ජාතික ව්‍යාපාරය මැතිවරණයේදී කුඩුපට්ටම් වන බව දැන සිටියා… එත් සුළු පිරිසක් හෝ ඉතිරිකරගන්න මැතිවරණයට තරඟ කළා – ගම්මන්පිල කියයි (වීඩියෝ)
Posted on January 1st, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

මැතිවරණයේදී පරාජය වන බව දැන සිටියා වුවද ජාතික මතයට සුළු පිරිසක් හෝ එක්කර තබාගැනීම සඳහා උත්සාහ දැරුවේ යළිත් ආණ්ඩුව අර්බුදයට යද්දී  බලවේගයක් ලෙස එම සුළු පිරිස හෝ එක්කර තබාගැනීමේ අරමුණින් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ ජනාධිපති ජයග්‍රහණය ජාතික ව්‍යාපාරයේ කූඨප්‍රාප්තිය වුවද 1956 දීද ජාතික ව්‍යාපාරය යම් ආකාරයකින් පිබිදීමක් ලැබූවද ඊටත් වඩා ගෝඨාභය ජනාධිපතිවරයාගේ සමයේ මෙම පිබිදීම අතිශයෙන් වැඩි වුවද ඔහුගේ අසාර්ථකත්වයත් සමග ඊළඟට පැමිණෙන මැතිවරණයේ දී ජාතික ව්‍යාපාරය කුඩුපට්ටම වන බව වටහා ගැනීමට විශාල දේශපාලන දැනුමක් අවශ්‍ය නොවූ බවත් ඒ මහතා පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress