ත්‍රීකුණාමලය තෙල් ටැංකි පිළිබඳ ගම්මන්පිල ඇමතිගේ දේශ ද්‍රෝහි ප‍්‍රකාශය හෙලා දකිමු. We condemn Minister Gammanpila treacherous statement on Trincomalee oil tanks.
Posted on October 6th, 2021

ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය.

1. අණ්ඩුව නියෝජනය කරන ඛනිජ තෙල් විෂය භාර ගරු අමාත්‍යවරයා 2021. 10. 04 මාධ්‍ය සාකච්ජාවේදී ත්‍රී’මලේ තෙල් ටැංකි දැනටම ඉන්දියාව සතු බවට කරන ලද සාවද්‍ය ප්‍රකාශය දේශ ද්‍රෝහි ක්‍රියාවක් ලෙස අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු,

2. මෙම තෙල් ටැංකි සංකීරණය නීතිමය වශයෙන් මෙතෙක් ඉන්දියාවට පවරා නොමැති බව නීතිඥයෙකු ලෙසත් , දේශ ප්‍රේමියෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකු ලෙසත්, විපක්ෂයේ සිටියදී අප හටද ඒ බව තහවුරු කල පුද්ගලයෙකු ලෙසත් දැනට විෂය භාර ඇමති වරයා ලෙසත් හොදාකාරවම දන්නා බව අප හොදින් දනිමු,

3‍. මෙම ප්‍රකාශය අප දකින්නේ හුදෙක් සුළු ප්‍රකාශයක් ලෙස නොව මෙම තෙල් ටැංකි ඉන්දියාවට නීතිමය ලෙස වසර 50 කට පවරා දීමට එතුමන් ඉදිරිපත් කොට ඇති යොජනාව රහසේම බලාත්මක කිරීමට සමාජය නොමඟ යැවීම සඳහා හිතා මතා සැලසුම් සහගතව යටි අරමුණින් කරන ලද ප‍්‍රකාශයක් ලෙසයි,

4. මෙම පිළිකුල් සහගත ප‍්‍රකාශය පිළිබදව අප වෘත්තීය සමිති ලෙසත්, රටේ සමාන්‍ය පුරවැසියන් ලෙසත් මහත් භිතියට පත්වන්නෙමු. ඒ මෙම තෙල් ටැංකි සංකීරණය ඉන්දීය තෙල් සමාගමකට නීතිමය ලෙස ලබා දීම සමඟ කෙටි කලකින් තෙල් බෙදා හැරීමේ සමස්ථ පාලනයම ඉන්දියාව සතු වනු නියත බැවිනි,
 
5. 1987 ජුලි 29 අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමේ කිසිදු සෘජු කොන්දේසියකට තෙල් ටැංකි පිළිබදව සඳහනක් නොමැත. මෙහි සඳහන් වන්නේ එම ගිවිසුමේ අරමුණ මතය. J.R ජයවර්ධන මෙම ටැංකි සංකීරණය ඇමරිකාවට බදු දීමට දැරූ උත්සහය නතර කිරිමට රජීව් ගාන්ධි මහතා ජයවර්ධන මහතාට එවන ලද ලිපියක මෙම ක්‍රියාව කලාපීය හා ඉන්දීය ආරක්ෂාවට බලපාන බැවින් එය වැලැක්වීමට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරන ලදි. එහි 2(iii) ජේදයේ මෙම ටැංකි සංකීරණය ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කල යුතු බව ප‍්‍රකාශ කරන ලදි. එම ලිපියට එකඟතාවය පලකොට JR ලිපියක් යවා ඇත. එම ලිපි දෙක මෙම ගිවිසුමේ ඇමිණුමක් ලෙස එක් කොට ඇත,

6. මෙය කිසිදු ලෙස නීතිමය පැවරීමක් වන්නේ කෙසේද? මීලඟට ඇමතිවරයා 2003 ගිවිසුමක් ගැන කථා කරයි. 1987 ගිවිසුමෙන් පවරා ඇත්නම් 2003 පවරන්නට උත්සහ කරන්නේ කුමන හේතුවකටද? එනම් 1987 අවබෝධතා ගිවිසුමකින් නීතිමය පැවරීමක් සිදුකල නොහැකි බව ඔහුම පැහැදිලි කරයි,

7. 2003 පෙබරවාරි 07 මුදල් අමාත්‍යංශයේ ලේඛම් ලෙස චරිත රත්වත්තේ, තෙල් සංස්ථා සභාපති ලෙස දහම් විමලසේන ලංකා ඉන්දීය තෙල් සමාගම වෙනුවෙන් එම් නාගේෂ්වරන් යන අය අත්සන් කල තාවකාලික ලේඛනයේ 1.2 කොන්දේසිය සදහන් වන්නේ උක්ත දින සිට මාස 06ක් ඇතුලත විධිමත් බදු ගිවිසුමකට එළඹෙන බවයි. නමුත් මෙතෙක් එම බදු ගිවිසුමට එලඹ නොමැති බැවින් 2003. 08. 06 පසු LIOC යට චීන වරායේ සිටිය නොහැකි බව ඉතා හොදින් පැහැදිලි කලේද ගම්මන්පිල ඇමතිවරයා විපක්ෂයේ සිටියදීය,

8. 2017. 03. 02 ඉන්දීය තෙල් සමාගමේ ශ්‍යාම් බෝරා මහතා නීතිපතිවරයාට ලිපියක් යවා ඇත්තේ ඛනිජ තෙල් පොදු සේවක සංගමය වන අප ගොනු කර ඇති මානව හිමිකම් නඩුව පාදක කරගනිමිනි. එහි පැහැදිලිව සදහන් කරන්නේ 1987 නොව තවත් අවස්ථා ගණනාවකදී ඉන්දියාව සහ ලංකාව අතර අවබෝධතා ගිවිසුම් වල මෙම ටැංකි සංකීරණය පිළිබදව සදහන් වුවද 2003 පෙබරවාරි 07 ගිවිසුමේ සදහන් පරිදි නීතිමය ගිවිසුමකට මෙතෙක් එළඹ නොමැති බවත් තමාට නීතිමය ලෙස මෙය අයිති නොවන නිසා සංවර්ධනය කල නොහැකි බවත්, ලංකා රජයට මේ පිළිබදව කිහිප වතාවකදී දැනුම් දුන්නද එය ඉටු නොවුණු බවත්ය. එම නිසා මෙම පැවරීම ඉක්මනින් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලදි,

9. එනම් LIOC යද තමාට මෙතෙක් මෙය නීතිමය ලෙස පවරා නොමැති බව පිලිගනී. නමුුත් උදය ගම්මන්පිල ඇමතිතුමන් එය පවරා ඇති බව පවසයි,

10. අර්ජුන රණතුංග ඇමතිවරයා මෙම ටැංකි ඉන්දියාවට පැවරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේය. එය ඉන්දියාවට පැවරුවේ 87 නම් නැවත කැබිනට් අනුමැතිය කුමකටද? මේ සම්බන්ධයෙන් 18/318 හා 18/319 ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 අධිකරණයේ ක්‍රියාත්මක වන්නේත් ඇමතිවරයා විපක්ෂයේ සිටියදී දුන් සහයෝගය මතය, 11. අවසාන වශයෙන්  අප ප්‍රශ්න කරන්නේ මේවා ඉන්දියා සතු නම් ඔවුන්ට සියල්ල පරිහරණයට බලය ඇත්නම් 87 සිට මේ දක්වා බලය ඉල්ලා ගිවිසුම් යදීද? ඇමතිවරයා ඔවුනට ටැංකි ලබා දීමට වෘත්තීය සමීති වලට යෝජනා ඉදිරිපත් කරයිද? දැනටමත් මෙහි අයිතිය රජය සතුය,

12. මේ ඔහු ඉදිරිපත් කල පහල අංගනයේ ටැංකි 15 LIOC යටතේත්, ඉහල අංගනයෙන් ටැංකි 24 CPC යටතේ ඉතිරි ටැංකි 61 LIOC/CPC පොදු සමාගමක් ලෙස වසර 50 කට ඉන්දියාවට බලය දීමට ගෙන ආ යොජනාව ක්‍රියාත්මක කිරීමට දරණ කූට උපායක එක් ජවනිකාවක් පමණි. මෙය පිළිකුලෙන් යුතුව හෙළාදකින අතර අප සැවොම එක්ව මෙය පරාජය කරන්නෙමු.

ජනතාවට ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට එක්වන ලෙස ආයාචනා කරමු.

ස්තූතියි.

මෙයට,
අශෝක රංවල
සභාපති,
ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය.

3 Responses to “ත්‍රීකුණාමලය තෙල් ටැංකි පිළිබඳ ගම්මන්පිල ඇමතිගේ දේශ ද්‍රෝහි ප‍්‍රකාශය හෙලා දකිමු. We condemn Minister Gammanpila treacherous statement on Trincomalee oil tanks.”

  1. Charles Says:

    Gamanpila is a honest patriotic politicians . He did not say any lie to please any one.

    ගමන්පිල කියන්නේ කිසිම වංචාවක් නොකරන රටට දයට අතීශයින් ආදරය කරන විශිෂ්ට පුද්ගලයෙක්. ඔහු විහිළුවකටවත් බොරුවක් වංචාවක් නොකරන ඉතා සොඳුරු මිනිහෙක්. ඔහු දෙශිද්‍රෝහී ප්‍රකාශයක් කළා කියෙන එකත් ඔහුට කරන අපහාසයක්.

  2. aloy Says:

    This parliament has expired its usefulness to the taxpaying Sri Lankans. This is not to say it had a usefulness even at the beginning as it was created by someone who boasted that what it could not do was only transforming a women to a man after keeping his partymens presigned documents in his pocket.
    Now it has turned out to be a place to disposses the assets and resources of the voters giving out absurd argiments like 13A which does not even exist as per the techùnicalities of an agreement where obligation of both parties are clear.
    These traitors instead of defending our rights are defending the rights of others. The readers should disregards viws of hirelings as they are singing for supper!.

  3. aloy Says:

    Yes, Indians did not fulfill their obligation of the so called agrement they now harping about. Therefore Sahith’t father had what it takes to tell them to bugger off. And that they did keeping their tails between their leggs. That agreemrnt is null and void. This fact is clear to even a school boy. But now our own buggers trying to bat for them bringing out ‘kess palena tharka’.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress