අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතුයි
Posted on April 10th, 2024

දිනේෂ් ගුණවර්ධන(පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

සිංහල හා හින්දු අලූත් අවුරුද්ද හෙවත් සූර්ය මංගල්‍යය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි.  
මෙලෙස නැකත් චාරිත‍්‍රයන්ට හා ආගමික කටයුතුවලට මූලිකත්වය දෙමින්, පාරම්පරික සම්ප‍්‍රදායන් හා සිරිත් සුරකිමින් එකම අරමුණකින් යුතුව, එකම මොහොතක එකම නැකතකට එක්ව කටයුතු කිරීම ලොව කිසිදු රටක සංස්කෘතියක දක්නට නොලැබේ.
ස්වභාවධර්මයා සමග ගනුදෙනු කළ අපේ මුතුන් මිත්තෝ අලුත් අවුරුද්දේ එය තව තවත් යථාවත් කළෝය. ඔවුන්ගේ දරු මුණුපුරන් වූ අපට ආහාර සුරක්ෂිතතාවය, සකසුරුවම, අපේකම, සමගිය  පිළිබඳව යළි යළි අකුරු කරන්නට අවශ්‍ය නොවේ. අවශ්‍ය ක්‍රියත්මකභාවයයි.
ආහාර හා ආර්ථික අර්බුදයකට මුහුණ දී, රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව ගොවි ජනතාව කළ මෙහෙය මේ අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතුය.
පසුගිය වකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කොට ඇත. මේසා රෝග ව්‍යසන, ආර්ථික හා සමාජයීය අර්බුද මෑත ඉතිහාසයේ අප නුදුටුවෙමු. ඒවා යළිදු නොදකින්නට, මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් අරඹමු.
අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතුය. ඒ අවුරුදු අසිරිය මතුපරපුර උදෙසා රැක දීම අප සැමගේ යුතුකමකි.

දිනේෂ් ගුණවර්ධන(පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 අප්‍රියෙල් 12 දින

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress