රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීමෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් – මහානායක හිමිවරුන්ගෙන් ජනපති රනිල්ට අවවාදාත්මක ලිපියක්
Posted on February 18th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව පෙන්වා දෙමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අවවාදාත්මක ලිපියක් යොමුකර තිබේ.
එමගින් උන්වහන්සේලා පෙන්වා දී ඇත්තේ ඇත්තේ මහජන සුබ සිද්ධිය, ජාතික ආරක්ෂාව, මෙන්ම රටේ ආර්ථික ස්ථායීත්වය පදනම් කොටගෙන ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යාපාර මහජනයා සතු සම්පතක් බවත්, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට සමාජය තුළින් දැඩි විරෝධයක් මතුවී ඇති බවත්ය.
ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

