සිවුරේ බලය දැන්වත් පෙන්විය යුත්තේ.
Posted on May 12th, 2024

සුදත් ගුණසේකර 

කාලෝ අයන්තේ භන්තේ?

ඇත්තක් ඇති සැටියෙන්       කිවයුත්තේ

සිවුරයි පණ දී රට                 රැකගත්තේ

සිවුරෙයි හෙළයේ අනු පණ        ඇත්තේ

අදත් නසින්නේ මේ රට              මත්තේ

                                          (ගරු මසිලීනු ජයකොඩි පියතුමා )_

මේ රටේ වසර 2566 ක් තිස්සේ සිංහල -බෞද්ධ සංස්කෘතිය සහ ශිෂ්ඨාචාරය රැකගත්තේ බෞද්ධ භික්ෂූන්ය. එමනිසා අදත් එය ආරක්ෂා කරගැනීමට පෙරමුණට වඩිණු මැනවි ස්වාමීනි. ඔබ වහන්සේලා හැර අන්සරක් සින්හල ජාතියට මේ මිහිපිට නැත. ඔබවහන්සේලාට ජාතියේ මුරදේවතාවුන් යන අන්වර්ථ නාමය පටබැඳුනේ ඒ නිසාය. මා ඔබවහන්සේලාට මෙම ආයාචනය කරණුයේ ජාත්‍යන්තරයෙන් මෙන්ම දේෂීය වෂයෙන්ද සාශනයේ චිරස්තිථියට මෙන්ම ගරුතර සන්ඝරත්නයේ ගෞරවයටද බලවත් තර්ජන එල්ලවී ඇති, එසේම ඒ පිළිබඳ කිසිම අවධානයක් යොමු කරණ රජයක් මේ රටේ නැති අවස්ථාවකදීය.

දැනට ඉදිරිපත් වී ඇති භාධා අතර,අන්‍යාගමිකයින් විසින් සාශනයට සහ භික්ෂූන්ට මෙන්ම බුදුන් වහන්සේට පවා ප්‍රසිද්ධියේ  නින්දා අපහාස කිරීම, න්න්‍යාගමීකරණය, උතුරු ණැගෙනහිර ප්‍රධානකොට ඇති දිවයිනේ පුරා බෞද්ධ සිධස්ථාන  විනාෂ කිරීම සහ පූජාබිම් ආක්‍රමණය කිරීම, භික්ෂූන්ට නින්දා පහාස කිරීම, මෙන්ම භික්ෂූන් සිරගත කිරීම, අතිගරු මහානායක හිමිවරුන්ගේ අනුසාසනාවන්ට  පවා රජය කන්නොදීම සහ ඒ මගින් වසර 2500 පුරා මේ රටේ පැවති රාජ්‍ය කරණ සම්ප්‍රදාය කඩකිරීම මෙන්ම ඒ අතර ඇතැම් චිවරධාරීන් බුද්ධ චීවරයට නිගරුවන අන්දමින් හැසිරීම (උදා  ව්ශයෙන් කුණුහරුප කියන රාජාන්ගනයේ භික්ෂුව සහ හිස රැවුළු නොබා පෙලපාලිවල යමින් වැට කඩුලු උඩින් පනින පාරේ සිවුරු දමා දුවන භික්ෂූන්) වැනි සිද්ධීන් සඳහන් කළ හැක.

මේ ශ්‍රී ලන්කාවබුදුන්ගේ රටය

ගෞතම බුදුන් වහන්සේ බුධත්වයට පැමිණ මාස 9 ක් වැනි කෙටි කාලයක් තුල ජම්බුධ්වීපයෙන් පිට වැඩි පලමු විදේශ රටද මේ ශ්‍රී ලංකා වය. උන්වහන්සේ බුද්ධත්වයෙන් 9 වන මස මහියන්ගනයට වැඩියේ යක්ෂ ගෝත්‍රිකයින් අතර වූ ආරවුලක් සමතය කිරීමටය. දෙවන වරට 5 වන වසරේ දී නාගදීපයටද යලිත් 8 වන වසරේ රහතුන් 500 සමඟ කැළනියටද වැඩියහ.  ඒ ගමනේදීම දීගවාපියටද කතරගමටද එසේම සමනළ ගිරි හිස මුදුනතටද වැඩ එහි උන්වහන්සේ ගේ ශ්‍රී පාදය පිහිටවුහ.  මේ ගම්න්වලදී රුවන් වැලි සෑ පින් බිම සහ අනෙකුත් තුන්හෙලේ සොලොස්මස්ථානද බුදු සිරිපා පහසින් සළකුණු කළ බව පොත පතෙයි සඳහන් වෙයි.

එබැවින් ක්‍රි.පූ.307 දි දේවානම්පියතිස්ස රජු සමයේදී ඹදිව්හි මහරජ අසෝක පුත් මහින්ද මහරහතුන් වහන්සේ විසින් නිල වෂයෙන් බුද්ධාගම ලන්කාවට ගෙනමට පෙර මේ රට පුරාම බුද්ධාගම පැතිරී තිබුණු බව අප පිළිගත යුතුය. ඒ අනුව බුදුන් වහන්සේ පිරිනිවන් පැමටත් පෙර නම් බුද්ධත්වයට පත්වී මාස 9 සිටම උන්වහන්සේම මේ රටේ බුද්ධාගම ස්ථාපිත කොට තිබුණු බව අයිතිහාසික සත්‍යකි.එසේ වූ විට උන්වහන්සේ වසර 45ක් ජීවමානව දහම් දේශනා කළසේක යන පදනම අනුව  උන්වහන්සේ  මහියන්ගනයට වැඩමකොට ඇත්තේ ක්‍රි. පූ. 588 දී පමණ විය යුතුයයි නිගමනය කළහැක. එසේම බුදුන් උපන් දේශය වූ දඹදිවින් පසු බුදු දහම ලැබුණු පළමු විදේශය මේ රටය.  බුදුන් හන්සේ පිරිනිවන් පා වදාල ක්‍රි. පූ. 543 වෙසක් මස පුන් පොහෝ දිනයෙහි විජය කුමාරයා මෙහි ගොඩබට වේලාවෙහිද සක්දෙව් රජ අමතා,

පටිස්තිස්සති දෙවින්ද – ලංකායන් මම සාශන

 තස්මා සපරිවාරන්තන් -රක්ඛ ලංකන්ච සාදුකන්’

දේවේන්ද්‍රය ලංකාවෙහි මගේ සාශනය පිහිටවෙයි. එබැවින් විජය කුමරු සහ ඔහුගේ පිරිවර ආරක්ෂා කළ මැනව” යි දේශනාකලේ වැඩිකල් නොගොස්ම දඹදිවින් එය අතුරුදන්වන බව දිවැසින් දුටු බවද  එහෙත් එය මතු  5000 ක් පුරා නිරුපද්‍රිතව මේ පින් බිමෙහි’  පවතින බවද උන්වහන්සේ බුදු ඇසින් දුටු නිසාය. මෙකී කරුණු අනුව බුදුන් වහන්සේ තම උපන් බිම වූ ජම්බුධීපයටත් වඩා මේ හෙළබිමට ආදරයක් දැක්වූ බව සිතිය හැක.

මා මෙම පූර්විකාව මෙහි සටහන් කළේ බුදුරජුන් පවා මේ හෙලබිමට කොතරම් ආදරය කළාද, ලක්දිවට බුදු සසුනේ ඇති වටිනාකම කොපමණද එසේම සින්හල ජාතිය ගොඩ නැගීමේදී උන්වහන්සේගේ ශ්‍රාවකයින් වූ බික්ෂූන්ගේ වටිනාකම කොතරම්ද යන කරුණු පිළිබඳ පාඨක ඔබ තුල අවභෝධයක් ඇති කිරීම සඳහාය. ඒ සමඟම බුද්ධ චීවරය දරාගෙන සිටින සෑම පුද්ගලයෙකු තුලම එහි ඇති උත්තරිතර භාවය සහ කය, වචනය,මනස සහ අන් සෑම තැන්හිම සන්වරවී බුද්ධ චීවරයේ ගෞරවය ආරක්ෂාකීරීමේ ඇති වගකීම පිළිබඳ වැටහීමක් ඇති කිරීම සහ බුදුන්ගේ දේශය වූ මේ රට සහ ජාතිය රැකීමේ භික්ෂුව සතු වගකීම පෙන්වා දිමය.

ලංකා භුමිය තුල භික්ෂුවගේ කාර්‍ය හාරය සහ වගකීම

බුදු දහම මෙහි පිහිටවු දා සිටම ඉතිහාෂය පුරාම දැහැමෙන් සෙමෙන් රජුන්ට අනුශාසනා කරමින් මේ රටත්, ජාතියත් සාශනයත් රැකගත්තේ මේ රටේ බෞද්ධ භික්ෂූන්ය. උන්වහන්සේලාට ජාතියේ මුර දේවතාවුන් යන නම පටබැඳුනේ ද එමනිසාමය.   රාජ කුමාරවරුන්ට මෙන්ම සමාජයේ අනෙකුත් සියළු දෙනාටද සියළුම ශිල්පශාස්ත්‍ර උගැන්වූයේද නක්ශාස්ත්‍ර, ගණිත, ඝාන්ධර්ව, වෙද හෙදකම්,භෂා ශාශ්ත්‍ර  ,කලා ෂිල්ප ආදි සියළු ශාස්ත්‍ර වල උල්පත වූයේද  බෞද්ධ භික්ෂූන්මය.බණ දහමින් සමාජය යහමඟ යැවීමද, එලොව හා මෙලොව සුගතියේ මඟ පෙන්වූයේද ඒ සඳහා පොත පත ලීවේද උන්වහන්සේලාමය. සින්හල බෞද්ධයෙකුගේ උපතේ සිට විපත දක්වා පමණක් නොව ඉන්පසුවද භික්ෂුවගේ සම්භණ්ධතාව අවසන් නොවේ. ඒ අනුව සින්හලයාගේ සහ භික්ෂුව අතර ඇති සම්භන්ධය  ගසත් පොත්තත් අතර ඇති සම්භන්ධ හා සමානය.

බුදුදහමට, රටට හා සිංහල ජාතියට භික්ෂූන්ගෙන් සිදුවූ සේවය

 ක්‍රි. පූ. 1 මු සියවසේදී වළගම්බා රජ සමයේ බෞ ශිෂ්ඨාචාරයේ පදනමවු බෞධ ත්‍රිපිටකය මාතලේ අලු ලෙනේදි පළමුවරට  පොපුස්කොළ පොත්වල ලේඛණාරූධ කොට ලෝකයට දායාද කලේ ලන්කාවේ බෞද්ධ භික්ෂූන්ය. පන්සිල් පද පහ මුල්කොටගෙන දසරාජ ධර්මය සහ සතර සන්ග්‍රහවස්තූන් පදනම්කොටගෙන, මිනිසුන්ට පමණක් නොව සියලු සතුන්ටද මෙත පතුරුවන් ධර්මාශෝක රාජ්ය සන්කල්පය මේ රටට හඳුන්වා දී රජු රටේ අයිතිකාරයා නොව භාරකාරයා පමණි යන මිහින්තලෙන් ඇරඹුණු බෞද්ධ රාජ්‍ය සන්කල්පය රටපුරා ප්‍රචලිත කලේද බෞද්ධ භික්ෂූන්මය.

මධ්‍යයකාලීන ග්‍රාම රාජ්‍යක් වූ මේ රටේ සෑම ගමකම මූලස්ථානය වූයේ පන්සලය. ගමේ ආගම දහම පමණක් නොව සියලුම ෂිල්ප ශාස්ත්‍ර  වල කේන්ද්‍රස්ථානය වූයේද ගමේ පන්සලය. එහි නායකයා භික්ෂුවය.

රාජ්‍ය පාලනයේදී ලන්කා ඉතිහාශයේ භික්ෂුව නිතරම සිටියේ රජුට ඉහලින්ය. රජු හුනස්නෙන් නැග්ගා පමණක් නොව භික්ෂුවට රජ වැන්දා මිස භික්ෂුව රජුට කිසි දිනක වැන්දේ හෝ හුනස්නෙන් නැගිට්ටේ නැත. රජතුමා රාජ්‍ය පාලනය පිලිබඳ නිතරම අවවාද අනුසාසනා ගත්තේද භික්ෂුවගෙන්ය. මේ රටේ ඉතිහාසහය පුරාම භික්ෂුවට තිබුණ අනභිභවනීය සමාජ තත්වය එබඳුය. එපමණක්ද නොව බුද්ධ චීවරය සින්හල බෞද්ධ සමාජයේ කොතරම් උසස්කොට සැළැකේදැයි කිවහොත් එය පෙරවාගත් පුතුට පියා මෙන්ම අම්මාද අදටත් දනගසා වඳියි.

සිංහලයාගේ උපතේ සිට මරණය අවසන්කොට ඇති ජීවිතයේ හික්ෂුව නැතිව කෙරුණු කටයුත්තක් නැති තරම්ය. මේ නිසා භිෂුවගෙන් තොර සිංහල බෞද්ධ සමාජයක් ගැන සිංහල සමාජයේ කිසි තැනක සිහිනෙන් හෝ සිතිය නොහැක.දරුවෙක් බිහිවූ විට වේළාපත්කඩය සෑදුවේද ,දරුවාට නමක් තැබුයේද  ගෙදරට දොරට  ගොවි තැනට සුභ නැකතක් හැදුවේද දරුවාට අත් පොත් තිබ්බේද අකුරු කියෙව්වේද  බනට,  දනට පිරිතට වැඩියේද,ලෙඩට බේත් දුන්නේද අවසානයේදි පන්සකූල දෙන්නේද ගමේ පන්සලේ හාමුදුරුවෝ මය.

මේ ආදි හේතූන් නිසා සිංහල  සමාජයේ මිනිස් ජීවිත්යේ භික්ෂුවගෙන් තොර කිසි සන්සිද්ධියක් දැක්ක නොහැක. ගමේ පන්සල මෙලෝ ජීවිත්යේ මෙන්ම එලෝ ජීවිත්යේද කේද්‍රස්ථානය විය. රට පුරා වෙහෙර විහාර ගොඩ නැගින. ඒවා කලාශිල්ප වලින් බැබළුවේද භික්ෂුවමය .

එපමණක් නොව ආදි කාලයේ සිටම රට, දැය සමය රැක ගැනිමට නිතරම පෙරමුණ ගත්තේද බෞද්ධ භික්ෂුවමය.උදාහරණයක් වෂයෙන් දක්වතොත් එලාර-දුටුගැමුණු යුද්ධයේදී ථේර පුත්ථාභය, මහනුවර යුගයේදී වාරියපොල සුමන්ගල, කඩහපොල හිමි සහ පසුකාලීනව මොහොට්ටි වත්තේ ගුනානන්ද හිමියන් වැනි අය සඳහන් කළ හැක.

මේ අතර අධිරාජ්‍යවාදි බලපෑම්, මෙන්ම කතෝලික පල්ලියේ මෙන්ම මාක්ස්වාදි ඉගැන්වීම් නිසාත් බෞද්ධ ආර්ථික ක්‍රම්යෙන් බැහැරවී නූතන පරිභෝජනවාදයේ බලපෑම් නිසා වර්තමානයේ ඇතම් භික්ෂූන් සම්ප්‍රදායික බෞද්ධ චර්යාවෙන් බැහැර ක්‍රියාවල යෙදීම නිසා භික්ෂු සමාජය තුල මෑතක සිට බොහෝ විපරීත කටයුතුවල යෙදෙන බව පෙනේ. ඒ අතර කොන්ඩ රැවුල් දික් කිරීම, විරෝධතා පෙලපාලිවල සටන්පාට කියමින් යාම, සිවුරු, අඳන පවා වැටවල් උඩ සහ මහපාරේ දමා දිවීම, බීමත්ව රිය පැදවීම පමණක් නොව තිත්ත කුණුහරුපයෙන් රාජ්‍ය නායකයාට පවා ප්‍රසිද්දියේ මාධ්‍ය හරහා පරිභව කරමින් හැසිරෙන රාජාන්ගනයේ භික්ෂුව වැනි ඇතැම් මාන්සික විපරීත බවින් පෙලෙන භිෂූන්ද සිටින බව පෙනේ. මෙම ප්‍රවනතාව සාශනයට මහත් හානියකි.

එහෙත් මෙවැනි සිද්ධියක් දෙකක් අල්ලාගෙන පොදුවේ සමස්ථ භික්ෂු සමාජයටම දොස් නැගීමද අසාධාරනය. කෙසේ වුවද භික්ෂුව කයින් වචනයෙන්,මන්සිසින් සහ අන් සියළු දෙයින්ම සන්වරවීම ඉතා වැදගත්ය.විනය විරෝධි කටයුතු වල යෙදෙන අසම්මත භික්ෂූන් පාලනය කිරිමේ හෝ උපවැදි කිරීමේ ක්‍රමවත්  වැඩපිලිවෙලක්  ඇති කිරීම ඒ ඒ නිකායවල මහනායක කිමි වරුන්ගේ වගකීමය.සාශනය තුල පවතින නීති රීති ප්‍රමාණවත් නොවේනම් ඒ සඳහා අවෂ්‍ය නීති කතිකාවත් මගින් හෝ සකස්කර ගැනීමද උන්වහන්සේ ලාගේ කාර්ය්‍ය භාරයකි.

මීට අමතර බෞද්ධ විරෝධි අන්‍යාගමික බලවේග විසින් සිදුකරන ඇතැම් ක්‍රියාවන් නිසාද භික්ෂූන්ට මෙන්ම බුද්ධ සාශනයට වර්තමානයේ ඉමහත් හානි සිදුවනබවද පෙනේ. ජෙරෝම් ප්‍රනාන්දු, ජයනී නතාසා නම්වූ දෙදෙනෙක්ද බුදුන් වහන්සේට සහ බුදුදහ මට මහත් අවමාන නින්දා කරමින් ප්‍රසිද්ධ රන්ගනයක යෙදෙනු මාධ්‍යමගින් පසුගිය දිනක අපි දුටුවෙමු.මේ සින්හල බෞද්ධ රටේ බුදුන් වහන්සේට හෝ බුධාගමට එවැනි නින්දා අපහාස කිරිමට කිසි කෙනෙකුට කිසි සේත්ම ඉඩදිය නොහැක. එම ක්‍රියාවන් පිළිබඳ රජය ගණු ලැබූ පියවර අතිෂයින්ම ඇල්මැරුණු බව සින්හල බෞද්ධ සමාජයේ පිලිගත් බහුතර මතයයි. රජයේ මෙවැනි අමන ක්‍රියා නිසා මේ රටේ සින්හල බෞද්ධ         අනන්‍යතාවයට සිදුවන්නේ බලවහ් හානියකි. එමනිසා මේ රටේ අන්‍යාගමිකයින්ට බුද්ධාගමට හානිවන මෙවැනි ක්‍රියාවල යෙදීම වහාම තහනම් කළයුතුය. එසේම එවැනි ක්‍රියාවන්ට දැඩි දඬුවම් දිය යුතුය. එවැන්නන් රටින් පිටුවහල් කළ යුතුය.

අනෙක් අතින් භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් පොලීයෙන් කුදලාගෙන ගොස් සාමාන්‍ය උසාවියක නඩු අසා දඟගේ දමීමද නතර කළ යුතු කාලය එලඹ ඇතැයි මම සිතමි. සිවුරක් පෙරවාගත් භික්ෂුවක් එසේ හිරේ දානවා කියන්නේ  බුදුන් වහන්සේ හිරේ දැමීමක් වැණි පාපිෂ්ඨ ක්‍රියාවකි.මෙහිදී වඩාම හොඳ ක්‍රමය වනුයේ බෞද්ධ හික්ෂූන්ගේ ආගමික වත් පිලිවෙත් සහ විනය පිළිබඳ  නඬු ඇසීම භික්ෂූ අධිකරණයකට පමණක් පැවරීම යයි මට සිතේ. අපරාධ යක් සිදුවූ බවට මූලික පරීක්ෂනයකින් තහවුරුවු වහාම ඒ පුද්ගලයා උපැවිදිකොට සාමාන්‍ය උසාවියක ණඩු විභාග කළ යුතුය. එසේ නැතිව කිසිසෙත්ම සිවුර පිටින් භික්ෂුවක් ගිහි අධිකරණයක් ඉදිරියට  ඉදිරිපත් කිරීඉමක් හෝ දඟගේක දැමීමක් මේ සින්හල රටේ කිසිසේත්ම නොකළ යුතුය.

ක්‍රි.පූ.307 සිටම මේ රටේ පැවතුණේ සිංහල බෞද්ධ රාජ්‍යයකි

ක්‍රි.පූ.307 සිටම මේ රටේ පැවතුණේ සිංහල බෞද්ධ රාජ්‍යයකි.1815 දී අහිමිවූ එම තත්වය 1948 දී ලැබුණායයි කියන ඊනියා නිදහසේදි හෝ යටත් පිරිසෙයින් මේ රටට, ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන මූලික අන්ග තුන සහිතව පූර්ණ දේශපාලන නිදහස ලබාගත්තේ නැත. ඒ ස්වාධීනත්වය ලබාගත් පළමු අවස්ථාව වූ 1972 දී හෝ මේ රට 1815 දි තිබුණු පරිදි සිංහලේ, රටේ ජාතිය සිංහල, රාජ්‍ය ආගම බුද්ධාගම වෂයෙන් ව්‍යවස්ථාගත නොකළ බැවින්, අපි අදටත් 1815 පැවති පූර්ණ නිදහස් නිවහල් සිංහල බෞද්ධ රාජ්‍යක් නොවේ.

1948 දී කළයුතුව තිබුණු, එදාසිට වසර 76 ක් ගතව ඇතත් තවමත් එය කිරීමට නොහැකිවූ, මේ රට කුමක්ද එහි ඉතිහාසය සහ භූගෝලය කුමක්ද, ශිෂ්ඨාචාරය කුමක්ද, මේ රටේ උරුමකරුවන්වූ සිංහල යින්ගේ, ජාතිය කුමක්ද, භාෂාව, ආගම කුමක්ද  ඔවුන්ගේ අභිලාශයන් මොනවාද, ඒවා ලබාදීමට ගතයුතු ක්‍රියා මාර්ග මොනවාද නොදන්නා එසේම රට දැය සමයට හෝ සිංහල  ජාතියට කිසිදු ආදරයක් නැති  සුද්දාවිසින් මොලය සෝදා ඔවුන්ගේ අධිරාජ්‍යවාධී  කොල්ලකෑමේ වැඩ පිලිවෙලම ක්‍රියාවට නන්වන බහු ජාතික,බහු ආගමික සහ බහු වාර්ගික තිත්ත කෂාය  අජීරණය වී සිටින මේ සිංහල විරෝධි,බෞද්ධ විරෝධි බටහිර අධිරාජ්‍ය වාදින්ගේ ගැත්තන්ගෙන්  කිසිදිනක  මේ රටේ සිංහල  බෞද්ධ රාජ්‍යනම්  ගොඩ නොනැගේ.

 එම නිසා වසර 2566 ක් සිදුකළ පරිදි දැන් යලිත් දේශප්‍රේමී පිරිස් සිංහලයින් වහාම අවදිවී 1956 දී සිදු කලාක් මෙන් සන්විධානය විය   යුතු කාලය දැන් යලිත් පැමිණ තිබේ.

දැන් සැප්16 ඔක් 17 අතර ජනාධිපති මැතිවරණය පැවැත්වීමට දින නියමකොට තිබේ. එහෙත් තරඟ කරුවන් අතර රටේ ජනතාවට අවෂ්‍ය රට ගොඩගත හැකි අපේක්ෂකයෙකු පේනතෙක් මානයේ නැත.මෙම තත්වය යටතේ කිසිම අපේක්ෂකයෙකුට  ජයග්‍රහනය සඳහා අවශ්‍ය 50%  ලබා ගත හැකි කිසිවෙකු නොපෙනේ. එම නිසා අපි කිසිකෙනෙක් නොසිතන අවිනිෂ්චිත හා අවුල්සහගත තත්වයක් අනිවාර්‍යෙන්ම රට තුල උද්ගතවණු ඇත. එසේ වූ විට ජනාධිපති වරණය හෝ 2025 මහ මැතිවරණය දැනට පවතින කිසිම දේශපාලන පක්ෂයකට 2025 දීද රජයක් පිහිටුවීමට ජනව රමක් ලබාගැනීමේ ඉඩකඩ ඉතාමත් විරළයය.

එමනිසා ඉදිරි කාලය දැඩි අවුල් සහගත අවිනිෂ්චිත කාලයක් ඇතිවීමේ අවදානමක්ද පෙනේ. මෙම අව්දානමෙන් රට ගොඩ ගැනීමටනම් 2025 දී ශක්තිමත් රජයක් පිහිටුවා ගත යුතුය.

ඊට ඇති එකම විසඳුම ජනතා අභිලාශයන්, විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්, දිනාගත හැකි නව දේශපාලන පක්ෂයක් බිහි කිරීම යයි මට සිතේ. සියලුම දේශප්‍රේමී ජාති හිතෛෂී කණ්ඩායම් එක්වී එවැනි සන්විධානයක් කල් යල් ඇතිව ගොඩනගා ගැනීම මතුවිය හැකි සිංහල බෞද්ධ ජාතියේ අර්බුධයට ඇති එකම විසඳුම යයි මට සිතේ.

මෙම මහා අයිතිහාසික ජාතික විප්ලවය කළයුතු හා කළ හැකි එකම ක්‍රමය නම් දිවයින පුරා වැඩ සිටින සියළුම භික්ෂූන් වහන්සේලා ජාතික, දිශා, ප්‍රදේශ සහ ගම් වෂයෙන් සන්විධානයවී උන්වහන්සේඉලාගේ අනුසාශනාව යටතේ 2025 දී මේ සිංහල බෞද්ධ රට, පෙර සිරිත අනුව පාලනය භාරදීම සඳහා දේශප්‍රේමී, ජාතිමාමක සිංහල බෞද්ධ නායකයකු හෝ 5 දෙනකුගේ නායකත්ව  මණ්ඩලයක් යටතේ  මේ රට පාලනය කළහැකි  පාලකයින් පිරිසකගේ රාජ්‍යක් නැවත පිහිටුවා ගැනීමෙන් පමණි.

මේ සඳහා, විද්‍යාලන්කාර ප්‍රකාශනයේ, බෞද්ධ කොමිෂන් සභාවේ සහ එක්සත් භිෂු පෙරමුණේ මූලිකත්වයෙන් 1956 දී සිදු කරණ ලද  අයිතිහාසික සමාජ දේශපාලන විප්ලවය ආදර්ෂයට ගැනීම මැනවයි මම යෝජනා කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress