කිරීම නිරර්ථකය.
  1933මැයි මස දී සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ භෂ්මාවශේෂ රැුගෙන පැමිණි අවස්ථාවේ දී පනස් දහසකට අධික ජනකායක් රැුස්ව පෙරහැරෙන් මාළිගාකන්ද දක්වා පැමිණි බව දක්වා ඇත. එ් බෞද්ධ ප‍්‍රබෝධය තුළින් ඇතිවූ මානසිකත්ය මත   සිහිවටනයක් නිමවීමට උන්වහන්සේගේ දර්ශනය මත පිහිටා සිටි බොහෝ පිරිසක් සිතා සිටින්නට ඇත. නමුත් එය යථාර්ථයක් බවට පත් කරන ලද්දේ  එවකට රාමඤ්ඤ නිකායේ කලූතර දිස්ත‍්‍රික්කයේ මූලස්ථානයව පැවති පයාගල ධර්මගුප්ත පිර්වෙනේ ශිෂ්‍ය පූජ්‍ය ගාල්ලේ සද්ධානන්ද හිමියන්ගේ මූලිකත්වයෙනි. වරාහේන වලව්වේ විලියම් හෙන්ද්‍රික් අල්විස් මහතාගේ ධන පරිත්‍යාගයෙන්  සහ ප‍්‍රධානත්වයෙන් 1933 ජූලිමස06  දින තුඩුගල වඩුගම සුර්ශනාරාම විහාරයේ දී මෙම  සිහිවටන පුවරුව පිහිටුවන ලද්දේය.එය අනගාරික ධර්මපාල නාමයෙන් පිහිටුවන ලද පළමු සිහිවටනය විය. මෙම සිහිවටනය පාමුළ ධර්මාල තුමා කළ අනාගත වාක්‍යය   ද සටහන්ව ඇත්තේය.හේවාවිතාරණ පවුලේ ඥාතීන් එක්ව බොරැුල්ල කනත්තේ ඉඳි කල සොහොන් ගෙය වර්ෂයකට පමණ පසුව ඉඳි කරන්ට ඇතැයි සිතන්නට හැකිය . සාංචි සම්ප‍්‍රදාය අනුව මහත් ගාම්භීර ආකාරයෙන් ගලෙන් නිම කරන ලද එ් සොහොන්ගෙයි කිසිම සටහනක් දක්වා නැත. පිහිටවූ වර්ෂයක්ද නැත. වර්ෂයකට වරක් එහි පැමිණෙන පවුලේ උදවිය පහන් පත්තු කරන බව දැන ගන්නට තිබේ.
      මෙරට ජනතාව එදා පමණක් නොව අදත් හෙටත් බුද්ධිමත් ප‍්‍රකාශ පිළිගන්නා අය නොවේ. එ්වා අනුව යමින් රට ගොඩ නැන්වීමට කටයුතු කරන පුද්ගලයන් සිටින්නේ අතලොස්සකි. නුමුත් රැුල්ලට දුවන අනුකරණයට රැුවටෙන විශාල පිරිසක් ලංකාවේ සිටින බව සත්‍යයකි.සිරි දේවමිත්ත ධම්මපාල යන නමින් 1931 දී පැවිදිව 1933 දී අපවත් වූ ධර්මපාල තුමා ජාතිය ගොඩ නැන්වීමේ කටයුතු අනාගත පරපුරට දායාද කළ බව පැහැදිලිය.වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි අනුගාමිකයන් උන්වහන්සේ ගත් මග ගත්හ. 1891 දී මහාබෝධි සමාගම පිහිටුවලීමෙන් පසු දඹදිව බුද්ධ ගයාවේ බෞද්ධ උරුමය මෙරට බෞද්ධයන්ට ලබාදෙන්නට ශ‍්‍රීමත් අනගාරික ධර්මපාල තුමා කටයුතු කළ ආකාරය කවුරුත් දනිති. බුද්ධ ගයා පරිශ‍්‍රය අයිති කරගෙන සිටි මහන්තා ප‍්‍රමුඛ හින්දු භක්තිකයන් බ‍්‍රාහ්මණ වංශ නඩු කාරයන්ගේ උදව් ඇතිව මෙහි බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත් කිරීමට ඉඩ නොදී කල ආරෝව නිසා නඩු පිට නඩු වැටිණ.එ්වා විසඳාගන්නට එතුමා අප‍්‍රතිහත ධෛර්යයනේ ක‍්‍රියා කලේය.බුරුම රජතුමාගෙන් සහ බ‍්‍රහ්මදත්ත රජුගෙන් උදව් උපකාර ලබා ගත්තේය.මේවා සියල්ල කරන ලද්දේ සිද්ධාර්ත ගෞතමයන් උපන් දඹදිව පිළිබඳ අචල විශ්වාසයකිනි.මහන්තාගේ නඩුවේ දී ඉංග‍්‍රීසි නඩු කාරතුමා මහන්තාගේ පිරිස නිදහස් කළද මහාබෝධි විහාරය හින්දුන්ගේ .තැනක් නොව බෞද්ධ විහාරයක් බව එ් වාර්තාවේ දක්වා ඇතැයි කිව යුතුය. දළදා වහන්සේ ලංකාවට වැඩම කරවන අවස්ථාවේ දී මෙරට රජකල සිරිමෙඝවණණාභය රජු නොහොත් කිත්සිරිමෙවන් රජු විසින් ඉඳි කල සංඝාරාමයක්ද බුද්ධ ගයාවේ තිබේ.එ් විහාරයේ නටබුන් උඩ තානායම් බංගලාව ඇතුළු වෙනත් ගොඩ නැගිලි තනවා ඇතැයි වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා ප‍්‍රකාශ කර ඇත.ලූම්මිනිය(ලූම්බිණිය නොවේ * ජය සිරිමෙහ බෝමැඩ කුසිනාරාව සංකස්ස ආදී දඹදිව බෞද්ධ සිද්ධස්ථානයන්හි වර්තමාන බෞද්ධ ප‍්‍රබෝධය ඇති වන්නේ ධර්මපාල නාමයට පින් සිදු වන්නටයි. වර්තමාන සමාජයේ විකෘති වූ මනැස් ඇති පුද්ගලයන් ධර්මපාල තුමා පිස්සෙක් ලෙසට දක්වමින් ඇත. එතුමා බුද්ධ භූමිය සොයා ඉන්දියාවට ගියේ උමතුවෙන් නොවේ. සම්බද්ධ ශාසනයත් සිංහල ජාතියත් ආරක්ෂා කර ගන්නටයි. අනාගත සිංහලයන් වෙනුවෙන් එ්තුමා කල ප‍්‍රකාශය අදටත් වලංගුය.සියලූ දේම සුද්දන්ට අනුව කරමින් අතේ මිට නැතත් කාබී ලංසි ජීවිතයක් ගත කරන වර්තමාන සමාජය විසින් සිරි දේවමිත්ත ධර්මපාල නාමය පමණක් නොව උන්වහන්සේගේ ප‍්‍රකාශයන්ද  භෂ්ම කරවනු වස් ප‍්‍රයත්න දරනු බව පෙනේ. ධර්මපාල තුමා කී පරිදි  මහා විහාරයන්හි වැඩ වසන ගෞරවනීය මහා සංඝරත්නයට ඉනා බෙහෙත් දී ඇත්ද යන්න අපට නිකමට හිතේ.කලූසුද්දන් රට පාලනය කරති.ඔවුහු සිංහල බසටත් සිරිත් විරිත් වලටත් සම්ප‍්‍රදායටත් ගරු නොකරති.  මාළිගාකන්දට පැමිණි අගමැති ප‍්‍රමුඛ දේශපාලඥයන්ට මේ ටික මතක් කර දීමට කිසිවෙක් නොසිටි එක පිළිබඳ කණගාටුවක් ද  ඇති වේ. 

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress