තම රටේ නිදහස් දිනයවත් නොදන්නා රාජ්‍ය නායකින් සිටින ලෝකයේ එකම රට, ශ්‍රී ලංකාව
Posted on May 23rd, 2024

ආචාර්‍ය සුදත් ගුණසේකර

*මේ රටේ නිදහස් දිනය විය යුත්තේ මැයි 22 දා මිස 1948 පෙබ 4 දා නොවේ.

* ජාතික දිනය වියයුත්තේ සින්හල බෞද්ධ ජාතිය උපන් පොසොන් දෙපෝදා මිස1948 පෙබ 4 දා සුද්දාගේ මේසය පල්ලේ වැටුණු  මස්කට්ට නොවේ                     

    අද මැයි මස 22 දා සුද්දන්ගේ ග්‍රහණයෙන් රට නිදහස් වූ දාය. එහෙත් එම අඓතිහාසික දිනය, ජනතාව තුල ජාතිකාභිමානය සහ දේශ ප්‍රේමය වඩවන පරිදි උත්සවාකාරයෙන් සැමරීම පසෙක තබා, ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකයාගෙන් ඒ ගැන පනිවිඩයක් හෝ නිකුත්කොට නැත. එවැනි දෙයක් 1972 මැයි 22 දා සිදු වූ බවවත් මොවුන් දන්නවාදැයි මම නොදනිමි.අතිෂයින්ම සෝචනීයය.නින්දා සහගතය.

මේ රටට පූර්ණ ව්‍යවස්ථාදායක, විධාය සහ අධිකරණ බලතල සහිත පූර්ණ නිදහස ලබාගත්තේ සිරිමාවෝ බණ්ඩරනායක මැතිනිගේ ආණ්ඩුව යටතේ 1972 මැයි 22දාය. 1972 සිට 77 දක්වා එය ජාතික අභිමානයෙන් පැවැත්වූවා. ඒත් 1977න් පසු බලට පැමිණි ජේ. ආර්. ගේ.එ.ජා පක්ෂය එක් පුද්ගලයකුගේ ද්වේෂ සහගත සිතුවිළි නිසා, නතර කොට යළිත්, 1948  සුද්දා, දුන් සුද්දාගේම දිනයම වූ සැබෑ නිදහසක් නොලැබුණු පෙබ 4 ම මේ රටේ නිදහස් දිනය වෂයෙන්  යළිත් ප්‍රකාශ කලා පමණක් නොව පෙබ 4 වනදා ජාතික දිනය වෂයෙන්ද 1978 ජනරජ ව්‍යවස්ථාවේ  8 වගන්තිය යටතේ ඇතුලත් කොට එය මේ රටේ නීතියක් බවටද පත් කළා.

1948 දි ඉහතින් දැක්වූ මූලික අවශ්‍යතාවන් සහ භූමියේ පූර්ණ අයිතිය (විශේෂයෙන්ම මැදරට කඳුකරයේ) ඇතුළු කිසිවක් ලැබුණේ නැත. ඒවා ලබාගත්තේ 1972 මැයි 22දාය. 1978 සිට ජේ.ආර්  එය සැමරීම අත්හැර නැවතත් පෙබ් 4ම නිදහස් දිනයකොට රටත්, ජාතියත් 1972 දී උපන් දේශයික, ජාතික සහ සාශනික පිබිදීමත් ඒ සියල්ලටම වඩා සින්හලයින්ගේ ජාතික පිබිදීම,නිවහල් බව  සහ දේශානුරාගය මරා දමා නැවතත් සුද්දාගේ වහලුන් බවට මානසික වශයෙන් ජනතාව පත් කළා. ඉන් නොනැවතුණු මේ අධිරාජ්‍යගැති දුෂ්ඨ මිනිසා 1972 දී මේ රට නිවහල් නිදහස් ස්වාධීන ජනරයක් කළ මැතිනියගේ ප්‍රජා අයිතියද අනීතිකව හත් වසරකට අහිමිකලා.

මේ රටේ සිංහල ජාතිය උපන්නේ ක්‍රි පූ.543.

සිංහල බෞද්ධ ජාතිය උපන්නේ ක්‍රි.පූ 307.

1815 න් පසු යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදස ලබාගත්තේ 1972 මැයි 22. අනුව නිදහස් දින පැවැත්වි යුතු නියම දින මැයි 22ය. ජාතික දිනය නම්කළ යුත්තේද, පැවැත්විය යුත්තේද ජාතිය පිළිබඳ සුවිශේ දිනයක් කේන්ද්‍ර කරගෙනය. ක්‍රි. පූ. 307 දී මහින්දාගමනයත් සමඟ පොසොන් දෙපෝය දින මේ රටේ සින්හල බෞද්ධ ජාතිය බිහිවීමේ ඒ ආශ්චර්‍යමත් සිද්ධිය සිදුවූ බැවින්, මේ රටේ ජාතික දින වෂයෙන් පිළිගත යුතු එකම දිනය එය බව මම නිගමනය කරමි.තවදුරටත් මේරට පලමුව බුදුන් වැඩි ක්‍රි.පූ.588 සිට මේ රටේ බුද්ධාගම තිබුණත් රාජ්‍ය  අනුග්‍රහයෙන් රටේ ජාතික ආගම බුද්ධාගාම් වශයෙන් පිළිගනු ලැබුවේ 307 පොසොන් දෙපෝය දින බැවින්, මේ රටෙ ජාතික දිනය වශයෙන් පිළිගැනීමට සුදුසුම දින එය වණුයේ එම නිසාය.

එමනිසා සෑම වසරකම මැයි මස 22 නිදහස් දිනය වශයෙන්ද පොසොන් පෝය දිනය ජාතික දිනය ව්ශයෙන්ද ව්‍යවස්ථාගතකොට  මින් පසුව හෝ සෑම රජයක්ම එකී ජාතික දින සැමරීමට පියවර  ගත යුතුයයි මම යෝජනා  කරමි.

මේ වසරේත් එය සැමරීම පසෙක තබා එහෙම එකක් තියෙනවාද කියාවත් නොදන්නා රාජ්‍ය නායකයින් රජ කරණ රට,මේ ශ්‍රී ලන්කාව. තම රටේ නිදහස දිනය වත් නොදන්නා රාජ්‍ය නායකින් සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලන්කාව. ඒ වගේම ඒ ගැන හඬක් නොනගන, විරෝධතාවක් නොපාන මිනිසුන් ද සිටින ලෝකයේ එකම රටද මේ රටය. මෙවැනි නායකයින් සහ මිනිසුන් සිටින රටක් ඉතින් දියුණු  වන්නේ කෙසේදැයි ඇසීම ප්‍රස්නක් නොවේ.

වෙසක් දා ජනාධිපති යාපනයේ  (ප්‍රවුර්තියක්))

 ඒ මඳිවාට ලෝ පුරා සිටින බෞධයින්ගේ අසම සම දිනය වූ බුදුන් වහන්සේගේ උපත, බුදුබවට පත්වීම මෙන්ම පිරිනිවන් පෑම යන  ත්‍රිවිධ මන්ගල්‍යයම සිදුවූ දින මේ සින්හල බෞද්ධ රාජ්‍යයේ ජනාධිපති රනිල් වික්‍රමසින්හ හෙට සහ අනිද්දා යාපනයේ  හින්දු කෝවිලක, චන්ද වන්දනාවේ සහ මනාප හිඟමනේ. මට පුදුම, බරට බර රත්‍රන් පූජාවකට තිරුපති නොගිය එකයි. එහෙම කලානම් තිරුපති දෙයියෝ මෙන්ම තමිල් නාඩුවේ දෙමළුන්ද, ලන්කාවේ සිටින සියළුම දෙමළුන්ට, රනිල්ට චන්දේ දෙන්ට කියල කියයි. මෝඩිත් කියයි. ඒ වගේම වෙන්කත නාරායනුත් කියයි. එහෙම කළානම් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.චන්ද ලක්ෂ 10 යි.   

ඉස්සර කාලයේ වෙසක් පමණක් නොවෙයි අනෙකුත් පෝයටද සින්හලේ රජු සිටියේ ශ්‍රී දළදා මාලිගාවේ. එසේ කළේ ශ්‍රී දළදා වහන් සේ ආරක්ෂා කිරීම, ඒ කියන්නෙ රටේ බුද්ධ සාශනය  ආරක්ෂා කිරීම, රජ කමෙහි දිවුරුම් දෙන විටම පොරුන්දුවන නිසයි. ඒ ඔහුගේ පළමු වගකීමයි. ඊලඟට රටේ ආරක්ෂාව, පාලනය සහ ජනතාවගේ සුභසෙතට අවෂය කටයුතු කිරී. එසේ කිරීමෙන් සාශනයාගේ චිරස්තිථිය ඉටුකරණවා.

ඒ වෙනුවට වර්තමාන නායකයින් කියාගන්නා සියළු දෙනාම වෙසක් පෝයදාටත් කරන්නේ ක්‍රි.පූ. 2 වන සියවසේ සිට රටත්,ජාතියත් සාශනයත් විනාශකළ දෙමළුන්ගේ චන්දේ හිඟාගෙන හින්දු කෝවිල්වලට බඩ ගෑමයි.

හැබැයි මම එකක් කියන්නම්. නළලේ කොපමණ අලුගෑවත්, කොපමණ සළු පෙරෙව්වත් ඔය එකෙක් වත් සින්හල මිනිහෙකුට චන්දෙ දෙන්නේ නෑ. මන්ද,ඔවුන් මේ රටේ ජාතියක් නොවුනත්, ජන වර්ගයක් වෂයෙන් ජාතික හැඟීමක් ඇති පිරිසක් නිසා.  ඔවුන් දෙමළු. සින්හලයෝ නොවේ. දෙමළ දේශපාලකයින් ඔවුන්ගේ මනස් සෝදා තිබෙන්නේ ඒ අන්දමටයි. දෙම අපේක්ෂකයෙක් ඉදිරිපත් වූවහොත් දෙමළ 10 ලක්ෂයම ඔහුට. නැතිනම් චන්දය දිනයි කියලා හිතන සින්හලයාට දෙනවා. දීල අසීමිත වාසි ලබාගන්නවා.1948 සිටම මේ සෙල්ලම තමා මේ රටේ සිදු උනේ.

අනිවාර්යෙන්ම ඊළඟට රනිල්, සමහරවිට ලබන සුමානේ, යන්නේ වතුකරයට.එහෙ ගිහින් වසර දහස් ගානක් මේ රටේ භූමිපුත්‍රයින් වූ සින්හයින්ට අයිති ඉඩම්,  වතුකර ඉන්දියානු දෙමලුන්ට දෙන්නම් කියා පොරුන්දුවෙනව හරියෙට ඔහුගේ තාත්තාගෙන් ලැබුණු  ඉඩම් වගේ. නිවාසත් දෙන්නම් කියනව. මෝදි සහ වෙන්කත නාරායන් උඩපැනලා සල්ලි දෙනව. හැබැයි ඒ සල්ලි දෙන්නේ කෙලින්ම දෙමලුන්ට. සින්හලයාට ඔවුන්ගේ ජන්මභූමිය අහිමි වනවා. හැබැයි වතුකරයේ දෙමළු චන්දෙ දෙන්නේ දිනන මිනිහාට.

ඒ නිසා රනිල්ගේ මෙන්ම සජිත්ගේ මොන ඇම දුන්නත් වතුකරයේ දෙමළුන් චන්දේ දෙන්නේ බුද් ධිමත්ව මොකද ඔවුන්ට නායකයෝ ඉන්නවා.  සින්හලයින්ට එවැනි එකෙක්වත් නැත. මේ අතරේ මේ ඉඩම්වල මුල් අයිත්ජිකාරයෝ රනිල්ට, සජිත්ට ඕනෑම දෙයක් කරගන්ට ඉඩ දීලා උඩ බලාගෙන ඉන්නවා. ඔවුන්ට දෙමලුන්ට මෙන්  දේශපාලන නායකයොත් නෑ. ආධ්‍යාත්මක නායකයොත් නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress