ශ්‍රී ලංකාව සතිපොළක් මට්ටමට පත්කරලා… රාජ්‍ය ව්‍යවසායකත්වය රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය සාධකයක් – මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්
Posted on February 29th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ශ්‍රී ලංකාව සතිපොළක් මට්ටමටම අද පත්කර ඇති බවත්, මේ රට උරුමයක්, ඉතිහාසයක් හා අයිතියක් ඇති රටක් මිස සතිපොළක් නොවන බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

රාජ්‍ය ව්‍යවසායකත්වය රටේ අනිවාර්ය අංගයක් බවත්, පෞද්ගලික අංශයක් තිබුණ ද සියලුම දේට මැදිහත් වීමට එම අංශයට නොහැකි බවත්,  උපායමාර්ගික අරමුණුකරා යන විට වෙළඳපොළ න්‍යාය මතම පදනම් වී අන්ධව ගමන් කිරීම යනු රටේ අනාගතය විනාශවී යාමක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

රාජ්‍ය ව්‍යවසාය නොමැතිව රටක් ඉදිරියට යා නොහැකි බවද, පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්වය හරහා ලාභයක් ඉපයීම අනිවාර්ය වනවා සේම රාජ්‍ය අංශයෙන් ද එමගින් ලාභයක් ඉපයීමේ වරද කුමක් දැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

‘රාජ්‍ය ව්‍යවසායකත්වය සහ රටේ සම්පත්’ යන මැයෙන් දෙරණ නාලිකාවේ පැවති විද්වත් සංවාදයකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළේය. 

එම සංවාදය සඳහා  ජනාධිපති නීතිඥ මයුර ගුණවංශ, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල රේණුක පෙරේරා, බහාලුම් රථ සංගමයේ උපදේශක ජයන්ත අතපත්තු යන මහත්වරුන් ද එක්ව සිටියහ.

වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress