අද පැවැත්වෙන ඊණියා මැයි දිනයේ මැයි පෙළපාළි 40ක්. කොළඹට ලකෂ 5ක සෙනනගක්. ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් 4 න් 3 ක් කොළඹින් පිට.  (ප්‍රවෘතියක් 30.4. 2024).
Posted on April 30th, 2024

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර.

                  ජනලේඛණ සහ සන්ඛ්‍යාළේඛණ දෙපාර්තමේන්තුවට අනුව මේ වනවිට නාගරික සමාජයේ 53%, ග්‍රාමීය සමාජයේ 73% සහ වතුකරයේ 81% කට ඔවුන්ගේ එදිනෙදා  ජීවිතය ගෙනයාමට ප්‍රමාණවත්  ආදායමක් නැත. නාගරික සමාජයේ රු 59,000 ද. ග්‍රාමීය මාජයේ 37,560 ද සහ වතුකරයේ 29,000 ද අවශ්‍ය වන නමුත් බහුතරයට මෙම ආදායම නොලැබෙන බව කියයි. මහ බැන්කුවට අනුව මේ වනවිට ජාතියේ ඒකපුද්ගල ණය ඇ.ඩො. 3,947 කි යයි කියයි.එසේ තිබියදී තව තවත් ණය ගැනීමද රජය දිගටම සිදු කරයි. එසේ වු විට රටේ සමස්ථ ණය මෙන්ම ඒකපුද්ගල ණයද තවත් ඉහල යයි.

මෙවැනි උග්‍ර ආර්ථික අර්භුධයකට රට පත්ව තිබියදි ඉදිරියෙදි පැවැත්වීමට ඇති ජනාධිපති මැතිවරණය ඉලක්ක කරගෙන මන්ත්‍රී වරන්ට අලුතෙන් සුකෝපභෝගී වාහන ගෙන්වාදීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලීබාගැනීමට එක් අයෙකුට මිලියන 50 බැගින් ලබාදීම වැනි අයුතු ක්‍රිය කිරීමෙන් රටේ නය වත් වැඩිවණු නොඅනුමානය.මේ අතර රටේ කෘෂිකර්මාන්ත,  කර්මාන්ත අන්ශවල නිශ්පාධනය වැඩිකිරීමට හෝ රැකියා උත්පාදනය වැඩිකිරීමට කිසිදු වැඩ පිලිවෙලක්ද නැත. මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලනවිට ඉතාඅමත් පැහැදිළිව පෙනෙණ කාරණය නම් රට තවත් අඝාධයටම යන බවය, කොටින්ම කියනවානම් කබලෙනුත් ලිපටම වැටෙන බවය.

මෙවැනි අවස්ථාවකදි රජය පමණක් නොව විපක්ෂයේ සියළු දෙනාද  කළයුත්තේ එම අර්බුධයෙන් රට ගොඩ ගැනීමට පියවර  ගැනීම මිස  කම්කරුවන්ට හෝ වෙනත් කීසිම කෙනෙකුට යහපතක් සිදු නොවෙන  මිනිස්දින ලක්ෂ ගානක් අපතේ යවමින්  දේශපාලන ශක්තියේ හෙළුව ප්‍රදර්ෂනය කිරීමේ මෙවැනි බොරු සෝභන ප්‍රදර්ෂන කිරීම නොවේ.

කොළඹට පැමිණෙතැයි කළ්පනාකරණ ලක්ෂ 5 හෙට කොළඹට එමට සූදානම් විමට දින 2ක් හා ආපසු ගොස් මහන්සි ඇරීමට තවත් දින දෙකක් ගත්ත රැස්වීමට සාභාගිවන දිනයත් සමඟ අඩුම ගානේ මේ සඳහා එක් පුත්ගලයෙක් දින 5 ක් වත් වැය කළයුතුයයි ගණනය කලහොත් අඩුම තරමින් වැඩකරණ මිනිස්  දින ලක්ෂ 25ක්වත් මේ නිසා රටට අහිමි යණු ඇතැයි උපකළ්පනය කළ හැක. කොළඹින් පිට පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් 3ද මීට එකතු කළයුතු වුවත් මුළු මිනිස් දින ගණනේ වැඩි වෙනසක් නොවණු ඇතයි සිතමි.

තම දේශපාලන හෙලුව රටට පෙන්වීම නතරකොට රට ජාතිය පත්ව ඇති අර්භුධයෙන් ගොඩගැනීම මුල්තැන තබා ක්‍රියාකරන දේෂප්‍රේමී ජාති හිතයිෂී  සහ ජනතා හිතවාදී දේශපාලනයක් කවදානම් මේ රටේ පහලවේදැයි අපි බලා සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress