රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ – විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
Posted on May 19th, 2025
Lanka Leader
රට, දැය, සමය රකින ප්‍රධානම බලවේගයක් වන්නේ රණවිරුවන් බවත්, අතීතයේ දීත් රටට එරෙහි අක්‍රමණවලින් රට ජාතිය බේරා ගැනීමට රුධිරය හෙලූ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් මේ මාතෘභූමිය සුපෝෂිත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
පවාදෙන්නන්ගේ අපකීර්තිමත් අත්දැකීම්වලට වඩා වීරයන්ගේ ශ්‍රේෂ්ඨ අත්දැකීම්වලින් අපේ ඉතිහාස කතාව හැඩගැන්වී ඇති බවත් ඒ මහතා පවසයි.
ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කළ ‘විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය’ රණවිරු සැමරුමේ දී ඒ මහතා මේ බව පැවසීය.
යුද්ධය පැවති සමයේ රාජ්‍ය ඒකීය භාවයට දැඩි තර්ජනයක් එල්ලවී තිබූ පසුබිමක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් දකුණු ආසියාවේ ඊශ්‍රායලය මෙරට තුළ නිර්මාණය කිරීමට උත්සාහ දැරූ බවත්, ඒ සඳහා ඔහුට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයද ලැබුණු බවත් මෙහිදී විමල් වීරවංශ මහතා පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..