ඩොලර් අර්බුධයෙන් ගොඩ ඒමට ආණ්ඩුව හමුදාකරණය විය යුතුය.
Posted on March 28th, 2022
ජයන්ත හේරත්
අපේ
ඩොලර් අර්බුධය
පැන නැගී ඇත්තේ
පසුගිය ආණ්ඩු
වල වැරදි වලට වඩා
විරුද්ධ පක්ෂ වල
කඩා කප්පල් කාරී
ක්‍රියාවලියන් නිසාය.
56 සිටම
රට අගාධයට
දැම්මේ
මේ
කඩාකප්පලකාරීන්ය.
මහජනතාව
පත්කර එවන ආණ්ඩු වලට
වැඩ කරන්න
නොදුන්නේ
විරුද්ද පක්ෂ ය.
විරුද්ද පක්ෂවලට
ජනතාවගේ
ප්‍රශ්න වලට
විසඳුම් නැත.
ආණ්ඩු
අභියෝගයන්
අභිභවා යාමේ
ශක්තිය
ඵලදායී ලෙස
භාවිතා කලේ
නැත.
දැන් ආණ්ඩුවත්
මානුෂික වැඩිය.
එහාට මෙහාට
වැනෙන්නේය.
ඩොලර් අර්බුධය
ආර්ථික දුෂ්කරතා වලට
ප්‍රධාන වශයෙන්
වග කිව යුත්තේ
පසුගිය
අවුරුදු 45 තුල
පන්ති වර්ජන මෙහෙය වූ
විශ්ව විද්‍යාල
ශිෂ්‍ය නායකයෝය.
පන්ති වර්ජන
කල
ශිෂ්‍යයෝය.
වර්ජන
වලට වග කිව යුත්තෝ
පසු පසින් සිටි
JVP NPP කාරයෝය.
මොඋන්
වර්ජන කලේ
මොනයම් ක්‍රමයකින් හෝ
නිදහස් අධ්‍යාපන.
පහසුකම් වැඩි කරනවාට
විරුද්ධවය.
1945
කන්නන්ගරගේ
මධ්‍ය මහා විද්‍යාල
තවම එතැනමය.
වැඩි දියුණු කලේ නැත.
විශ්ව විද්‍යාල මට්ටමට
උසස් වූ
එකම කාර්මික විද්‍යාලය
කටුබැද්දය.
මිලිටරි
විශ්ව විද්‍යාලයක් වූ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
ඊටත් වඩා ඉදිරියෙන් සිටී.
covid කාලයේ
අපේ
අසල්වැසි රටවල
ඩොලර් සංචිත
ප්‍රමාන ඉහල ගිය අතර
අපේ
ඩොලර් සංචිත
පහල ගියේය.
Minus ය.
අපට
ඩොලර්
එවන්නට
අවශ්‍ය තරම්
පුහුණු ශ්‍රමිකයන්
නිෂ්පාදනය
නොකළ නිසාය.
පසුගිය
අවුරුදු 74 ම
අපේ
තරුණ
මානව සම්පත්
නාස්තිය
ඉතා ඉහලය.
ඉන්දියාවේ
ඩොලර් සංචිතය ඉහල යන්නේ
ඔවුන්ගේ
නිෂ්පාදනය නිසාය.
මානව සම්පත්
පරිභෝජනය
ප්‍රායෝගික හා
ඵලදායී ලෙස
භාවිතා කිරීමේ
ක්‍රියාවලිය
ඉහල මට්ටමක පවතින නිසාය.
ඉන්දියානු
තරුණ තරුණියෝ
අවුරුදු 20 දී
උපාධි ලබා
රටේ
නිෂ්පාදන ක්‍රියාවලියට
සහභාගී වන අතර
ලංකාවේ
එම වයස
අවුරුදු
24-25ක් ය.
එතනම
අවුරුදු 4-5ක් පරක්කුය.
ඒ වන විට
තාරුණ්‍යය
පලා ගොස් ය.
මහලු වීම
ආරම්භ වීම
පටන් ගෙනය.
meter 100
තරඟයට
සහභාගී වීමට
විනාඩි 5 ක්
පරක්කු වී
පැමිණි ක්‍රීඩකයා වගෙය.
පුද්ගලීකරණයෙන් හෝ
මිලිටරීකරණයෙන්
අධ්යාපන පහසුකම්
වැඩි දියුණු කරනවාට විරුද්ධව
වීදි
සටන් කර හෙම්බත් වීය.
ලොවට
ඩොලර්
ඒකාධිකාරයට
අමතර
මුදල් ඒකක අවශ්‍යය.
චීනය
සෞදි අරාබිය
මූලිකත්වය ගත යුතුය.
අපට
කාර්යක්ෂම
හමුදාවක් සිටී.
නීතිය ස්ථාපිත කරන්නට නම්
තාවකාලිකව
හෝ
ආණ්ඩුව
හමුදාකරණය විය යුතුය.
මධ්‍ය මහා විද්‍යාල
මහා පරිමාණයෙන්
පුහුණු ශ්‍රමිකයන් බිහි කරන
විශ්ව විද්‍යාල
මධ්‍යස්ථාන
විය යුතුය.