තායිලන්ත, සිංගප්පූරු සහ එට්කා ගිවිසුම් අත්සන් කරනු ලැබුවහොත් ශ්‍රී ලංකාව බරපතල ආර්ථික ව්‍යසනයකට මුහුණ දෙනවා- වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉන්ජිනේරු කපිල පෙරේරා
Posted on February 2nd, 2024

LANKA LEADER

ඊයේ(01) කොළොඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා ඉදිරි දින කිහිපය තුළ මේ අටවා ගෙන තිබෙන ශ්‍රී ලංකාවට භයානක ප්‍රතිඵල අත්පත් කර දෙන තායිලන්ත,සිංගප්පූරු සහ එට්කා ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බව අවධාරණය කරනු ලැබීය. මේ වන විට ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතා හේතුවෙන් මතුවි තිබෙන නිද්‍රාශීලී භාවය ප්‍රයෝජනයට ගනිමින් මෙවැනි අහිතකර ගිවිසුම් අත්සන් කිරීමට රජය පෙළඹී ඇති බව පෙන්වා දුන්නේය. කැබිනට් මණ්ඩලය පවා උඩින් පවතින ලෙස කේ ජී වීරසිංහ මහතා ගේ මෙහෙයුම යටතේ පවත්වා ගෙන යන කාර්යාලයක් මගින් රටට අහිතකර මෙම සියලු ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම ගිවිසුම් අත්සන් කිරීම වැලැක්වීමට ව්‍යයවාසකයන් වෘත්තිකයන් මෙන්ම මහජනතාව පෙරට ආයුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress