පෙබරවාරී 4 නිදහස: ස්වයං මෝහනය? ස්වයං වින්දනය?
Posted on February 1st, 2024

විමල් පටබැඳිගේ- ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

දැනට හැත්තෑ හය වසරකට පෙර, 1948 පෙබරිවාරි 4 වෙනි දා අපි ”නිදහස” දිනා ගතිමු’යි සැනකෙළි පවත්වමින් උදම්වෙන අතර ඉංගිරිසීහු අපට නිදහස ප‍්‍රදානය කළහ’යි ප‍්‍රශස්ති ගායනා කරමින්, කාලතුවක්කු වෙඩිමුර, විදේශීය නළු නිළියන් ද සහිතව, දේශීය නැටුම් ගැයුම් සහ මඟුල් බෙර මැද 75 වතාවක් ”නිදහස් මඟුල් පොරුවේ” කොලනි ඒජන්තලා උජාරුවෙන් සිටගෙන සිටියත්, රුපියල් ප‍්‍රකෝටි ගණනක් වාෂ්ප කළත් රටවැසියාට ලැබුණු නිදහසේ ඵලයක් හෝ යහපතක් නැතග හෙට අනිද්දා ම 76 වෙනි නිදහස් මංගල සැනකෙළිය සඳහා ‘නිදහසේ පියවරුන්’ වූ කොලනි ඒජන්තලාගේ, රටේ අතීතය සහ සංස්කෘතිය නොදත් දරු මුණුපුරන් රටවැසියන් මෙහෙයවමින් ඇතග අනෙක් සැරසිලිවලට අමතරව රජයේ ආයතන සියල්ල ම දින දෙකක් විදුලි ආලෝකයෙන් සරසමින් වර්ණවත් කිරීමට නියෝග කොට ඇත. කෑමට ලූණු බිගක් පවා මිළට ගැනීමට නොහැකිව සිටින, පවුල් අසූ ලක්‍ෂයක විදුලිය කපා තිබිය දී මෙලෙස විදුලිය සෙල්ලමට ගෙන රුපියල් කෝටි ගණනක් පුළුස්සා දමන්නේ මේ කොලනි ඒජන්තලා (කළුසුද්දන්* ”හීනමානය” මානසික ව්‍යාධියෙන් පෙළෙන නිසා සහ හෝ පරගැති බැවින් මිදී නැති නිසා විය හැකි ය. ”ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” සිහියට නැගෙයිග 

ලංකා ජාතික සංගමයේ ප‍්‍රධානීන් සිංහලේ (සිලෝන් ක්‍ැහකදබ*/ලංකාවේ පූර්ණ නිදහස සඳහා සටන් කළේ නැත. දැඩිව ඉල්ලීමක් හෝ කළේ නැත. ඉංගිරිසි කොළනිවාදීන් විසිවෙනි සියවසේ මුල සිට වරින් වර ”ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ” මගින් ලංකා කොලනිය පාලනය කිරීමට ඔවුන් යොදාගෙන සනසා ඇත.
”ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය මළකුණ කි”
යනුවෙන් ප‍්‍රතික්‍ෂේප කළ ජාතික නිදහස් සටන් පෙරමුණේ අභීත කවියා වූ ටිබෙට් ජාතික එස්ග මහින්ද හිමියන් විසින්
”කනත්තට ආණ්ඩුවක් ඇති වුණ දාක
මිසක් නොහොබී පණ ඇති තැනකට -ඒක”-
යනුවෙන් පිළිකුල් කරන ලද ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ මගින් පාලන සහායකයන් වීම සඳහා ඔවුන් අතොරක් නැතිව ආයාචනා කොට ඇත. රටේ සහ පුරවැසියන්ගේ ස්වෛරීත්වය සහ නිවහල්භාවය දිනා ගැනීම පසෙක ලා ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ හිඟමනෙන් සතුටු වෙන ලංකා ජාතික සංගමයේ වීරයන් ඉලක්ක කළ මහින්ද හිමියන්ගේ කවිය
”කෙස්ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නො තකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලූන්නේ” අදටත් හෙටටත් වලංගු ය.

දෙවෙනි ලෝක යුද්ධයෙන් හෙම්බත් වී සිටි කොලනිවාදීන්, ඉංගිරිසි කිරීටය, පාර්ලිමේන්තුව ලංකා කොලනියට පමණක් නොව ඉන්දියා සහ බුරුම (මියන්මා* කොලනිවල පාලන ක‍්‍රම අලූත් කිරීමට 1944 සිට පියවර ගෙන ඇතග සෝල්බරි කොමිෂම ලංකාවට ආවේ ඒ අනුව ය.
ඩොනමෝර් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය අනුව කි‍්‍රයාත්මක ව පැවති ක‍්‍රමය ඉවත් කොට ඒ වෙනුවට දෙවෙනි මහා ලෝක යුද්ධයෙන් පසු ලංකා කොලනිය පාලනය කිරීමට ආදේශ කිරීම සඳහා, සෝල්බරි ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයට අදාල ව 1947 දී අයිවර් ජෙනිංස් ලවා කෙටුම්පත් කරවන ලද ලේඛනය ”1947 සෝල්බරි ව්‍යවස්ථාව” නම් වීය. ඒ අනුව 1947 ඡුන්දයෙන් තෝරාගත් සහ ආණ්ඩුකාරයා විසින් පත් කරන ලද නියෝජිතයන්ගෙන් යුත් සභාවට 1948 පෙබරවාරි 4 වෙනි දින ඩොමීනියන් තත්වය ප‍්‍රදානය කරනු ලැබීය. පූර්ණ ස්වරාජ්‍යයක් නොවේග පෙබරවාරි 10 වෙනි දින ග්ලොස්ටර් ආධිපාද හෙන්රි කුමාරයා මගින් ඉංගිරිසි කිරීටය ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ ඉංගිරිසි කිරීිටයට සහ පාර්ලිමේන්තුවට යටත් ඩොමීනියන් ආණ්ඩුවක් මිස ලංකාව ස්වෛරී නිදහස් රාජ්‍යයක් බව නොවේ. පෙබරවාරි 4 වෙනිදා නොදුන්, දිනා නොගත් නිදහසක් ගැන කොලනි ඒජන්තලා උද්දාම වෙමින් සැනකෙළි පවත්වමින් දක්වන්නේ තමන්ගේ පරගැති කම මිස වෙන කුමක් දැයි නො හැෙඟ්.
සෝල්බරි කොමිෂම නිර්දේශ කළ සෝල්බරි ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය සඳහා ඉදිරිපත් කරන ලද ”1947 සෝල්බරි ව්‍යවස්ථාව” 1948 ලංකා ඩොමීනිඅන් ආණ්ඩුවේ ව්‍යවස්ථාව බවට පත් කරනු ලැබී ය. ඩොමීනිඅන් පාර්ලිමේන්තුව පිහිටු වූ පසු නියෝජිතයන් තෝරා ගැනීමට පළමු ඡුන්ද විමසීම 1952 දී ය.
1948 ”ලංකා කොලනිය” නිදහස් ස්වෛරී රාජ්‍යයක් වූයේ නැත. මැනිං, ඩිවොන්ෂයර්, ඩොනමෝර් ආදි ප‍්‍රතිසංස්කරණ මෙන් ”කොලනි ඒජන්තලා” පාලන සහායකයන් කරගැනීමට 1947 සෝල්බරි නිර්දේශ අනුව කරන ලද ”ප‍්‍රතිසංස්කරණයකි”. ඩොමීනිඅන් ක‍්‍රමය ආදේශ කළ දිනය, 1948 පෙබරවාරි 4 උද්දාමයෙන් සමරන්නේ මහින්ද හිමියන් කී ලෙස කනත්තේ නිජබිම්වාසීන් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ ඒ දිනයේ නිසා විය හැකි ය.
වසර 2,600ට වැඩි ඉතිහාසය තුළ සිංහල රට සම්පූර්ණයෙන් යටතට ගැනීමට ඉන්දීය, චෝල සහ පාණඩ්‍ය ආක‍්‍රමණිකයන්ට නොහැකි විය. ඓතිහාසික යුගය ආරම්භයේ සිට දේශපාලන බලය සඳහා සිංහල සහ ද්‍රවිඩ අරගලයක් පැවති බව ඇතැමුන්ගේ අදහසකිග ඉතිහාසය විකෘති කිරීමකි. යුරෝපීයයන් පැමිණීමට පෙර වසර 2,000ක පමණ කාලය තුළ අවස්ථා කීපයක රජරට ඇතැම් ප‍්‍රදේශවල බලවතුන් වී ඇතග ඒ අවස්ථා කීපයේ ම සම්පූර්ණ කාලය එකතුව වසර 150ට අඩුය. කෙසේ වෙතත්, දෙවෙනි සේන රජුගේ (853-887* කාලයේ සිට ව්‍යගවග 1029 දක්වා පාණ්ඩ්‍ය රාජ්‍යය සිංහල රාජ්‍යයේ ආරක්‍ෂිත රාජ්‍යයක් විය. සිංහල රජු පාණ්ඩ්‍ය රාජකීයත්වය තහවුරු කරන රාජ කකුධ භාණ්ඩවල නීත්‍යනුකූල හිමිකරු වීය. මේ උරුමය, මහා පරාක‍්‍රමබාහු රජු (1153-1186* මධුරාවේ සතුරන්ට එරෙහිව හමුදා මෙහෙයවා ඒ වෙන විට ඝාතනය කරනු ලැබ තිබූ පරාක‍්‍රම පාණ්ඩ්‍ය රජුගේ පුත් වීර පාණ්ඩ්‍ය මධුරා සිහසුනට පත් කොට ආරක්‍ෂා කිරීමට ප‍්‍රධාන හේතුවක් වෙන්නට ඇත. චෝල සීමාවේ වෙල්ලාර් ගඟ සහ බටහිර දිගින් වෛප්පාර් ගඟ අතර සහ දකුණු මුහුදු තීරයේ සිට උතුරෙන් තොන්ඩමාන ප‍්‍රදේශය දක්වාත් පැතිරුණු විශාල භූමි ප‍්‍රදේශයක් පරාක‍්‍රමබාහු රජුගේ හමුදා ජයගෙන ඇත. වසර 17 ක් පුරා පැවති නොනිමි සටන් සමයේ පිහිටු වූ සිංහල (ඊලාම්* කඳවුරු රැුසක් පසු කලක ද පැවති බවට තොරතුරු ඇත. පරාක‍්‍රමබාහු රජුගෙන් පසු නිශ්ශංකමල්ල රජු (1187-1196* ද ද්‍රවිඩ භූමියේ සටන් කොට ජය ගෙන ඇත.
පුර්තුගීසි, ලන්දේසි සහ ඉංගිරිසීන් ලංකා භූමියට ඇතුළු වූයේ සිංහල රජුගේ අනුමැතියෙනි. පුර්තුගීසීන්ට නැව්තොටු ආශි‍්‍රත භූමි ප‍්‍රදේශ කීපයක වුව ද ස්ථාවරව බලය රඳවා ගැනීමටට නොහැකි වීය. පුර්තුගීසීන් පළවා හැරීමට කොන්දේසිවලට යටත්ව නාවික ආධාර දීමේ කොන්තරාත්තුව අනුව ඇතුළු ව කොන්දේසි කඩකොට විශ්වාස ඝාතකයන් වූ ලන්දේසීන් පළවාහැරීමට නාවික ආධාර දීමේ කොන්තරාත්තුව අනුව රටට ඇතුළු වූ ඉංගිරිසීන් ද කොන්තරාත්තුව අනුව කටයුතු කළේ නැත. කාලතුවක්කු වැනි ගිනි අවි සහ ප‍්‍රබල නාවික හමුදා ශක්තියක් සහිත ඔවුන්ට සටන් කොට ලංකාව යටත් කරගැනීමට නොහැකි වියග සම්පූර්ණයෙන් ම වටකොට හුදකළා කරනු ලැබූ සිංහල රාජ්‍යය යටතට ගැනීමට කළ සටන් දෙකකින් අසාර්ථක වූ ඉංගිරිසීන් කුමන්ත‍්‍රණ සහ ඔත්තු සේවා යොදා ගනු ලැබීය. ජෝන් ඩොයිලි කුමන්ත‍්‍රණ සහ ඔත්්තුසේවා නායකයා වියග මොල්ලගොඩ සහ එක්නැලිගොඩ ඩොයිලිගේ ප‍්‍රධාන සගයන් දෙදෙනා විය. 1815 ගිවිසුම මගින් කොන්දේසිවලට යටත්ව සිංහල රට ඉංගිරිසීන් භාර ගැනීම සහ භාරදීම සිදු විය. සිංහල රට සම්පූර්ණයෙන් පරාධීන වූ පළමු සහ එකම අවස්ථාව එයයි. මොල්ලිගොඩ සහ එක්නැලිගොඩ 1817-18 පළමුවෙනි සිංහල විමුක්ති අරගලය මර්ධනය කිරීමට ද පූර්ණ සහාය දී ඇත. එසේ වුව ද ස්කිනර් අනුව 1848 වෙන තෙක් ඉංගිරිසීන්ට මුළු රටේම බලවතුන් වීමට නොහැකි විය.
‘සුද්දන්’, ඉංගිරිසීන් දිගටම රට පාලන කළේ නම් හොඳ බව උද්දාමයෙන් ප‍්‍රකාශ කරන පිරිසක් ද වරින් වර මතුවෙයි. කොලනි ඒජන්තලා (කළුසුද්දන්, ඔවුන්ගෙන් පැවතෙන්නන්, මොළශෝධනයට ලක්වූවන් සහ තමන් ගැන තමන්ට ම නිසි තක්සේරුවක් නැති පරගැති මනසින් යුත් පිරිසකි. 1815 සිට පැවති ඉංගිරිසි කොලනිවාදීන්ගේ වසර 133 ක කොලනි පාලනය, ඩොමීනිඅන් ආණ්ඩුව මාර්ගයෙන් තව දුරටත් පවත්වාගෙන ගිය බව වටහා ගැනීමට නොහැකි ගුඩු මස්තිස්කයක් ඇති නිසා විය හැකි ය. 1948 සිට 1972 වෙන තෙක් වසර 24ක් ලංකාව ඉංගිරිසි කිරීටයේ රජුගේ/රැුජිනගේ පාර්ලිමේතුවේ තෝන් ලණුව කපා දැමීමට ”නිදහස” උද්දාමයෙන් වැජඹෙන අයට කසේරුකාව තිබී නැතග ලංකාවට පෙර 1947 නිදහස ලැබීය’යි කියනු ලබන ඉන්දියාව 1947 නිදහස ලැබූ ලෙස සමරන්නේ නැතග වසර තුනක් ගතවීමට පෙර තමන්ගේ ම ව්‍යවස්ථාවක් සම්මත කොට ගත් 1950 ජනවාරි 26 දින, ”ජනරජ දින” ලෙස සමරනු ලබයිග අපේ රටේ නිදහස් වීරයන් එසේ කළේ නැතග දෙවෙනි ලෝක යුද්ධයෙන් බල හීන බවට පත් ව අවරට යමින් සිටි ඉංගිරිසි කොලනිවාදී පාලකයෝ තමන්ගේ මග අනුමත කළ ”යර්ස් මයි ලෝඞ්” කී අයට 1948 දී රටේ පාලනය භාර කළහ. එතැන් සිට ප‍්‍රකෝටි ගණන් ධනය වස්තුව වැය කරමින් ”නිදහස” නාමයෙන් සැනකෙළි සංදර්ශන දක්වමින් සිටිතිග ඔවුන්ගෙන් පැවතෙන්නෝ ද ”ලේ බිඳක් හෝ නොසොල්වා නිදහස දිනා ගතිමු”යි ස්වයංවින්දනය ලබතිග වසර දහස් ගණනක් පුරා තම මවුබිමේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය, නිදහස, පරමාධිපත්‍යය සහ අපේ මුතුන්මිත්තන්ගේ ගරුත්වය රැුක දුන් සහ විශේෂයෙන් ම ඉංගිරිසි කොළනිවාදීන්ට එරෙහිව 1817-18 සහ 1848 නිදහස් සටන් වලදී ඇස් හිස් මස් ලේවලින් ලක් පොළොව සාරවත් කළ දසදහස් ගණන් අභීත රණ වීරයන්ට නිගරු කරන බව වටහා ගැනීමට අවශ්‍ය ශරීරාංගය ඔවුන්ට නැති බව සක් සුදක් සේ පෙන්නුම් කරතිග රටක් ලෙස, ඒකීය ජනතාවක් ලෙස උදම්වීමට 1948 නිදහසක් ලැබුණේ ද? රටේ ජනතාව සම්බන්ධ වගකීමෙන් සහ වගවීමෙන් මිදුනු ඉංගිරිසි කොලනිවාදීන්් (කොලෝනිඅලිස්ට් ජදකදබස්කසිඑි රටේ ආර්ථිකය, ආරක්‍ෂාව සහ විදේශ ප‍්‍රතිපත්තිය පමණක් නොව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මෙහෙයවීමේ බලය ද අත්හළේ නැත. ආර්ථිකයේ මර්මස්ථාන, ආනයන අපනයන ආර්ථිකය, ප‍්‍රධානම අපනයන ආදායම වූ තේ ඇතුළු වතු වගාව (රන් පවුම් වතු වගාව, කොළඹ තිරිකුණාමලය ගාල්ල ආදී වරායවල අධිකාරිත්වය, කටුනායක සහ කොග්ගල ආදී ගුවන් හමුදා කඳවුරු (රෝයල් එආ ෆෝස් ඍදහ්ක ්සර ත්‍දරජැ, තිරිකුණාමලය ඇතුළු නාවික හමුදා කඳවුරු (රෝයල් නේවි ඍදහ්ක භ්ඩහ* බාධක රහිතව පවත්වා ගැනීම ඔවුන් සතු වියග අවම වශයෙන් තිරිකුණාමල කොටුවට ඔවුන්ගේ අවසරය නැතිව කිසිවෙකුට ඇතුල්වීමට හෝ නොහැකි වියග ජාත්‍යන්තර කටයුතුවල නියෝජනය සහ ප‍්‍රතිපත්තිය ඔවුන්ගේ විය, විධායකය සහ ව්‍යවස්ථාදායකය පාලනය කළේ ඔවුන් යග අග‍්‍රාණ්ඩුකාරයා විධායකය මෙහෙය වූ අතර පාර්ලිමේන්තුවේ සම්මත කරන කිසිම පනතක්, නීතියක් බි‍්‍රතාන්‍ය රැුජින/රජු වෙනුවෙන් ඔහු අත්සන් තබා අනුමත නොකළ හොත් බලාත්මක නැතග ලංකාවේ ඉහළම අධිකරණයේ තීන්දු තීරණ බි‍්‍රතාන්‍ය ”පි‍්‍රවිකවුන්සිලයේ” තීන්දු තීරණවලට යටත් වියග රටේ, රටවැසියාගේ පරමාධිපත්‍ය ආරක්‍ෂා කරන ප‍්‍රධාන ම මූලික ම බලකණු තුන වෙන විධායකය, ව්‍යවස්ථදායකය සහ අධිකරණය මෙහෙයවීමේ බලය ඉංගිරිසි කිරීටයේ, පාර්ලිමේන්තුවේ පාලනය යටතේ පැවතුණිග රජුගේ/රැුජිනගේ නියෝජිතයා ලෙස එවන ලද ඉංගිරිසි අග‍්‍රාණ්ඩුකාරයාගේ වැටුප් සහ දීමනා, නිවාස ගමන්බිමන් ආදි වරප‍්‍රසාද සියල්ල නඩත්තු කිරීමේ බරපැන ලංකාවේ පුරවැසියන් විසින් දැරිය යුතු වියග 1955 වසර අවසානය දක්වා ලෝක වාසීන් ඉදිරියේ ලංකාව ”බි‍්‍රතාන්‍ය රූකඩයෙක්” (අ පපට් ඔෆ් බි‍්‍රටේන් ් චමචචැඑ දෙ ඊරසඒසබ1 යන ගර්හිත නාමයෙන් සමච්චලයට ලක් කරනු ලැබීමෙන් 1948 ලැබුණු නිදහසේ රඟ පෙන්නුම් කරයි. 1948 ඉංගිරිසි කොලනිවාදීන්ගෙන් නිදහස ලැබුවේ ය’යි උදම් ව සැණකෙළි පැවැත් විය හැකි ද? බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අභිමතය පරිදි කිරීටයේ (රජුගේ/රැුජිනගේ අත්සනින් තමන්ගේ ප‍්‍රධාන නියෝජිතයා ලෙස පත් කරන ලද, ලංකා ජනතාවට හෝ පාර්ලිමේන්තුවට හෝ අධිකරණයට වග නො කියන, ලිවීමට කියවීමට නොව අඩුම තරමින් කථා කිරීමට හෝ දේශීය භාෂාව නො දත්, ”ශී‍්‍රමත් අග‍්‍රාණ්ඩුකාර උතුමානන්” යටතේ ඉංගිරිසීන්ගේ ලංකා කොලනිය තවදුරටත් පවත්වා ගැනීම සිදු විය. ශාරීරික අභ්‍යාස කරමින් සිටියදී අසුපිටින් වැටී ”ප‍්‍රධාන ඇමති” (අගමැති* 1952 මියගිය පසු, තනතුරේ වැඩබැලීමට හෝ පාර්ලිමේන්තු සභානායකට අවසර නොවීයග ඒ වෙන විට එංගලන්තයේ විවේක සුව (නිවාඩු* ගනිමින් සිටි ‘ශී‍්‍රමත් අග‍්‍රාණ්ඩුකාර උතුමානන්’ දින කීපයකට පසු ලංකාවට පැමිණ මියගිය ප‍්‍රධාන ඇමතිගේ පුතා ප‍්‍රධාන ඇමති පදවියට (පියාගෙන් පසු පුතා* පත් කරන තෙක් ප‍්‍රධාන ඇමති කෙනෙකු තෝරා ගැනීම වාරණය කළේ යග2 ස්වාමියාගේ විධානයට පාර්ලිමේන්තුව අවනත වීයග (පුතාගෙන් පසු 1953 ඔහුගේ මාමාග ඉංගිරිසීන් අගමැතිකම නෑ පරපුරට උරුම කිිරීමග* 1948 ලැබුණු බව කියන, අද පවා ”නිදහසේ පියා” ප‍්‍රශස්තිය ගයමින් ඉතා ඉහළින් සමරන ”නිදහස” කෙබඳු දැ’යි පැහැදිලි ව පෙන්නුම් කරයි.
1948 සිට වසර විසිහතරක් ගතවෙන තෙක්, 1972 තෙක් අපේ රටේ ”කොලනි ඒජන්තලාට” (කළුසුද්දන්ට* ඉංගිරිසි කිරීටයට, රැුජිනගේ පුටුවට, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට සහ ”පි‍්‍රවිකවුන්සිලයට” (ඉහළ ම අධිකරණය* ගැටගසා තිබූ තෝන් ලණුව කපා දැමීමට උවමනාවක් නොවී යග 1815 සිට 1972 තෙක් ලංකාවේ අපරාධ ඉංගිරිසි රජුට/රැුජිනට එරෙහිව යග නඩු පැවරුවේ රජු/රැුජින විසිනිග 1962 රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණනය සහ 1971 ජෙගවිගපිග කැරැුල්ල සම්බන්ධ නඩු ආසන්න නිදසුන් යග පි‍්‍රවිකවුන්සිලයට ගිය 62 විත්තිකරුවන් නිවැරදි කරුවන් වී ඇත්තේ, 1948 පෙබරවාරි 4 සෝල්බරි ව්‍යවස්ථාවෙන් පවරන ලද බලය ඉක්මවා කරන ලද නීති කටයුතු නිසා බව දැක්වේග
1948 සිදු කළේ බි‍්‍රතාන්‍ය කිරීටයේ/රජුගේ, බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අණසක යටතේ ”ලංකා කොලනිය” පාලනය දිවයිනේ ඔවුන්ගේ ”කොලනි ඒජන්තලාට” (කළුසුද්දන්ට* භාරදීම යග ”නිදහස” නාමයෙන්, බි‍්‍රතාන්‍ය කොලනිවාදීන්ගේ ”ආරක්‍ෂිත ජනපදයක්” (ප්‍රොටෙක්ටඞ් ස්ටේට් ඡුරදඑැජඑැා ීඒඑැ* ලෙස පවත්වා ගැනීම සඳහා ”සෙංකෝලයක්” ”කථාමණ්ඩපයක්” භාර දී තෝන් ලණුව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ගැටගැසීම යග අද එය ‘සීතාම්බරපට’ පොරවාගත් නළුවන් රඟන, ‘ගනු කඩුවෟ එනු සටනටෟ’ ”ටීටර් මඩුවක්” වී ඇතග වසර කීපයකට වරක් ටීටර් මඩුව කුලියට ගත් නළු නිළියන් පෙබරවාරි 4 වෙනි දා ගාලූමුවදොර (ගාල්ලේ ”මෝඩ ඇල” මුහුදට සම්බන්ධ වෙන තැන නොවේග* බයිලා සංදර්ශනයක් දක්වනු ඇතග
පාර්ලිමේන්තුවෙන් පිහිටුවන ලද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින් වසර දෙකක් පුරා සියලූ ස්ථරවල පුරවැසි සහාය ඇතිව කෙටුම්පත් කොට 1972 ව්‍යවස්ථාව සම්මත කළ මැයි 22 දිනය ඉංගිරිසි කිරීටයට, පාර්ලිමේන්තුවට, පි‍්‍රවිකවුන්සිලයට ගැටගසා තිබූ තෝන් ලණුව කපා දැමූ දිනය යිග රටක් ලෙස, ජාතියක් ලෙස පූර්ණ නිදහස ලබා ගත් දිනය එයයිග 1972 මැයි 22 ජාතික නිදහස් දිනය වියග
ශී‍්‍ර ලංකා ජනතාවගේ පරමාධිපත්‍යයට, විධායකයට ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට ඉහලින්, තමන්ගේ අභිමතය පරිදි ”අග‍්‍රාණ්ඩුකාරයෙකු” පත් කිරීමේ බලය ඉංගිරිසි රැුජිනට/රජුට නැති වියග අගමැති සහ ඇමති මණ්ඩලය පත් කිරීමේ සහ පනත් බලාත්මක කිරීමේ බලය ද අහෝසි වියග බි‍්‍රතාන්‍ය අධිකරණයට යටත් කොට තිබූ රටේ අධිකරණය නිදහස් වියග ලංකා පුරවැසියන්ගේ පරමාධිපත්‍යය නියෝජනය කරන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය 1972 මැයි 22 දින නිදහස් වියග මැයි 22 ජාතික නිදහස් දිනය වියග
1977 ආණ්ඩුවේ අගමැතිගේ, පසුව ජනපතිගේ ප‍්‍රධාන උපදේශක වූ, ඇල්ෆ‍්‍රඞ් ජෙයරත්නම් විල්සන්් (එස්ගජේගවීග චෙල්වනායගම්ගේ බෑනා* මූලික වූ 1978 ව්‍යවස්ථාව බලගන්වා, රට සහ රටවැසියා සැබෑ නිදහස දිනූ, මැයි 22 ජාතික නිදහස් දිනය මකා පෙබරවාරි 4 බොල් නිදහස් දින සැනකෙළිය යළිත් ආරම්භ කිරීමට පරගැති වී ඇතග ව්‍යවස්ථාව 21 වතාවක් සංශෝධනය කළත් ආණ්ඩු කළ කිසිවෙකු මෙය නිවැරදි කළේ නැතග
ඇත්තට ම 1948 පෙබරිවාරි 4 දේශපාලන ඉතිහාසය සම්බන්ධ ව සටහන් කළ යුතු දිනයක් පමණකිග රටේ සහ රටේ පුරවැසියන්ගේ ස්වෛරීත්වය, ස්වාධිපත්‍යය, පරමාධිපත්‍යය හා සම්බන්ධව සැමරිය යුතු දිනයක් නොවේග සැමරිය යුතු නියම නිදහස් දිනය විය යුත්තේ මැයි 22 ජාතික නිදහස් දිනයයිග
1948 පෙරවාරි 4 දින පමණක් නොව අද ද නිදහසක් නැතග
1848 ට පෙර ලෝකෙට භයත් නැතිව ණයත් නැතිව ජීවත් වූ සිංහලේ පුරවැසියන් අද නැතග 1978 සිට අපේ මාතෘභූමිය අපට අහිමි වෙමින් ඇතග බැටළු හම් පොරවාගත් විදේශීය වෘකයන්ට විකුණමින් ඇතග ජනතාවට පහසුවෙන් පාන්පිටි සැපයීමේ කොන්තරාත්තුව අනුව සීමිත කාලයකට පැමිණි පී‍්‍රමා සමාගම ලංකා භූමියේ අක්කර දහසක පමණ සින්නක්කර ඔප්පු සහිත අයිතිය ලබා ගෙන ඇතග අද භයත්, ණයත් දෙක ම පොදි බැඳගත් පුරවැසියන් සහ ශී‍්‍ර ලංකාව බටහිර, යුරෝපීය වහල් වෙළෙන්දන්ට සහ ඔවුන්ගේ ගැත්තන්ට එම්සිසි (ඵක්‍ක්‍, එට්කා (ෑඔක්‍් ආදී ගිවිසුම් කොන්තරාත් මගින් විනුණමින්, පාවා දෙමින් ඇතග 1978 සිට ස්තී‍්‍ර පුරුෂ වෙනසක් නැතිව, ‘සිංහල’, ‘බෞද්ධ’ කීමට පවා දිව නැමෙන්නේ නැති, කොඳුනාරටිය සිඳගත්, සාරධර්ම මරා දැමූ පරපුටු සමාජයක් බිහි වී අතග නිදහස සඳහා සටනක අවශ්‍යතාව මතු වී ඇතග
සියලූ දේශපාලන පාට, පක්‍ෂවල සරුංගල්, සීනිබෝල කථා ප‍්‍රතික්‍ෂේප කොට, සියලූ වාද භේද දුර ලා, තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත‍්‍ර පසෙකට ලා රටේ, තමන්ගේ, තම දරු මුණුපුරන්ගේ සහ අනාගත පරපුරේ පූර්ණ නිදහස සඳහා සියලූ පුරවැසියන් එකාවන්ව බැඳී පෙරමුණ ගැනීම තවදුරටත් පමා කළ යුතු නැතග සැබෑ නිදහස් සටනක පෙර නිමිති ඇතග

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress