පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ඉල්ලයි
Posted on January 22nd, 2025
උපුටා ගැන්ම හිරු පුවත්
ඉදිරි මාස කිහිපයක් ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසනවා.
එහි සභාපති ජයන්ත සමරකෝන් සඳහන් කළේ,මේ වසරේ පළමු මාස 4 තුළදී පොල් අස්වැන්නේ මිලියන 200ක අඩුවක් ඇතිවන බවට ගණන් බලා ඇති බවයි.
මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක්.
ඉන් පොල් ගෙඩි මිලියන 150ක් දේශීයව පරිභෝජනය කරන අතර පොල් ගෙඩි මිලියන 100ක් පමණ අපනයනය කෙරෙනවා.
මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3,000ක් වන අතර 2024 වසරේදී විවිධ හේතු මත එය පොල් ගෙඩි මිලියන 2,680ක් දක්වා අඩු වී තිබෙනවා.
එවන් පසුබිමක පොල් පර්යේෂණ ආයතනය පුරෝකථනය කරන්නේ මේ වසරේ අප්‍රේල් දක්වා කාලය තුළදී පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 200කින් පමණ අඩුවන බවටයි.
දැනටමත් වෙළදපොළේ පොල් හිඟයක්ද මතුව ඇති අතර පොල් මිල ද දැරිය නොහැකි තරම් ඉහළ ගොස් තිබෙනවා.
ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පෙන්වා දෙන්නේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇති බවයි.
මේ අතර වෙළඳපොළේ පවතින පොල් හිඟය සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අදහස් පළ කළා.