ගරු ජනාධිපති තුමනි, අමාත්‍ය වරුණි, වතුකරයේ තනි දෙමළ ගම්මාන පිහිටුවීමේ අමාත්‍ය මන්ඩල යෝජනාව පහත සඳහන් හේතු නිසා වහාම හකුළාගත යුතුයි.
Posted on July 28th, 2024
දේශමාන්‍ය අචාර්‍ය සුදත් ගුණසේකර
2024. ජූලි 26.
දේශමාන්‍ය අචාර්‍ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-94) මහනුවර.
රට මැද තිබෙන මේ සියලුම තේ වතු පිහිටා ඇත්තේ මේ සින්හල දේශයත්, සින්හල ජාතියත් ඉතිහාශය පුරාම ආරක්ෂාකර ගැනීමට, වලගම්බා ,දුටුගැමුණු වැනි නරපතීන්ට මෙන්ම විශේෂයෙන්ම, 1505 සිට 1815 දක්වා පරන්ගි,ඕලන්ද සහ ඉන්ග්‍රීසි යන ලේ පිපාශිත ආක්‍රමණිකයින් සියල්ලගෙන්ම, (1815 දී ඉන්ග්‍රීසීන් විසින් උපායශීලීව හා කුමණ්ත්‍රණ කාරීව සම මට්ටමේ රාජ්‍යයන් දෙකක් වශයෙන් ගිවිසුමකින් බ්‍රතාන්‍ය අධිරාජ්‍යයට සම්භන්ධ කරගන්නා තුරූ) සින්හල දේශයත්, සින්හල ජාතියත් බේරාගැනීමට සියදහස් ගණනින් මියයමින් සටන් සැලසුම් කල එසේම එම සටන් මෙහෙයවූ යුධෝපායීය වශයෙන්, සින්හලයේ ආරක්ෂිතම මෙන්ම විශිෂ්ඨතම ස්වාභාවික බලකොටුවව වූ උඩරට රාජධානිය තුලය.
ඒ වූ කළී වසර 2500 කට වැඩි කලක් පුරා එකී සින්හලයින්ගේ මව් බිමේ හදවතය. එමනිසාම ඒ මහපොලවේ පරම ප්‍රවෙණී අයිතිය හිමි ඒ වීරයින්ගෙන් පැවත එන භූමිපුත්‍රයින් වන සින්හල ජාතියට පමණි.මේ රටේ හැර ලෝකය පුරාම පිලිගත් සම්ප්‍රදාය එය ය.
එහෙව් ඉතිහාශයක් ඇති අපරාජිත දේශයක් විළිලජ්ජා නැතිව චන්දයක් ලබාගැනීම වැනි පහත් අරමුණක් ඉටුකරගැනීම සඳහා සහ ඉන්දියාව ඉදිරියේ දේශපාලන නායකත්වයේ ඇති බිගුළු කම හා නිවට කම නිසා 1815 වනවිට මෙහි නොසිටි බ්‍රතාන්‍යයින් විසින් ඔවුන්ගේ වහල් මෙහෙයට ඉන්දියාවෙන් මෙහි ගෙනවිත් 1948 දී අතරමන්කොට දමාගිය ලක්ශ 12කට වැඩි පරදේශක්කාර පිරිසකට පාවාදීම කොතරම් සුදුසුදයි දැන්වත් සිහි නුවනින් සිතා බලා මෙම තීන්දුව වහාම ඉල්ලා අස්කරගත යුතුයයි, මේ රටේ පරමාධිපත්‍ය හිමි රටවැසියකු වශයෙන් සමස්ථ ලන්කාවාසී දේශප්‍රේමී සින්හලයින් සියළුදෙනාම වෙනුවෙන් මම දන්වා සිටිමි.
එසේ නොකලහොත් වසර 2500 කට වැඩි කලක් පුරා පුරාතනයේ අපගේ නරවිරුවන් සහ හෙළ විරුවන් දිවි දෙවැනිකොට සටන්කොට අපට රැකදුන් මේ සින්හල රටත් සින්හල ජාතියත් බල තන්හාව, ආත්මාර්ථය සහ ඉන්ඩියාව ඉදිරියේ නිවට බියගුළුකම නිසා 21 වන සියවසේදී ඉන්දියාවට පාවාදුන් දේශද්‍රෝහී දේශපාලකයින් වශයෙන් ඔබසැම ලන්කා ඉතිහාශයේ පමණක් නොව ලෝක ඉතිහාශයේද කළු පොතට ඇතුළු වනු නිසැකය.
ඉතිහාසය පුරාම සින්හල ජාතිය සතුව තිබුණු, එහෙත් 1815 සිට 1948 දක්වා සුද්දන්ගේ පාලනයට නතුව තිබී 1948 දී ඔවුන්ගේ පිටවයාමත් සමඟම ලක් රජයට පවරාගෙන මෙම ඉඩම්වල අයිතිය ඒවායේ නියම උරුමකරුවන්ට දිය යුතුව තිබුණද ඒවා ලක් රජය සතුවූයේ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය යටතේ 1972 ජනරජක් වූ පසුවය.එහෙත් 1972 දිද ඒවායේ අයිතිය මුල් උරුම කරුවන්ට නොදි රජය සන්තකයේම පැවතින.කෙසේ හෝ ප්‍රමාදවුවද දැන්වත් එම ඉඩම් ආපසු දිය යුත්තේ ඒවායේ ඓතිහාසික ප්‍රවේනී උරුමකරුවන්ට පමණි.
මෙවැනි පසුබිමක වර්තමාන රජය සුද්දන් විසින් ඔවුන්ගේ වහල් මෙහෙයට ඉන්දියාවෙන් ගෙනවිත් 1948දි, ඔවුන් පිටව යනවිට මෙහි අතරමන්කොට ගිය විදේශික දෙමළ කුලී හමුදාවකට ගම්මාන හදා සින්නක්කරකොට්ට පවරාදීමට මේ රජය දරණ වෑයමට පහත සඳහන් හේතු නිසා මේ රටේ සියළුම දේශප්‍රේමී සින්හලයින් එක හෙලාම විරුද්ධය.
1.මෙම තීරණය ක්‍රියාත්මක කළහොත්,1815 සිට 1948 දක්වා සුද්දන් වතුකර දෙමළ ජනතාව කළ පරිදිම, මේ රජය විසින්ද, තවදුරටත් රටේ භූමි පුත්‍රයින් වන සින්හලයින්ගෙන් වෙන්කොට තැබීම දිග් ගැසෙන නිසා, ඔවුන් මේ රටේ වෙනම ජාතියක් වෂයෙන් සිතීම ඔවුන්ගේ මනසේ මෙන්ම මහපොලවේද තහවුරුවෙයි. එම නිසා රට තුල සින්හල, දෙමළ බෙදීම තවදුරටත් මුල්බැස ගැනීම නිසා රටේ ජාතිය වන සින්හලයින් සමඟ ඔවු අන්තර්ග්‍රහණය වීම තවත් දුරස්ථවී, එය නැවත කිසිදිනක ආපසු හැරවිය නොහැකි තත්වයකට පැමිණ ජනවාර්ගික අර්බුධය තවත් උග්‍රවිම.
2. තවද ඔවුන් තව දුරටත් ඉන්දියන් කාරයින් වශයෙන්ම සිතීමට පෙළඹවීම සහ ඔවුන්ගේ ඉන්දීය ගැතිභාවය වර්ධනය වීම.(එමනිසා වෙනම දෙමළ ගම්මාන පිහිටුවීම පනින රිලවුන්ට ඉණිමන් බැඳීමකී වීම).
3. මේ රට තම මව් රට වශයෙන් නොසිතන,සිහිනෙන් පවා ඉන්දීය දෙමළුන් වශයෙන් සිතන ජනකොටසකට, රජය විසින්ම, රට මැද බල කඳවුරක් නිර්මාණය කොට දීමෙන් මේ රටේ බෙදුම්වාදය තවත් දරුණුවී රටේ පාලනය මුළුමනින්ම අස්ථාවර වීම සහ මේ රට මැද ඉන්දියාවේ ප්‍රාන්තයක් බිහිවීම ( ලෝක ඉතිහාශයේ අනුන්ගේ රටවල් බලෙන් අල්ලා ගත්තා මිස රටේ පාල්කයින් වීස්න්ම විදේසීය සතුරු පිරිසකට තම මව්බිම බන්දේසියක තබා මේ අන්දමින් පාවා දුන් අවස්ථාවක් මා දැක නැතා
4. තොණ්ඩමන්ලාගේ ජාතිවාදි දෙමළ ත්‍රස්ථවාදය තවත් උග්‍රවී, සමස්ථ කඳුකරය මෙන්ම දකුණු පලාතේ තේ වතු පිහිටි රක්වාන සහ දෙනියාය වැනි සියළුම ප්‍රදේශ ඇතුළු රටෙන් 1/3 ක භූමි ප්‍රදේශයක්, දැනටමත් මධ්‍යම පලාතේ සිදුවී ඇති පරිදි, වසර 27ක රුපියලේ පුරවැසිකමක් ඇති තොණ්ඩමන්ලාගේ පාලනය යටතට නොබෝ දිනකින් පත්වී ශ්‍රී ලන්කා රජයේ පාලනයෙන් වෙන්වී ඉන්දියාවේ ප්‍රාන්තයක් වීමම
5.මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඉන්දීය සහ ජාත්‍යන්තර මැදිහත්වීම් තවත් වැඩිවීම
8.මේ රට තමන්ගේ මව්බිම වශයෙන් නොසිතන, මධ්‍යම කඳුකරය මලයනාඩුවක් වශයෙන් සිතාගෙන දැනටමත් පිහිටුවාගෙන ඇති නාම් 200 සහ මලයහ” වැනි සන්කල්ප මේ ලක්බිමේ ශීග්‍රයෙන් මුල්බැසගැනීම සහ බෙදුම්වාදය උග්‍රවීම.
9. මේ රට ඔවුන්ගේ මව් රට වශයෙන් නොසිතන දැඩි ඉන්දීය ගැති ජනකොටසක් රට මැද බල කඳවුරක් වීමෙන් මේ රටේ බෙදුම්වාදය දරුණුවී රටේ පාලනය මුළුමනින්ම අස්ථාවර වී ශ්‍රීලන්කා රජයේ පාලනයෙන් එම ප්‍රදේශ ගිළිහීම.
10.1799 නෝර්ත් ආණ්ඩුකාර්යාගේ සිට ආරම්භවූ සුද්දන්ගේ මේ රට සින්හල දෙමල වශයෙන් බෙදීමේ අරමුණ වැඩිකළක් නොගොස්ම සාක්ෂාත්වීම සහ ප්‍රභාකරන්ගේ සිහිනය ඊළම පිහිටුවීම
10 ක්‍රි.පූ 5000 රාම-රවණා යුගයේ පමණ සිටම මේ ලක්දෙරණ අත්පත් කරගැනීමේ ඉන්දීය දොළදුක සහ සිහිනය සැබෑවීම
11මේ රටට ආදරයක් නැති ඉන්දීය දෙමළ පිරිසකට රටේ හා ජාතියේ හදවත බඳු හදබිම අයිතිවීමෙන් සමස්ථ කඳු රටේම භෞතික ස්තාවරත්වය විනාශවීම
12මේ රටට කිසිදු ආදරයක් නැති ඉන්දීය දෙමළ පිරිසකට කඳුරට පුරා තනි දෙමළ ගම්මාන සාදාදීමෙන් පසු ලන්කා රජයේ පාලනයක නැති නිසා දැනටමත් සිදුකෙරෙන වනසම්පත් විනාශ කිරීම්,අක්‍රමවත් භූමි පරිහරණ සහ කඳුරටපුරා ගොඩනැගිළි සෑදීමට නොසුදුසු ස්ථාන වල නිවාස සෑදීම් ආදි මහා පරිමාණයේ විවිධ පාරිසරික විනාශ කිරීම් නිසා රටේ සකළවිධ ජීවී පද්ධතිය රැකෙන ගන්ගා ඇල දොල සියල්ල සිඳීයාම නිසා අවසානායේදී මේ රටේ සමස්ථ ජීවි පද්ධතියම අතුරුදන්වී සිනහල බෞධ සිශ්ඨාචාරය වැඩිකලක් යාමට පෙර මේ මිහි පිටින් අතුරුදන් වීම.
13. හෙළදිව,සීහළය, සින්හලේ,ලක්දිව,සින්හල භාෂාව සස සින්හල බෞද සන්ස්කෘතිය මිහිපිටින් අතුරුදන් වී ලෝකයේ වඳවූ ජාතීන්ගේ ලේඛණයට එකතුවීම
එබැවින් වසර 2566 ක අඛණ්ඩ ලිඛිත ප්‍රෞඩ ඉතිහාශයක් ඇති ජාතියක ඉරණමට තර්ජනයක් වන මෙවැනි අතිශයින්ම සන්කීර්ණ ප්‍රශ්නයකට පිලියම් සෙවීමේදී ඒ පිළිබඳ දේශප්‍රේමී සහ ජාතිහිතෛෂී විද්වත් කමිටුවකින් සඛ්‍යතා වාර්තාවක් ලබා නොගෙන, සැබෑ ජනතා වරමකුත් නැති, එක් පුද්ගලයෙකුගේ පටු දේශපාලන අවශ්‍යතාවක් සපුරාගැනීම සඳහා පූර්වගාමී ජනාධිපතිවරයෙකුගේ ඉතිරිකාලය සම්පූර්ණ් කිරීමට පමණක් පත්වූ, කිසිදු ජනවරමක් නැති ජනාධිපතිවරයෙකුට තනි තීරණයක් මත රටක් ජාතියක් විනාශකිරීමට ඉඩදී, අමාත්‍ය මණ්ඩලයට තනතුරු තම තන්තුරු රැකගැනීම සඳහා දෑස පියාගෙන සිටිය හැකිවුවද වසර සැබෑ දේශප්‍රේමි ජාතියකට එසි නිහඬව බලාසිටිය නොහැකිය
ජනාධිපතිවරයා මෙම යෝජනාව කඩිමුඬියේ ඉදිරිපත්කොට ඇත්තේ වතුකර ජනතාව කෙරෙහි උපන් අනුකම්පාව හෝ මානව දයාවට වඩා, ලඟ එන ජනාධිපති වරණයේදී ඔවුන්ගේ චන්දය තමන්ට ලබාගැනීමේ එකම ආත්මාර්ථ කාමි දෙශපාලන රැවටිල්ලක් මුල්කොටගෙන පමණි.
මේ සින්හල රටත් ජාතියත් එසේම බුද්ධ සාශනයත් මිහිපිටින් අතුගා දැමීමට පදනම දැමෙන මෙවැනි භයානක යෝජනාවකට විරුධව එක වචනයක් හෝ කථා නොකොට දෑස පියාගෙන අඳයින්, ගොළුවන් සහ බිහිරන්මෙන් අත ඔසවන අමාත්‍ය මන්ඩලයේ සිටියේ කුමණ වර්ගයේ සින්හලයින්දැයි මටනම් නොතේරේ.වතුකරයේ තනි දෙමළ ගම්මාන පිහිටුවීමෙන් රට ජාතියට විනාශ උනත් ඇමතිකම රැකගැනීම ඊට වඩා වැදගත් බව ඔවුන් සිතන නිසා වියහැක.
ඉන්ග්‍රීසීන් විසින් ඔවුන්ගේ තේ වතුවල වහල් වැඩට මෙහි ගෙනවිත් 1948 දී අතරමන්කොට දමාගිය මලබා වහලුන්ගෙන් පැවතෙන, ඉන්දීය සම්භවයක් ඇති මොවුන්ට ඉන්දියාවේවත් නැති වරප්‍රසාධ සහිතව වතුකරයේ තනි දෙමළ ගම්මාන. රටේ හරි මැද පිහිටුවීමේ ඇති භයානකකම තේරුම් නොගෙන, සම්මතකොට ක්‍රියාත්මක කිරීමට යන අමාත්‍ය මන්ඩල යෝජනාව පහත සඳහන් හේතු නිසාද වහාම හකුළාගත යුතුය.
වසර 2500කට අධික, අඛණ්ඩ, ලිඛිත, ප්‍රෞඩ ඉතිහාශයක් ඇති ජාතියක ඉරණමට තර්ජනයක් වන මෙවැනි අතිශයින්ම සන්කීර්ණ ප්‍රශ්නයකට පිලියම් සෙවීමේදී ඒ පිළිබඳ දේශප්‍රේමි විද්වත් කමිටුවකින් සඛ්‍යතා වාර්තාවක් ලබා නොගෙන සැබෑ ජනතා වරමකුත් නැති එක් පුද්ගලයෙකුගේ පටු දේශපාලන අවශ්‍යතාවක් සපුරාගැනීම සඳහා පූර්වගාමී ජනාධිපතිවරයෙකුගේ ඉතිරිකාලය සම්පූර්ණ් කිරීමට පමණක් පත්වූ ජනාධිපතිවරයෙකුට මේ අන්දමේ තනි තීරණයක් මත රටක් ජාතියක් විනාශකිරීමට ඉඩදී බලාසිටිය හැකිද
ජනාධිපතිවරයා මෙම යෝජනාව කඩිමුඬියේ ඉදිරිපත්කොට ඇත්තේ වතුකර ජනතාව කෙරෙහි උපන් අනුකම්පාව හෝ මානව දයාවට වඩා, ලඟ එන ජනාධිපති වරණයේදී ඔවුන්ගේ චන්දය තමන්ට ලබාගැනීමේ එකම අරමුණ ආත්මාර්ථකාමි දෙශපාලය පමණි. මේ සින්හල රටත් ජාතියත් එසේම බුද්ධ සාශනයත් මිහිපිටින් අතුගා දැමීමට පදනමක් දැමෙන මෙවැනි භයානක යෝජනාවට විරුධව එක වචනයක් හෝ කථා නොකොට දෑස පියාගෙන අත උස්සන අමාත්‍ය මන්ඩලයේ සිටින්නේ කුමණ වර්ගයේ සින්හලයින්දැයි මට නොතේරේ.
ඕලන්ද කාරයින්ගේ අවසාන කාලයේ සහ ඉන්පසුව ඉන්ග්‍රීසීන් විසින් මෙහි ගෙන්වනලද මලබා වහලුන්ගෙන් පැවතෙන, මේ රටේ පාරම්පරික ස්වදේසිකයින් නොවන ඉන්දීය සම්භවයක් ඇති මොවුන් ඉන්දියාවේවත් නැති ආත්ම ගෞරවය, සහ මානව අයිතිවාසිකම් අනුන්ගේ රටක්තුළ ඉල්ලීම විහිලුවකි.
මේ මහා ව්‍යශනයෙන් ගැලවීම සඳහා විකල්ප යෝජනාවක්
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළහොත් මේ රටට හා ජාතියට සිදුවන මහා විනාශයෙන් රට ජාතිය බේරාගැනීම සහ මේ රටට සදාකාලික සාමය,සහජීවනය සන්හිඳියාව හා ආර්ථික සමුර්ධිය ලඟා කරගැනීම සඳහා ඇති එකම ක්‍රමය වශයෙන් පහත සඳහන් විකල්ප යෝජනාව මම ඉදිරිපත් කරමි.
1.මධ්‍යම කඳුකරයේ මු. ම. අඩි 5000 ඉහල සෑම ප්‍රදේශයක්ම. අධිරක්ශි ප්‍රදේශ වශයෙන් ප්‍රකාශ කළ යුතුය.කිසිම වගාවක් හෝ ජනාවාශයක් මේ තුල සපුරා තහනම් කළ යුතුය. එසේම පෙර රජදවස මෙන් රාජ්‍ය අවසරයකින් තොරව එහි ඇතුල්වීම පවා මරණ දඬුවම ලැබීමේ වරදක් කළයුතුය.
11. මු. ම. අඩි 3500-5000 අතර විශාල තේ වතු තිබුණද ඒ තුළද සෑම වර්ගයේම ජනාවාශ තහනම් කළ යුතුය.
111.ඒ අණුව කඳුකරයේ සියළුම ජනාවාශ අඩි 3500 යේ සීමාවෙන් පහල ප්‍රදේශ වලට සීමා කළ යුතුය.
සමස්ත කඳුකරය වටා දිවෙන 1000-3500 අතර ප්‍රදේශය, 1991 දී මවිසින් නිර්මානිත, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නිර්දේශිත ගම්මිරිස්,කරාඹු,කෝපි,එනසල්, පලතුරු වැනි මිශ්‍ර භෝග සහ, සත්ව පාලනය (ගව.එළු.කුකුල් සහ මීමැසී) සහිත කුඩා ගොවිපල ව්‍යාපාර සඳහා වෙන්කළ යුතුය.
මධයම කඳුකරය වටේ දිවෙන මෙම තීරුවේ උඩරට ඉඩම් නැති ගොවියන් ප්‍රමුඛ කොට උඩරට 3500 න් ඉහළ තේ වතු වලින් ඉවත් කෙරෙන දෙමල කම්කරුවන්, මිශ්‍ර ගම්මාන වශයෙන් පදින්චි කළයුතුය. එසේ පදින්චි කිරිමට අපේක්ෂිත ගොවි පවුල් ගණන 2,50,000 කි. වතු ජනතාව අතුරෙන් මේ සඳහා තෝරාගත යුත්තේ 1953 නේරු කොතලාවල ගිවිනුමේ ප්‍රතිපාදන අනුවය.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් පසු
මධ්‍යම කඳුකරයේ භෞථික ස්ථාවරය ආරක්ෂා විමෙන් මේ රටේ සමස්ථ ජීවී පධතියේ සහ ශිෂ්ඨාචාරයේ පැවැත්මට නැතිවම බැරි කඳු රටේ ගන්ගා සියල්ල වසර පුරා ගලායාම සිදුවන නිසා සමස්ථ ජීව පධතිය සහ ශිෂ්ඨාචාරය ආරක්ෂාවනු ඇත.
එසේම මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරෙන ඉන්දීය සහ ඊනියා බටහිර ජාතීන්ගේ ඇඟිලි ගැසීම් ඇතුළු සියළුම ජාත්‍යන්තර මැදිහත්වීම්ද නතරවනු ඇත.
පාරිසරික, ආර්ථිකසහ සාමාජික වෂයෙන්ද අති විශිෂ්ඨ ප්‍රථිඵල ගෙන දෙණු ඇත.
එසේම ජාතික පිලිළයක්ව ඇති මැදරට තොණ්ඩමන් ත්‍රස්ථවාදයද අවසන්වී සින්හල දෙමළ ප්‍රශ්නයටද සදාකාලික විසඳුමක්ද වන ඉහත සඳහන් යෝජනාව වහාම ක්‍රියාත්මක කරන මෙන් මම රජයට යෝජනා කරමි.
මධ්‍යම කඳුකරයේ මු.ම.අඩි 1000 -3500ට අතර බඳපටියක් මෙන්දිවෙන මෙම ජනාවාශ වලල්ල අනාගතයෙදී “ජාතියේ හදබිම” සදාකාලිකවම ආරක්ෂා කරණ ලෝක පූජිත සින්හලයේ මහා ආරක්ෂක ප්‍රාකාරය වනු ඇත. (චීන මහා ප්‍රාකාරය මෙන්)මෙම මෙසේ කිරීමෙන් උඩරට වතු දෙමළ ප්‍රශ්නයද සදහටම අවසන්වණු ඇත.මේ රටේ හදබිමේ මලය නාඩුවක් හදා සිංහලේ ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය වීමේ අවධානමෙන් බේරිය හැකි එකම මඟ එය. එම වැඩපිලිවෙළට අනුගත වීමට සූදානම් නැති සියළුම වතු දෙමළුන්ගේ සිංහලේ රට වැසිකම අහෝසිකොට ආපසු ඉන්දියාවට යැවීමට කටයුතු කළ යුතුය.
මෙම ගැටළුව වරසර 2566 ක අපරාජිට ප්‍රෞඩ ඉතිහාසයක උරුමයක් ඇති මේ රටේත් සිංහල ජාතියේත් පැවත්ම පිලිබඳ ප්‍රස්නයක් බැවින් ජනාධිපති වරයා ඇතුළු සියළුම සින්හල දේශපාලකයින් වතු දෙමළ චන්ද නැමති මිරිඟුව පසුපස දිවීම දැන්වත් නතර කළයුතුය. රටත් සින්හල ජාතියත් ගැන සිතා මේ වැඩපිලිවෙලට සහාය දී මේම ව්‍යශනයෙන් රට සහ සින්හල ජාතිය බේරා ගැනීමට ක්‍රියා කරණ මෙන් පාර්ලිමේන්තුවේ සිටින සියළුම සින්හල මත්‍රී වරුන්ගෙන් සහ රට ජාතියට ආදරයක් ඇති සියළු දෙනාගෙන්ම මම ඉල්ලා සිටිමි.
මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනතුරු දැනට ඉන්දීය සහ වෙනත් ආධාර යටතේ කඳුකරය පුරා තැනෙන, කඳුකරයේ භෞතික ස්ථාවරත්වයට අතිශයින්ම භයානක අන්දමින් හානිකර මෙවැනි එල්ලෙන දෙමල මර උගුල් ජනාවාස සියල්ල තැනීම වහාම අත්හිටවිය යුතුය.

බොගවන්තලාව මර උගුල් ජනාවාශ. මු.ම.ඉහල අඩි 5500
මේ ලිපිය කියවන ඇතම් අය මා උග්‍ර දෙමළ විරෝදී කෙනෙකැයි සිතිය හැකිය. නැත කිසි සේත්ම නැත. මන්ද. ඒ මා සින්හල බෞද්ධයෙක් නිසාය. බුදුන් වදාල පරිදි අපා, දෙපා, සිව්පා, භූපා යන සියලු සතුන්ට පමණක් නොව ගහ කොලට පවා මෛත්‍රීය කරන බොදුනුවෙකු වශයෙන් මට කිසිසේත්ම එවැනි ආකළ්පයක් නැත. එහෙත් මගේ රට, මගේ ජාතිය සහ මගේ ආගම විනාශකරණ සෑම වැඩපිළිවෙලකටම මෙන්ම සෑම කෙනෙකුටම මම දිවි පරදුවට තබා එරෙහි වෙමි. මගේ රටටත් ජාතියටත් හානි නොකරන තාක්කල් ඔනෑම කෙනෙක් ඉවසීමට මට පුළුවන. මේ රට වසර් 2566ක් තිස්සේම සින්හල බෞද්ධ රටක වශයෙන් පැවති රටකි.
සුද්දන්ගේ වහලුන් වශයෙන් ඉන්දියාවෙන් මෙහි පැමින වසර 300 වඩා ඉතිහාසයක් නැති උතුරු නැගෙනහිර සිටින 1901 දී දෙමල වශයෙන් බෞතීස්මවී කුළවන්තයින් වූ හෝ රටමැද සිටින වසර 37 ක වැනි කෙටි කාලයක අනීතික රුපියලේ පුරවැසි කමක් ඇති, මේ සින්හල බෞද්ධරටේ වෙනම ප්‍රාන්තයක් ඉල්ලන මලබා ජාතිකයින්ට හෝ වෙනත් කිසිම ආගන්තුක ජනවර්ගයකට මේ රට අල්ලා ගැනීමට හෝ දෙමළ හෝ මුස්ලිම් රාජ්‍යක් ගොඩනැගීමට ඉඩ දී කිස්සේත්ම නිහඬව බලාසිටිය අපට නොහැක. ක්‍ර.පූ 543 සිටම මේ රට සින්හල බෞද්ධ රටකි. එබැවින් එම සිධාන්තය පිලිගන්නා ඔනෑම ජාතිකයෙකු මේ රටේ රට වැසියෙකු වශයෙන් සහ අපගේම සොහොයුරන් සොහොයුරියන් වශයෙන් භාර ගැනීමට අප සැදී පැහැදීඉ සිටිමු.
එහෙත් ඉහත සඬහන් පරිදි මේ රට සින්හල බෞද්ධ රටකි.” යන සිධාන්තය පිළිගැනීමට සූදානම් නැති, තොණ්ඩමන්ලා, සහ විග්නෙස්වරන්ලා ඉන්දියාවටද සහ හිස්බුල්ලාලා සහ හකීම්ලා අනිවාර්‍යෙන්ම ඉක්මනින් ඔවුන් මව් බිම්වශයෙන් සලකන,වඳින පුදන, දේශයන් කරා හැකිපමණ කඩිනමින් ඔවුන්ගේ මව් රටවලට ආපසු යා යුතුය.