නොනිවෙන බක්මහේ අරගලය.
Posted on April 4th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ජනතාව විප්ලවයක් කිරීමට සුදානම්ව වීථි බසින යුගයක අප ජිවත් වෙමු. මේ වනවිට මෙරට ජනතාවට මෙරට විධායකය, ව්‍යාවස්ථාදායකය  හා අධිකරණය සම්බන්ධව තිබු විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටී,මේ රාජ්‍ය යාන්ත්‍රනය බිඳ දැමීමට සුදානම්ව සිටී. මෙය සමාජ ප්‍රගමනයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි.

පාර්ලිමේන්තුව හා එහි වාසි 225ක මන්ත්‍රී සනුහරේම ජනතා උදහසට ලක්ව තිබේ. මේ තත්වය ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය සිහියට නංවන අතර, වර්තමාන ශ්‍රී ලංකාවේ අරගලය ප්‍රංශ විප්ලවයේ ස්වරුපය අපට මනාව සිහියට නංවයි. අපට අවශ්‍ය වන්නේ ප්‍රංශ විප්ලවයට සමාන විප්ලවයක් නොව, රුසියන් විප්ලවයට සමාන විප්ලවයක් බව සටහන් කල යුතුය.

අපි ප්‍රංශ විප්ලවයට සමාන විප්ලවයක් අපේක්ෂා නොකරන්නේ, ඒ විප්ලවය තුල සිටි අවස්ථාවාදීන් විසින් රාජාණ්ඩුව පෙරලා දැමු පසු පැරිස් කොමියුනය නම්වූ ඒ කුලුදුල් රාජ්‍ය යාන්ත්‍රනය බිඳ දමා බලය ලබාගෙන ධනවාදයට පාර කපන නව ආණ්ඩුවක් බිහිකල බැවිනි.

සමාජ පරිනාම නියමයන්ට අනුව,එදා රුසියාවට අවශ්‍යව තිබුනේද ධනවාදය වුවද, කොමියුනිස්ට් ප්‍රකාශනයෙන්  සන්නද්ධව සිටි විප්ලවීය නායකත්වය, ලබාගත් බලය සිය අරමුණ වූ සමාජවාදී සමාජයක් ඉලක්ක කරගෙනම මෙහෙය වීම නිසා සාර්ථක සෝවියට් රුසියාවක් ගොඩනංවා, මුළු ලෝකයම සමාජ පරිවර්තනයකට පත්කිරීමට එම විප්ලවයට හැකිවිය.

අද මෙරට ජනතාව, මුළු පාර්ලිමේන්තුවම ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, මෙරට විධායකය හා අධිකරණයද ඇතුළුව මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ප්‍රතික්ෂේප කරන්නෝ බවට පත්ව සිටි.

හරියටම මිට වසර,51කට පෙර මෙරට තරුණයෝ මෙරට පවතින මේ රාජ්‍යන්ත්‍රණයෙන්. මෙරට සංවර්ධනයට කිසිම දෙයක් කල නොහැකි බව වටහාගෙන ඉතාම ප්‍රාථමික අවි ආයුධ අතැතිව, විප්ලවීය රජයක් පිහිටුවීම අරමුණු කරගෙන කැරැල්ලක් දියත් කළහ. එදා ඒ කැරැල්ලට නායකත්වය දීමට න්‍යාය පත්‍රයක් හා වැඩ පිළිවෙලක් තිබුනද, ජනතාවගේ පැත්තෙන් එවැනි කටයුත්තකට සුදානම් නැති පසුබිමක් තිබීම හේතුවෙන්, ප්‍රතිගාමී රාජ්‍යන්ත්රණයට ඉතා පහසු ලෙස එම කැරැල්ල මැඩ  පැවැත්වීමට හැකි විය.
මේ වනවිට මෙරට ජනතාව විප්ලවීය මාවතකට පිවිස මුළු රාජ්‍ය යාන්ත්‍රණයම කුඩු පට්ටම් කිරීමට සුදානම්ව සිටින මේ මොහොතේ, මේ ජනතා නැගිටීම දෙස අපි ඉතා ඉතා උනන්දුවෙන් හා පරීක්ෂාවෙන් බලා සිටින්නෝ වෙමු. ඒ මේ රාජ්‍යන්තය බිමට සමතලා නොකර මෙරට ජනතාවට ලබාගත හැකි විමුක්තියක් නැති බව අපි හොදාකාරව දන්නා බැවිනි. නමුත් නායකත්වයක් නැති,සැලසුම් සහගත අරමුණක් නැති, මේ ජනතා අරගලය,එය තුලට රිංගා ගත් ප්‍රතිගාමිත්වයට ඉතා භයානක පැත්තකට වුවද මෙහෙය විය හැකි බව ජනතාව සිහි බුද්ධියේ තබාගත යුතුය. මෙය කාම්බෝජ විප්ලවය ගෙන ගිය දිසාවට මෙහෙයවීම නොකොට නිවැරදි දිසාවට ගමන් කරවීම මෙරට දේශපාලනය කරන සියල්ලන්ගේම වගකීමයි. මේ සටන ජයගත යුතුය. සටන රාජපක්ෂලාට එරෙහි සටනකට ලඝු නොකළ යුතුය. මොවුන් පිටුපස සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදයට හා ඉන්දීය ව්යාප්තවාදයට එරෙහි සටනක් බවට පත්කර ගත යුතුය. අපේ ඉඩම් ආත්මේ දුෂිත පාලකයින්ට කප්පන් දෙමින් අත්පත් කරගෙන සිටින්නේ, මේ විදේශීය බලවේගයි.මේ වැටලීම් වලදී අපෙන් ලබාගත් අපේ ඉඩම් අපි යලි අත්පත් කර ගත යුතුය. අපේ අනාගත පරපුරට ඒවා යලි ලබාදිය යුතුය.

දේශප්‍රේමී සටන් නියෙමුවන් වන්න.රටට එරෙහිව සිට නොගන්න.

ජයවේවා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress