විනිසුරු ධූර කාලය වැඩි කිරීමට යාම සම්බන්ධයෙන්  “මුව හමකට තඩි බෑමෙන්”  නීතිපති පිළිගෙන ඇති ව්‍යවස්ථාවේ වැරද්ද සහ මැ.කො විසින් ජනාධිපති ලේකම්ට දැනුම් දුන් ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පාඨයේ වරද යටපත් කළ හැකිද? *
Posted on July 19th, 2026

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන BSc(Col), PGDC(Col)

1. මෙම දිනවල විනිසුරු ධූර කාලය වැඩි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියාකරගෙන යන බවට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයේ සහ නීති ක්ෂේත්‍රයේත් ප්‍රසිද්ධ සාකච්ඡාවක් සහ විවේචනයක් ඇති වී තිබේ.

2. එක්තරා විනිසුරුවරයෙකු තව දුරටත් ධූරයේ තබා ගැනීමටත්, වෙනත් විනිසුරුවරුන්ට ඉහළ අධිකරණ වලට යාම වැළැක්වීමටත්  විනිසුරු ධූර කාලය වැඩි කිරීමට ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින්උත්සාහ කරන බවට විවේචකයෝ කියා සිටිති.

3.”හේන මුවන් කෑවාට ගෙදර ගෙනවිත් මුව හමට තඩි බෑම“,  “නංගී පෙන්වා අක්කාව දීග දීමයනු සිංහල කියමන් වන අතර, “විදින්නෙ පදුරට වදින්නෙ හාවටයන්නද  සිංහල කියමනක දිගුවකි.

4. ජනාධිපති ධූර කාලය වසර 6ක් කියූ  නීතීඥවරයෙකුට ලක්ෂ 5ක නඩු ගාස්තු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වරදක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් නීතිපතිගේ අනුමැතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18ගැසට් පත්‍රයේ පළ වීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ  සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට දැනුම් දී ඇති බවත් සමහරු නොදන්නවා විය හැකිය.

5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වරදක් ඇති බව නීතිපති පිළිගෙන තිබියදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ සිංහල ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් නිවැරදි කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති, ජනාධිපති ලේකම්ට දැනුම් දී තිබියදී එම වැරදි නිවැරදි නොකරවිනිසුරු ධූර කාලය වැඩි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේදී දෝෂ සහිත 83වන ව්‍යවස්ථාව සමඟ එකී කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලත්වය සළකා බැලීමට නොහැකිය.

6. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි තිබියදී එම වැරදි නිවැරදි නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් නොව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පවා ගෙනා නොහැකිය.

7. විනිසුරු ධූර කාලය වැඩි කිරීමට යාමේදී එයට එරෙහිව මෙවැනි සංකීර්ණ නීති බලපෑමක් මතු වී තිබියදී නීති ක්ෂේත්‍රයේත්, මාධ්‍ය ක්ෂේත්‍රයේත් ඇතැම් අය එක්තරා විනිසුරුවරයෙකු ඉලක්ක කර ගනිමින්මුව හමකට තඩි බාමින් සිටීමජනතාවගේ පරමාධිපත්‍යයටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ ව්‍යවස්ථාමය යුතුකමටත් පටහැනි වේ.

(මේ සම්බන්ධයෙන් 36වන සිංහල මාධ්‍ය නීති අධ්‍යාපන වැඩසටහන 2026අගෝස්තු 18අඟහරුවාදා සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී පැවැත් වේ)

https://neethiyalk.blogspot.com/2026/07/blog-post_18.html?m=1

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
BSc(Col), PGDC(Col)
(සමායෝජක) 
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress