අධ්‍යාපන විද්‍යාපීඨවල 02 වන වසර සිසුන් නැවත මාස 03 ක නේවාසික පුහුණුවට කැදවීමේදී පැනනැගී ඇති ගැටඵ සම්බන්ධයි
Posted on January 12th, 2022
ලංකා ගුරුසේවා සංගමය.
ගරු අධ්‍යාපන අමාත්‍ය,
දිනේෂ් ගුණවර්ධන මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.
අමාත්‍යතුමනි,
අධ්‍යාපන විද්‍යාපීඨවල 02 වන වසර සිසුන් නැවත මාස 03 ක නේවාසික
පුහුණුවට කැදවීමේදී පැනනැගී ඇති ගැටඵ සම්බන්ධයි.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 ඔක්. 10 වෙනි දින වසා දැමුණු අධ්‍යාපන විද්‍යාපීඨ පළමුව නිරෝධායන මධ්‍යස්ථාන බවටත්, පසුව ප්‍රතිකාර මධ්‍යස්ථාන බවටත් පත් කිරීමෙන් අනතුරුව එහි නේවාසිකව සිටි සිසුන්ගේ පොත්පත් උපකරණ, ඇදුම් පැළදුම් ඇතුඵ දේපළවලට බරපතළ හානි සිදුව තිබියදී ඒ කිසිත් නොසලකා මාස 03 ක් සදහා නැවත 02 වන වසර සිසුන් අධ්‍යාපන විද්‍යාපීඨ නේවාසිකාගාරවලට කැදවිම සම්බන්ධව විරෝධය පළ කරන අප සංගමය මීට ඉහතදී 2021.11.30 දිනැති ලිපියෙන් මේ පිළිබදව ඔබගේ අවධානය යොමුකළත් මෙතෙක් එයට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. පළමුව අධ්‍යාපන අමාත්‍යංශය ඔවුන්ට හා නේවාසිකාගාරවලට සිදුව ඇති දේපළ හානි ස`දහා පූර්ණ වන්දි ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා ගුරුසේවා සංගමය බලකර සිටිමු.
02ග අධ්‍යාපන අමාත්‍යංශය, අධ්‍යාපන විද්‍යාපීඨවල නේවාසිකාගාර කිසිදු සොයා බැලීමකින් හා වගකීමකින් තොරව සිදුකළ මෙම අත්තනෝමතික ක්‍රියාව හේතුවෙන් සිසුන්ට නැවත නේවාසික පුහුණුව සදහා අවශ්‍ය පොත්පත්, ඇදුම් පැළදුම් හා උපකරණ බොහෝමයක් මෙහිදී විනාශ කර සහ සොරකම් කර ඇති අතර එය ආරකෂා කිරීමට කටයුතු නොකිරීමේ සම්පුර්ණ වගකීම සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශය ඇතුඵ පාලනාධිකාරීන් විසින් භාරගත යුතුව ඇත. එවැනි වටපිටාවක සාධාරණ වන්දියක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු නොකොට නැවත නේවාසිකාගාරවලට අවශ්‍ය සියලූ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගෙන රැගෙන ඒමට බලකිරීම කනගාටුවට කරුණකි.
එහෙයින් පළමුව සිසු දරුවන්ගේ දේපළවලට හා පොත්පත්වලට සිදුකර ඇති හානිය පිළිබදව නිවරැදි තක්සේරුවක් සිදුකර ඒ සදහා සාධාරණ වන්දියක් ගෙවීමට කටයුතු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සැලසුම් කරන ලෙසත් ඒ හා පැනනැගී ඇති ගැටඵ කඩිනමින් සොයාබලා විසදීමටත් බල කරන ලංකා ගුරුසේවා සංගමය එසේ නොවන්නේ නම් මෙම ගැටඵ විසදා දීම සම්බන්ධයෙන් ඔවුන් සම`ග ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දැඩිව අවධාරණය කරමු.
ස්තූතියි,
මෙයට,
මහින්ද ජයසිංහ
ප්‍රධාන ලේකම්
ලංකා ගුරුසේවා සංගමය.
සම්බන්ධීකරණය – 0718297022/0777685038