අලුත් අවුරුද්දට සින්හල ජාතියට පනිවිඩයක් සහ ප්‍රශ්නයක්?
Posted on April 14th, 2024

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම්; ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-94)

2024. 4.14. මහනුවර

රටට,ජාතියට මෙන්ම  මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට හූනියමක් හා ශාපයක් වී ඇති, 35 වසරක් රට විනාශකළ1978 ව්‍යවස්ථාව සහ විධායක ජනාධිපති ධුරය වහාම අහෝසිකොට 1972 ජනරජ ව්‍යවස්ථාව යළි බලගන්වා මේ රටත්,  ජාතියත්, සාශනයත් වැටී ඇති අඝාධයෙන් ගොඩගැනීමට ජාතියක් වෂයෙන් ඔබ සූදානම්ද?

 මේ රටේ අද පවතින සියළුම ආර්ථික, සාමාජික, දේශපාලනික, ජන වාර්ගික, ආගමික, සන්ස්කෘතික, වාර්ගික, අයිතිහාසික, ආරක්ෂක, හා භූදේශපාලනික අර්බුධ වලට මූලික හේතුව, 1978 ජේ. ආර්. ගේ ඇමෙරිකන්-ප්‍රන්ශ දෙබිඩි විධායක ජනාධිපතිකම සහ ඒ හා බැඳුණු විවුර්ත ආර්ථිකය හා රට දැය සමයට ආදරයක් නැති, ධුෂිත චෝර දේශපාලන ක්‍රමය සහ ඒ තුලින් උපන්, දේශපාලන,පරිපාලන සහ ව්‍යාපාරික තුන්කට්ටුවේ සහචරවාදය බව මේ රටේ මිනිසුන් දැන්වත් අවභෝධ කොට ගතයුතුය. 

තව දුරටත්, විශේෂයෙන්ම   පහතින් දැක්වෙන සන්ශෝධන වලින් මුළුමනින්ම විකුර්තිකොට ඇති එම ව්‍යවස්ථාව මේ සින්හල බෞද්ධ රටේ රාජ්‍ය විචාරණය සඳහා, කිසිසේත්ම   සුදුසු නැති, මර උගුලකි. දේශපාලනඥයින් විසින්, දේශපාලනඥයින්ගේ සුභසිද්ධිය සහ පැවැත්ම සඳහාම සකස් කරනලද දේශපාලනඥයින්ගේම එම දුෂ්ඨ ලේඛනයේ අපි තවදුරටත් එල්ලී සිටිනවාද? එසේ එල්ලි සිට මේ ශ්‍රේෂ්ඨ ජාතිය,රට සහ සම්මා සම්බුද්ධ ශාසනය මේ මිහිපිටින් අතුරුදන්වීමට ඉඩ දී නිවටයින් සේ බලා සිටිනවාද? 

මීලඟට 1978 ව්‍යවස්ථාව මුළුමනින්ම විකුර්ථිකොට ඇති පහත සඳහන් සන්ශෝධන දෙස ඔබගේ දැඩි අවධානය යොමුකරන්න.

7 වන සන්ශෝධනය. (1983.ඔක්.4) දී උතුරු පලාතට කිලිනොච්චි දිසාව (1984) එකතු කොට ඒ පලාතට පමණක් දිසා 5ක් දීම. දිවයිනේ වෙනත් කිසිම පලාතකට දිසා 5 ක් තබා 4 ක් වත් නැත. දිසා තුන බැගින් දී ඇත්තේ ද බස්නාහිර,මද්ධ්‍යම, නැගෙනහිර සහ දකුණට පමණි. (උ.ප.තේ  5 යළිත්, යාපනය,මන්නාරම සහ මුලතිව්  වෂයෙන් 3 කට සීමාකල යුතුය. ඒ සමඟම වවුනියාව උතුරු මැද පලාතට එක් කොට උ. මැ. පලාතටද දිසා 3ක් දියයුතුය)

13 වන සන්ශෝධනය.(1987.නොවැ.14)1987 දි ඉන්දීය බලපෑම මත සින්හල දෙමළ වෂයෙන් මේ රට රාජ්‍යයන්   දෙකකට බෙදිම සඳහා පලාත් සභා පිහිටුවා මේ රටේ දේශපාලනය මෙන්ම රාජ්‍යපරිපාලනය අවුල් ජාලයක් කොට විනාශකිරීම අරමුණුකොට ඉන්දියාව විසින් අප හිසමත පැටවූ කටු ඔටුන්න 1987 ජුලි 29 ජේ.ආර්/රජිව් ගිවිසුමෙන් ලන්කාව මත ඉන්දියාව විසින් බලෙන් පටවන ලද්දකි

14 වන සන්ශෝධනය. (1988. මැයි.24) චන්දයකින් පාර්ලිමේන්තුවට එන්ට බැරි ගජමිතුරන් පස්සා දොරෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා ජාතික ලැයිස්තුව නමැති හොරපාරකින් 29 දෙනෙක් පාර්ලිමේඉන්තුවට ඇතුල්කොට එහි ආසන 196, 225 දක්වා වැඩිකර ගෙන ගජමිතුරු වාදය ස්ථාපිත කරගැනීම මින් සිදුවිය.

15 වන සන්ශෝධනය.  (1988.දෙ.17.) සුළු ජනකොටස් වල චන්දය ලබාගැනීමේ අරමුනින් ඔවුන්ගේ නියෝජනය වැඩි කිරීම සඳහා අනුපාත චන්ද ක්‍රමය අනුව ආශනයක් ලැබීමේ ප්‍රතිශතය අඩුකිරීම

16 වන සන්ශෝධනය. (1988.dhe.17) ව්‍යවස්ථාවේ අන්ක 20 සන්ශෝධනය කොට ජාතික භාෂාව වූ සින්හල ඉවත්කොට දෙමළ භාෂාවද ජාතික භාෂාවක් කිරීම සහ උතුරු නැගෙනහිර පලාත් දෙක තුල සින්හල භාෂාව ඉවත් කොට දෙමළ භාෂාව රජකොට, සින්හල භාෂාව පලාත් 7 කට පමණක් සීමාකිරීමෙන් සින්හල භාෂාවේ දිවයින පුරා තිබුණු ජාතික භාෂා තත්වය ඉවත් කොට මේ සින්හල ටේ, සින්හල දෙවැනි භාෂාවක් බවට පත් කිරීම සහ මුල් ව්‍යවස්ථාවේ 18 සහ 19 අහෝසිකොට දෙමළ භාෂාව මුළු ර ටේම ජාතික භාෂාවක් කිරීම සහ ඒ සමඟම සින්හල භාෂාව උතුරු නැගෙනහිරින් ඉවත් කිරීම.

මේ සියළුම සන්ශෝධන සිදුකොට ඇත්තේ රජයේ සහ දේශපාලකයින්ගේ බලය රැකගැනීම සඳහාම මිස රටේ හෝ ජනතාවගේ සුභසිද්ධිය සඳහා නොවේ. ඊටත් වඩා ව්‍යවස්ථාව සම්මතකොට වසර 10ක් ඇතුලතය. 1789 සම්මතකළ ඇමෙරිකානු ව්‍යවස්ථාවාට වසර 335 තුල සිදුකොට ඇති සන්සෝධන ගණන 27ක් පමණි. නමුත් අපේ ව්‍යවස්ථාවට වසර 47ක කෙටි කාලයක් තුලදී සන්ශෝධන 21ක් කර තිබීමෙන්ම 1978 ව්‍ය්වස්ථාව වසර 2566 ක ඉතිහාසයක් හා ශිෂ්ඨාචාරයක් ඇති රටකට ගැලපෙන පරිදි එසේම රාජ්‍යයේ දීර්ග කාලීන පැවැත්මක පදනම වන පරිදි ගැඹුරු අධ්‍යයනයකින් තොරව තම පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා කඩිමුඩියේ සකස්කළ මේ රටේ රාෂ්ඨ්‍රපාලනයට නොගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බව පැහැදිළි නොවේද ?

ජේ. ආර් ගේ බහුබූත ව්‍යවස්ථාව”

1997 දී චන්ද්‍රිකා, 1978 ව්‍යවස්ථාව හැඳින්වූයේ ජේ. ආර් ගේ බහුබූත ව්‍යවස්ථාව නමිණි.නමුත් ඇය එය වෙනස් නොකළාය. ව්‍යවස්ථාවේ ප්‍රධානම නිර්මාණයවූ විධායක ජනාධිකම අහෝසි කර බවටද පොරොන්දු වුව ඇය එයද    අහෝසි නොකළා පමණක් නොව දෙවැනි වතාවටද ඒ සඳහා තරඟ කළාය.ඊට පසු පත්වූ සෑම ජනාධිපති වරයෙකුම එය අහෝසි කිරීමට පොරුන්දු වුවද ඒ කිසිවෙක් එය අහෝසි කලේද නැත. එහි නිර්මාර්තෲ ජේ. ආර්. ඔහුගේ ව්‍යවස්ථාවට පිරිමියෙක් ගෑනියක් කිරිම සහ ගෑනියක් පිරිමියෙක් කිරීම හැර ඕනෑම දෙයක් කළ හැකියයි කී එම ව්‍යවස්ථාවෙන්, ඒ දෙක හැර මේ රටට කළහැකි අනෙක් සියළුම විනාශයන් දැන් සිදුකොට හමාරය.1994 සිට බලයේ සිටි සියළුම ජනාධිපති වරුන් විධායක ජනාධිපතිකම අහෝසිකිරීමට ප්‍රතිඥා දුන්න ද ඒ කිසිවෙක් අද දක්වාම එසේ කළේද නැත්තේ ඇතැම් විට බලය ලබාගැනීමෙන් පසු එහි රස වැටීමෙන් මැතිවරණ පොරොන්දු අමතකවෙන නිසායයි අපට සිතේ.

ජේ. ආර්. කී පරිදි ගැහැණු- පිරිමින් නොකළාට මේ රටට හා ජාතියට සිදුකළහැකි සියළුම විනාෂයන් ඔහු ඒ තුලින් සිදුකළේය.

ඔහු තම සහෝදරයා වූ රාජ්නිතිඥ එච්. ඩබ්. ජයවර්ධනගේ සහායෙන් මෙය නිර්මාණය කළේ, 1940 ගනන්වල සිටම දසක ගානක් තිස්සේ ඔහුගේ සිතේ පැසවමින් තිබුණු අදහසක්වූ මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීම ඉටුකරගැනීමට සහ තම දේශපාලන පසමිතුරන් සියල්ල මර්ධනය කොට තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට මිස, මේ සින්හල රටේ, රට දැය සමය ආරක්ෂා කොට එය සව්භාග්‍යමත් දේශයක් කිරීමට නොවේ.

1948 මෙපිට මේ රටේ පහළවූ ජාත්‍යන්තර මට්ටමේ එකම රාජ්‍යනායිකාවවූ, තමන්සතු ඉඩම් අක්කර දහස් ගානක් ජනතාවට හා පරිත්‍යාග කළ ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායිකාව වූ මේ රට ස්වාධීන, නිදහස්  සව්භාග්‍යමත් දේශයක් කිරීමට අපමණ මෙහෙයක් කළ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි කිරීමෙන් සහ වසර 5 පුරා  පවත්වනලද මැයි 22 ජනරජ දින උත්සවයද  අවලන්ගු කොට නැවතත් කිසිදාක නොලැබුණු ෆෙබ 4  දිනම නිදහස් උත්සවයම පැවැත්විමෙන් ඔහු තුලවු ඔහුගේ දුෂ්ඨ හා පරගැති මානසිකත්වය ප්‍රකටවේ. 

මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍ර වාදයට අණුව චන්ද දායකයාට ඔහුගේ දුක්ගැනවිළි කිවහැකි නියෝජිතකු තෝරාගැනීම ඇතුළු ඔහුගේ අයිතිවාසිකම් වලට මෙන්ම, රටේ භෞමික  අඛණ්ඩතාවයට, ඒකීය භාවයට, ස්වෛරී භාවයට, නිදහසට, සින්හල ජාතියේ වසර 2566 ක මේ භූමියට තිබුණු අඛන්ඩ උරුමයට, බුද්ධසාශනයේ චිරෂ්ථිතියට, රටේ  නිදහසට,  පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ස්වාධීනත්වයට, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට සහ ඊට අමතරව රටේ ආර්ථිකයට,  සන්වර්ධනයට, රටේ ප්‍රාන්ත පරිපාලනයට සහ රාජ්‍යසේවයට, බලය විමධ්‍යගත කිරීමට   සහ යහපාලනයට  එසේම ජනතාවට සේවා ලබා ගැනීමේ අපහසුතා වැඩිවීමට මෙන්ම ඇමතිවරු, මන්ත්‍රීවරු,  නිලධාරීන්, ආයතන සහ රාජ්‍ය වියදම  වැඩිවීම,දුෂන හා නාස්තිය ඉහළයාම අනාදිය නිසා 1978 ව්‍යවථාවෙන් දියත් කළ වෙනස්කම් වලින් දේශපාලනය මෙන්ම රාජ්‍ය පරිපාලනයද අවුලෙන් අවුලට ගොස් රාජ්‍ය වියදම් ඉහල ගොස් රට බන්ක්ලොත් වීමට බලපෑ ප්‍රධාන සාධකයක් බවට 1978 ව්‍යවස්ථාව සිදුකොට ඇති හානිය මෙතෙකැයි කිව නොහැක.

කොටින්ම කිවහොත් රට තුල පැවැති ආසන පදනම මත චන්දදායකයින්ට තම නියෝජිතයා මැතිසභයට යැවීමේ සරළ ක්‍රමය වෙනස්කොට ඊනියා දිස්ත්‍රික් මන්ත්‍රී නම්වූ කුණුහරුපයක් සහ අනුපාත, සමානුපාත ආදි විකාර හඳුන්වා දීමෙන් චන්දදායකයින්ට මන්තීවරයෙක් නැති, මන්ත්‍රීවරයෙකුට ආශනයක් නැති ක්‍රමයක් ඉර්මාණයකොට මැතිවරණ ක්‍රමයද අවුලෙන් අවුලට පත්කොට චන්ද කුණුහරුපයක් සහ අනුපාත, සමානුපාත ආදි විකාර හඳුන්වා දීමෙන් චන්දදායකයින්ට මන්තීවරයෙක් නැති, මන්ත්‍රීවරයෙකුට ආශනයක් නැති ක්‍රමයක් ඉර්මාණයකොට මැතිවරණ ක්‍රමයද අවුලෙන් අවුලට පත්කොට චන්ද දායකයා සහ මන්ත්‍රීවරයා අතර තිබුණ අවියෝජනීය සම්භන්ධතාවය        විනාශකළේද,   නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශකළේද  මෙම ව්‍යවස්ථාවෙන්ය.

1978 ව්‍යවස්ථාවෙන් සිදු වූ රටට අහිතකර තවත් හානි කීපයක් පහතින් දක්වමි.

1.රටේ රාජ්‍ය බලය එක පුද්ගලයෙකුට පැවරීමෙන් ඒකාධිපති පාලනයකට මඟ පෑදී

2. පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන් ජනාධිපතිගේ ප්‍රාණ ඇපකරුවුන් කිරීම

3. පාර්ලිමේන්තුවේ ජනතා නියෝජනය අර්ථ ශූන්‍ය වීම සහ ජනමතයේ වටිනාකම බින්දුව වැටීම

4 ජනාධිපතිට අභිමත පරිදි පාර්ලිමේන්තුව නොවිමසා, රටට හානිකර අත්තනෝමතික ජාත්‍යන්ත්‍ර ගිවිසුම් අත්සන් කිරීම

5.ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා පත් කරගැනීමේ පවතින දෝෂ නිසා අවුරුදු 15ක් තිස්සේ මහජනයා ප්‍රතික්ෂේපකළ මැතිසබයේ එක ආශනයක්වත් නැති, එසේම ජනාධිපති වරණයේදී රටේ මුළු චන්ද සන්ක්‍යාවෙන් 97% ක් ප්‍රතික්ෂේප කළ (ඝෝටා 52%+සජිත්41.99% අනුර 3%= 97%) කෙනෙකුට වුවත්, එම වරම මුලුමනින්ම පරාජයකොට ජනාධිපති විය හැකි වීම. (යටත් පිරිසෙයින් මහජන චනදයෙන් පත්වූ මන්ත්‍රී වරයෙක් වූ අයෙකු විය යුතුය යනුවෙන් හෝ සඳහන් කර තිබුණේනම් මේ වරද වලක්වා ගන්ට හැකියයි මට සිතේ,අගමැතිවරයා ඒ සඳහා පත් කලේනම් ඊටත් වඩා හොඳයයි මම සිතමි. තව දුරටත් 2019 ජනවරම සම්පූර්ණ්යෙන්ම උල්ලන්ඝනය කරමින් ක්‍රියා කිරීමටද ඔහුට දැන් හැකිවී තිබේ.මෙසේ වීමට  අවරද ඇත්තේ 40 වන වගන්තියේය

6. මැතිවරනයට ඉදිරිපත් නොවීම ඊනියා ජාතික ලයිස්තුවෙන් පක්ෂ නායකයින්ගේ මනාපයෙන් 29 දෙනෙකුට මැතිසභයට යාමට හැකිවීම

7 රාජ්‍ය නායකයාගේ තනි තීරණනය මත රටට හෝ ජනතාවට කිසිම වගකීමක් නැති මොවුන්. ප්‍රබල ඇමතිධුරවලට පත්වීමට හැකිවීම.මෙය නියෝජිත ප්‍රජාතන්තරවාදය මරා දැමීමක් නොවේද?

8.  ව්‍යවස්ථාවේ 4  (ආ පාර්ලිමේතුව ජනතාව විසින් පත්කරගත් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වන බව සඳහ්න්ය නමුත් එය සාවද්‍යය. මන්ද එහි සිටින මන්ත්‍රීවරුන් 225 න් ජනතාව චන්දෙන් තෝරාගත් අය සිටින්නෙ 196ක් පමණි සෙසු 29 දෙනා ඊනියා ජාතික ලැයිස්තුවෙන් පක්ෂ නායකයින් විසින් තෝරාගත් (සෙලෙcටෙඩ්) අය මිස ජනාත චන්දයෙන් පාර්ලිමේන්තුවට ආ අය නොවේ, එමනිසා මුළු පාර්ලිමෙන්තුවම නීත්‍යාණුකූල නැතැයි කෙනෙකුට තර්ක කළ හැක. ඒ තාක් දුරට මේ පාර්ලිමේන්තුවේ 1978 සිට සම්මත කළ සියළුම නීති, නීති විරෝධීයයි තර්ක කළහැක.

9. සමස්තයක් වශයෙන් ගත් කළ මෙම ව්‍යවස්ථාවද පදනම් වී ඇත්තේ සෝල්බරී ආකෘතිය මතමය.

10.මේ රට හා ජාතිය අවුරුදු 2566 ක ශිස්ඨාචාරයක  උරුමයක් ඇති  ජාතියක්  බවට මේ ව්‍යවස්ථාවේ කිසිදු සලකුණක්ද  නැත 

11.මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනිවාර්‍යෙන්ම අපගේම ශිෂ්ටාචාරය පදනම් කොට ගෙන සකස්විය යුතුය

12. එසේම වසර 2566 ක උරුමක් ඇති ජාතියක් වෂයෙනෙම එම  උරුමය ආරක්ෂා කරගැනීම සඳහා මේ රටේ සියළුම වැසියන් විසින් සාකච්චා නොකළ හැකි, එසේම සියළුදෙනාම විසින් අවිවාදයෙන් පිලිගතයුතු ප්‍රඥප්තියක්ද තිබිය යුතුය. එවැන්නක් ද මෙහි නැත.

1978 ව්‍යවස්ථාව අහෝසිකිරීමේ වාසි

1.වි‍යවස්ථාව අහෝසිකිරීමත් සමඟම විධායක ජනාධිපති කමද අහෝසිවන බැවින් ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමද අහෝසිවේ. 2.ඒ සමඟම ජනාධිපති මැතිවරණයට වැයවන රුපියල් කෝටි 1000 ද ඉතිරි වේ. එසේම

3.1972 ව්‍යවස්ථාව යටතේ ජනාධිපති වරයා පත්කරණු ලබන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් නිසා, ඉන් පසු වරින්වර ජනාධිපති වරණයකට මුදල් වැය කිරීමක්ද සිදු නොවේ.

4.1978 ජනරජ ව්‍යවස්ථාව අහෝසිකිරීමත් සමඟම,එම ව්‍යවස්ථාව යටතේ මේ රට හා ජාතිය විනාශකල පහත සඳහන් සියලුම ආයතනද අහෝසි වනු ඇත.

1.2. විධායක ජනාධිපති තනතුර

1.3. මේ රටේ අභ්‍යන්තර පරිපාලනය විනාශ කොට රට අස්ථාවර කිරීමට ඉන්දියාව විසින් අපහිස මත පැටවූ හිසරදය, 13 වන ව්‍යවස්ථා සන්ශෝධනය ඇතුලු සියළුම සන්ශෝධන

1.4. ඒ යටතේ ස්ථාපිත, පලාත් සභා හූනියම සහ ඊට සම්භන්ධ කැබිනට් අමාත්‍ය වැටුප් සහ වරප්‍රසාධ ලබන ආණ්ඩුකාරවරු සහ මහ ඇමැතිවරු ඇතුළු 700ක් පමණ වන මැති ඇමතිවරු කියන පින්පඩි කාරයින්

1.5පලාත් සභා යටතේ ඇති සියළුම ආයතන සහ   නිලධාරින් සහ සේවකයින් අහෝසිවීම. මේ සමඟම රජයට ඉතිරිවන මහා ධනස්ඛන්ධය සහ මෙතෙක් මෙම ආයතන විසින් ලබාගත් කෝටි සිය දහස් ගානක බදුද මධ්‍යම රජයට ලැබීම නිසා රාජ්‍ය භාණ්ඩාගාරය තර විම.

1.6. එසේම ජනාධිපති වරණයකට වැය වන රු. බිලියන15 ක් පමණ සහ විධායක ජනාධිපති වරයකු නඩත්තු කිර්‍රීමට වසරකට වැයවන කෝටි 107.7 කට (2021) ආසන්න විශාල මුදලක්ද මීට අමතරව රට පුරා ඇති හැමදාම මෙන් වසා තිබෙණ, මේ කුඩා රට පුරා පිහිටුවා ඇති අධිරාජ්‍ය වාදි නෂ්ඨාවශේෂ වන සුඛෝපභෝගී ජනාධිපති මන්දිර නඩත්තුවටද වැය වන අති විසාල මුදලත් රටට ඉතිරි කොට ගෙන එම මන්දිර රටට ප්‍රයෝජනවත් වෙනත් කටයුත්තකට යොදා ගත හැක. 1987 සිට අද දක්වා රට ජාතිය විනාශකළ, කෝටි ප්‍රකෝටි ගණනින් ජාතික ධනය රටට අහිමිකළ, ගෙළ ලාගත් වන්ගෙඩියක් වැනි තනතුරක් වෙණුවෙන් මෙතරම් අති විශාල ධනයක් වාර්ෂිකව වැය කරන්නේ කුමක් නිසාදැයි මම අසමි.

අනෙක් අතින් විධායක ජනාධිපතිකම අහෝසිකොට ජාතික රාජ්‍ය සභාවෙන් පත්කෙරෙණ, රාජ්‍ය සභාවට වගකියන ලකිසුරු වරයෙන් පත්කර ගැනීමෙන්  ඉහත සඳහන් වියදම් සියල්ල ඉතිරිවී,

1.7 මීට අමතරව         ජනාධිපති කාර්‍යාල කාර්‍යමණඩල, උපදේශක, 6000 ක් පමණවන ප්‍රභූ ආරක්ෂක බලකාය, විදේශ ගමන්, සිය ගණනක් යාන වාහන ආදිය , විශ්‍රාම ගියවිට පවා නිළනිවාශ,ආරක්ෂක නිලධාරීන් ඒ සඳහා වියදන්  මේ සියල්ල ඉතිරිවීම 

1.8 උතුරු නැගෙනහිරට පොලීස් හා ඉඩම් බලත ආදිය ඉල්ලිම සහ එසේ කරනමෙන් ඉන්දියාවේ බලපෑම නැතිවීම

1.9 බෙදුම්වාදි ඉල්ලීම් දුර්වල වීම

1.10 වර්තමාන ජනාධිපතිවරයා වැනි රටක ජන ප්‍රසාධය 0 ඇති කෙනෙකුට වුවත් මේ ව්‍යවස්ථාවේ අන්ක 40 යටතේ රටේ විධායක ජනාධිපති වෙන්ට ඇති අවස්ථාව අහෝසිවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවීම.

1.11 ලන්කා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විහිළුවක් වීමෙන් බේරීම.

1.12 රටක මුළුමහත් ජනතාවම ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකුට වුවද  ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යටතේ රටේ ජනාධිපති වි ඔහුගේ පුද්ගලික න්‍යාය පත්‍රය අනුව පිස්සු කෙලීමට  වුවද අවස්ථාවක් ලැබීම නතර වීම

1.13 මෙ හැමටම වඩා ජේ.ආර් කලාක් මෙන් , තමන්ගේ තනි මතයට අනීතිකව , මන්ත්‍රීවරුන්ගෙන් දින නොමැති අස්වීමේ ලිපිගෙන  ඔවුන් හිරකර තබා,වෙලාවට පර්ලිමේන්තුවට ගෙන්වා ගෙන ඔවුන්ගේ චන්දය බලයෙන් ලබාගැනීම වැනි ඒකාධිපති වැඩද නතර වීම.

1.14.1972 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පත් කරණු ලබන්නේ අගමැති විසින් බැවින් ජනාධිපති වීමට 1978 ව්‍යවස්ථාවෙන් මෙන් සුළු ජනකොටස්වල චන්දය කෙරෙහි යැපිමක් නැති වීම.

1.15. මේ සියල්ලටම වඩා අවුරුදු 34ක් වැනි කෙටි කාලයක් තුල 21 ක් වතාවක් සන්සෝධනය කළ රටේ සහ ජනතාවගේ පොදු යහපතට  වඩා දේශපාලකයින්ගේ හුදු පැවැත්ම සඳහා සම්මත කරණලද එක් ආත්මාර්ථකාමි පුද්ගලයෙකුගේ අවෂ්‍යතාවන් පිරිමසා ගැනීමට 7,13.14 සහ 16 වැනි සන්සෝධන සහ  මේ රටේ බෞතික අඛණඩතාව,ස්වයිරී භාවය ස්වාධිපත්‍ය සහ රාෂ්ට්‍රපාලන යාන්ත්‍රණය මුලුමනින්ම අක්‍රීයකොට මේ රටේ භූමිපුත්‍රයිනිගේ අභිලාෂයන්ට සියල්ල යටපත්කර  ඉන්දියාවේ අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා සකස්කළ 13 වන සන්ශෝධනය නිසා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථාවකට වඩා සතිපතා පුවත්පතක් බවට පත්කොට ඇති 1978 ව්‍යවස්ථාව නැමැති දේශපාලන හුනියම අහෝසිවීම.

ඉහත සඳහන් හේතු නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් මේ රටට හා ජනතාවට අබැටක් පමණ හෝ ආදරයක් තිබේනම් 1978 ව්‍යවස්ථාව වහා අහෝසිකොට එය මේ රට විනාශකළ ජේ. .ර් ගේ   දේශපාලන මර උගුලකුණුකූඩයට දමා,  ව්‍යවස්ථාදායක සභාවක් විසින් දීර්ග වාෂයෙන් සාකච්චාකොට ව්‍යවස්ථා විසාරදයින් පිළිගත් 1972 ජනරජ ව්‍යවස්ථාව නැවත බලාත්මකකොට  රාජ්‍යසභාවට වගකියන, ජාතික රාජ්‍යසභාව වඳ ගැහැනියකුබවට පත්නොකරණ, ටට අති විශාල මුදලක් වාර්ෂිකව ඉතිරිකරණ ලකිසුරු (ජනාධිපති) වරයෙකු පත් කරගැනීමට නොපමාව  ක්‍රියා කරන මෙන් මම යෝජනා කරමි.

1972 මැයි 22 ජනරජ ව්‍යවස්ථාව යළිබල ගැන්වීම

ඉහතින් දක්වනලද සියළු හානි නැවත සිදුවීම නතර කිරීමට ඇති එකම මඟ 1978 පිලිකාකාර ව්‍යවස්ථාව වහාම අහෝසිකොට ඒවෙනුවට 1972 ජනරජ ව්‍යවස්ථාව නැවත බලගැන්වීමය

1972 මැයි 22 ජනරජ ව්‍යවස්ථාව යනු මේ රටේ වසර 2566 ක දේශපාල ඉතිහාශයේ ඉතා වැදගත් අයිතිහාසික ලේඛණයකි. ලන්කා ඉතිහාසයේ රාජ්‍ය විචාරණය පිලිබඳ රන් අකුරෙන් ලියා තැබිය යුතු පුස්ථකයකි.මන්ද 1815 ආරම්භවූ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් වසර 157 කට  පසු මේ රට සැබෑ නිදහස ලැබුවේ එදින බැවිනි.

1948 බ්‍රිතාන්‍යයෙන් මේ රටට නිදහස ලැබුණා කීම අයිතිහාසික බොරුවකි.මන්ද 1948 ඇත්තවෂයෙන්ම සිදුවූයේ එන්ගලන්තේ සුද්දන් විසින් ඔවුන්ගේ රාජ්‍ය විචාරණය අනුව, එන්ගලන්තය වෙනුවෙන් මේ රට පාලනය කිරීම සඳහා ලන්කාවේ කලුසුද්දන් පිරිසකට භාරදීම පමණි. දේශපාලන ආයතනවල නම්,පාලකයින්ගේ තනතුරුවල නම්, පාර්ලිමෙන්තුවේ වැඩ කටයුතු ක්‍රියාත්මක් වූ ආකාරය, භාෂාව, නීති රීති හා සම්ප්‍රදායන් සියල්ලම 1972 වන තුරුම භාවිතා වූයේ එන්ගලතයේ පිලිවෙලටමය.නමුත් 72 කේ වෙනසත් සමඟම  පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාව විය ආණ්ඩුකාරයා ජනාධිපති වීය.එතෙක් රජයක මූලික අන්ග තුනවූ ව්‍යවස්ථාදායක. විධායක සහ අධිකරණ යන තුනම සිදුවූයේ යටත් විජිතයක ස්වරූපයෙන්මය. පාර්ලිමේන්තුවේ නීති සම්මත කළේ බ්‍රතාන්‍ය රැජිනගේ නමිනි.විධායකයවූ ආන්ඩුකාරායා බ්‍රතාන්‍ය රැජිනගේ නියෝජිතයාය. ඔහු පත්කළේද බ්‍රතාන්‍ය රැජින විසිනි. යුක්තිය පසිඳලන අධිකරණයේ සම්පූර්ණ් ක්‍රියාවළිය සිදු වූයේ එන්ගලන්තේ අන්දමටය.  එහි වඩාත්ම වැදගත් කාරණය වූයේ අධිකරණයේ අවසාන අභියාචන බලය තිබුණේ එන්ගලන්තයේ සාමි මණ්ඩාලයේවීමය. උදා:1962 බණ්ඩාරනායක මැතිනියගේ රජයට විරුද්ධව කුමන්ත්‍රණයේ ණඬුව නම්කොට තිබුනේ ලියනගේ එරෙහිව රැජින වෂයෙනි. එසේම 1971 ජේ.වී.පි කැරැල්ලේ ණඩුව නම්කර තිබුණේද විජේවීරට එරෙහිව රැජින  යනුවෙනි. මේ අනුව ලන්කා අධිකරණයේ වරද කරුවන් වූ චූදිතයින් සාමිමණ්ඩලයේදි නිදහස් විය. ඒ අනුව 1972 වන තුරුම අධි රාජ්‍යයේ බලපෑම දිගටම ක්‍රියාත්මක විය.

මීට අමතරව ත්‍රිකුනාමලේ සහ කටුනායක ගුවන් කඳවුරු තිබුණේද  එන්ගලත්යේ භාරයේය.  එසේම එන්ගලතයේ රැජිනගේ අවසර නැතිව විදේශ රටවල් සමඟ ගිවිසුම්වලට බැඳීමද තහනම්ය. තවදුරටත් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු වෂයෙන් ඊට අදාල නීති රීතිවලින්ද අපි බැඳී සිටියෙමු. ව්තුකරයේ තේ වතු වැඩි කොටසක් තිබුණේද රන්පවුම් වතු වෂයෙනි. මැතිනිය ඒවාද ජනසතු කළාය. කැල්ටෙක්ස්, මොබිල් තෙල් අධිකාරියද මැතිනිය ජනසතු කලාය.මේ බැඳීම් සියල්ලගෙන් පූර්ණනිදහස ලැබුණේ 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුවය.

ඒ අනුව ඇත්තවෂයෙන්ම 1815 මාර් 2දායින් පසු මේ රටට පූර්ණ නිස ලබුණේ 1972 මැයි 2 දා බව දැන් ඔබට පැහැදිළියයි සිතමි. නිදහස ලබා නිදහස් ජාතික රාජ්‍ය සභාවක්” ව්‍යවස්ථා දායක විධායක සහ අධිකරණ යන තුනේ නිදහසද ලබා පූර්ණ නිදහස් රටක් බවට මේ රට පත්වූයේ 1972 මැයි 22 දාය.

තවද එම ව්‍යවස්ථාව බලගැන්වීමත් සමඟම පසුගිය වසර 35 ක් පුරා මේ රට සිදුවූ වින්නැහියන් සියල්ල නතරවී මේ රටත් ජාතිය නව ගමනක් ආරම්භ කරණු ඇත.ඉහති න් 1978 ව්‍යවස්ථාව අහෝසි කිරීමේ වාසි” යටතේ මවිසින් දක්වනලද සියළුම වාසීන්ද මේ රටේ ජනතාවට භුක්ති විඳීමට අවකාශ ලැබෙණු ඇත.

එම නිසා තවදුරටත් යටත් විජිත වැසියන් වශයෙන් හා නිවටුන් මෙන් ක්‍රියා නොකොට අධිරාජ්‍යවාදී වහල් මානසිකත්වයෙන් දැන්වත් මිදී මේ වසරේ සිට හෝ යලිත් මැයි මස 22 දින මේ රටේ ජනරජ දිනය 1972 සිට 1977 දක්වාම පැවති පරිදි යලිත් මේ වසරේ සිට මැයි 22 ජාතික ජනරජ දිනය සහ නිදහස් දිනය” වෂයෙන් නම්කොට එදිනට එම ජාතික උත්සවය පවත්වනමෙන් සියළුම ජාති හිතෛෂි දේෂප්‍රේමින් රජයට එක හඬින් මේ පරගැති රජයට බලකර සිටිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress