අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතුලුව පවත්වන ලද උත්සවයකට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා වන ගරු අගවිනිසුරුතුමාව සහභාගී කර ගැනීම සම්බන්ධව නීතීඥවරයෙකු අගවිනිසුරුතුමාට ලියයි.
Posted on April 10th, 2024
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
2024.04.09
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මැතිතුමා (ජ.නී)
සභාපති,
අධිකරණ සේවා කොමිෂන් සභාව,
කොළඹ 12.
ගරු සභාපතිතුමනි,
අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතුලුව පවත්වන ලද උත්සවයකට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා වන ගරු අගවිනිසුරුතුමාව සහභාගී කර ගැනීම සම්බන්ධවයි.
1. අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතුලුව පවත්වන ලද උත්සවයකට අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා වන ගරු අගවිනිසුරුතුමාව පසුගිය දිනයකදී සහභාගී කර ගෙන ඇති බව සහ තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසද අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරවීමේ ඉල්ලීම් https://www.lankadeepa.lk/news/වජයදාස–ජනපතවරණයට/101-649965 සම්බන්ධව මාධ්‍යයේ පුවත් පළ වෙමින් තිබූ අතර ඒ සම්බන්ධව අවධානය යොමු වීමෙන් පසු මෙම ලිපිය මගින් කරුණු ඉදිරිපත් කරන බව ගෞරවයෙන් කියා සිටිමි.
2. අධිකරණ ඇමතිවරයා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත සම්මතකරවා ගනිමින් නීතිය පනවා ගත්තේ විධායක,ව්‍යවස්ථාදායක අධිකරණ බල 3ම අධිකරණයට පවරා සංවරණ සහ තුළණ පාලන ක්‍රමය බිඳ දැමීමටද යන්න සමාජ කතිකාවක් මේ වන විට ආරම්භ වී ඇති අතර අධිකරණයේ ස්වාධීනත්වය ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණවල පරීක්ෂාවට ගැනීමට මාර්ගය පාදන, විරුද්ධ නීතිමය අදහස් දරන නීතීඥයන් බන්ධනාගාර ගත කරවීමට 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත ගෙනවිත් ඇති බවට සහ එය නිවැරදි විය යුතු බවට සහ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළකූ 2020.12.30 අංක 2208/13 අතිවිශේෂ ගැසට් පත්‍රයට අදාල සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද සමාජයේ සාකච්ඡා වෙමින් පවතී.
3. මේ සම්බන්ධයෙන් මා විසින් ලියා ඇති නීති විචාරයක පිටපතක් මේ සමග අමුණා ඇත.
4. එසේම තවත් මාස කිහිපයකින් රටේ විධායක පාලන ආයතනය මෙහෙය වන්නේ කවුද යන්න තීරණය කරන ප්‍රධාන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය තත්ත්වයට මුහුණ දීමටද පුරවැසියන්ට සිදු වෙයි.
5. එවන් සුවිශේෂී තත්ත්ව යටතේ ගරු අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමා වන ඔබතුමා අධිකරණ අමාත්‍යවරයාගේ දේශපාලන අරමුණුද ඇතුලුව අනුගත ලෙස පවත්වන ලද උත්සවයකට සහභාගී කර ගැනීම අතිරේක ප්‍රශ්න ගණනාවක් පැන නැගීමට ඉඩ ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරවන බව කාරුණිකව සැළකර සිටිමි.
මෙයට,
විශ්වාසී,
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන