මාලනී තම සැත්කමට ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලූ ලිපි මෙන්න..
Posted on May 28th, 2025

lanka C news

May 28, 2025 at 10:00 am |

මාලනී තම සැත්කමට ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලූ ලිපි මෙන්න..

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාලිනී ෆොන්සේකා ජනාධිපති අරමුදල ‘හොරකම් කළ හොරෙකු නොවේ’

තමන් ජනාධිපති අරමුදලේ මුදල් හොරකම්කළ අයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දී නම් කිරීම හා අවමන් කිරීම ගැන මලිනී ෆොන්සේකා මැතිනිය බලවත් සිත් තැවුලට පත්ව සිටියාය.

තමන් විධිමත් ලෙස මේ මුදල ලබාගත් බවට වන වන සාක්ෂි මාලිනී ලඟ විය.

එයින් කොටසක් වන ආධාර ඉල්ලීමේ ලිපිය, අයඳුම් ලිපිය, අයඳුම් පත්‍රය, අරමුදල් අනුමැතිය, ගුවන් ටිකට්පත, වෛද්‍ය හා නිලධාරි රෙකමදාරුව මෙහි ඇත.

හෙළයේ මහා නිළිය ජනාදිපති අරමුදලේ මුදල් අවභාවිත කළා යැයි කියන නාම ලේඛනයට දමා අවමානය ලක් කළ යුතු කාන්තාවක නොවේ යැයි මම පාර්ලිමේන්තුවේ දී පැවසුවෙමි. මේ ලේඛන එයට සාක්ෂි වනු ඇත.

මාලිනී ගේ දේහය ද අළු ගොඩක් බවට පත්ව අවසන් ය. වසර 9 කට පෙර ඇයට සැත්කමක් කළ බවත්, 2022 වන විට ඇය දරුණු පිළිකා රෝගයකට ගොදුරු වූ සැත්කමක් කළ බවත් දැන් රටම දනී.

මාලිනී පුරවැසියෙකු ලෙස තමන්ගේ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිතිවරයාගෙන් විධිමත් ඉල්ලීමක් කර ඇත.

රජයක් ලෙස ප්‍රතිචාර එයට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා ජනාධිපති අරමුදලේ මුදල් වෙන් කොට දී ඇති බව මේ ලේඛන මගින් තහවුරුවේ.

මාලිනියට ජාතික ශෝක දිනයක් ලැබුණේ නැත. රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යයක් ලැබුණේ ද නැත. ඇයම කියූ ලෙස, ඇයට ජීවිතයේ අවසන් මාස කිහිපයේ රජයෙන් ලැබුණේ නින්දා අපහාස පමණී.

මාලිනිය ‘ඇය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරය දිනූ තාරකාව ම මිස, අයුතු ලෙස ජාතික ධනය, ජනාධිපති අරමුදලේ මුදල් ලබාගත් වංචාකාරියක නොවන බව’ ඇයට ආදරය කළ සැමට සාක්ෂි කර ගැනීමට මේ ලේඛන උපකාර වනු ඇත.

වසර කිහිපයක් පාර්ලිමේන්තුවේ සිටි ඇය ‘හොරු 225 න් අයෙකු නොවේ’.

මාලිනී ෆොන්සේකාට කලකිරීම තරම්, මරණය වේදනාකාරී නොවන්නට ඇත!

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

https://drive.google.com/file/d/18cv_UEIpC9gwz9BLsKLeYgv96QiUT5TY/preview?usp=embed_googleplus

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress