අද පාර්ලිමේන්තුවේ සිටින සිළුම දේශපාලකයින් කළයුත්තේ සියළු දෙනාම එකතුවී කුහක පක්ශ දේශපානයෙන් මිදී රට හා ජාතිය  ඉදිරියේ ඇති අර්බුධවලින් රට ජාතිය බේරාගැනීම මිස මැතිවරණයකට ගොස් වාදභේධ වපුරා තවත් රටේ ප්‍රස්න වැඩිකිරීම නොවේ.
Posted on May 15th, 2022

අචාර්ය සුදත් ගුණසේකර  මහනුවර

අද මේ රට හා ජාතිය පත්ව ඇති අර්බුධයන්ගෙන් ගොඩගැනීමට  ඇති හොඳම විසඳුම, පවතින මැතිසබයේ සියළුම පක්ශ,  වසර 74 ක් තිස්සේ අනුගමනය කළ පටු කුහක දේශපාලන වාද භේද සියල්ල පසෙක තබා,  සියලු දෙනාම එක්වී සර්වපාක්ශික අන්තර්කාලීන රජයක් පිහිටුවා කුඩා ඇමති මන්ඩලයක් මඟින් පළමුව ගිනිගෙන දැවෙන ජනතා ප්‍රස්න විසඳා ඒ ගින්න නිවී රට යථාතත්වයට පත්වූ පසු මැතිවරණයක් ගැන සිතීමයයි මම සිතමි.

මන්ද, මේ අවස්ථාවේ මැතිසභය විසුරුවා මැතිවරණයකට යාම කිසිසේත්ම සුදුසු නොවන බැවිණි.රටේ පවතින ආර්ථික තත්වය අනුව ඒ සඳහා අවම වශයෙන් රුපියල් කෝටි 1500 පමණ හෝ     සොයාගැනීම බරපතල ගැටළුවකි. දෙවනුව මැතිවරණයක් පවත්වා අවසන් කිරීමට මාස 6 ක් වත් ගතවනු ඇත. අද රටේ පවතින තත්වය අනුව ඒ අතරතුර පවතින තත්වය තවත් උග්‍රවී, රටට කුමකින් කුමක් වේදැයි කිසිවෙකුට කිව නොහැක. එබැවින් මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට වඩා වැදගත් වනුයේ ජාතිය ඉදිරියේ ඇති ගිනිගෙන දැවෙන ප්‍රස්න පලමුව විසඳීම සහ ජනතාව ඉන් බේරාගැනීමයි.

අනෙක් අතින් කෙසේ හෝ මැතිවරණයක් පැවැත්වුවද කිසිම පක්ශයකට හෝ රජයක් පිහිටුවීමට බහුතරයක්ද ස්ථිරවෂයෙන්ම නොලැබෙනු ඇත. එසේ වූ විට යලිත් 1948 සිට මෙතෙක් සිදුවූ පරිදිම ඉර හඳ ඉල්ලන සුළුජන කොටස්වල ආධාරයෙන් ඔවුගේ ඇපකරුවන් වී හෙල්ලෙන දතක් වැනි රජයක් පිහිටුවීමෙන් යලිත් කබලෙන් ලිපටම වැටෙනු ඇත. ඒ සමඟම 2019 සින්හලයින් දුටු සිහිනය දවල් හීනයක් බවට පත්වනු ඇත. එම නිසා මේ අවස්ථාවේ මැතිවරණයකට යාමෙන් රටේ ප්‍රස්න තවත් උග්‍රවනු මිස කිසිම ප්‍රස්නයක් විසඳෙන්නේද නැත..

තවද අද රටේ පවතින අවුල් සහගත තත්වය යටතේ පැවත්වෙන මැතිවරණයකින්, චන්ද දායකයින්ට බුද්ධිමත් තීරණයක් ගැනිමටද නොහැකිවනු ඇත. එසේ වූ විට 2019 දි අප ලබාගත් සියලුම ජයග්‍රහනයන් අවසන්වී නැවතත් 1948 සිට මේ දක්වා පැවැති අච්චාරු ආණ්ඩුවක් පිහිටූවීමට සිදුවන නිසා ජාතියක් වශයෙන් අපි කබලෙන් ලිපටම වැටෙනු ඒකානන්තය. එම නිසා මේ අවස්ථාවේ මැතිවරණයකට  යාම  කිසිසේත්ම සුදුසු නොවේ.

 පවතින තත්වය යටතේ මේ අර්බුධ වලින් ගොඩ ඒමට තිබෙණ ඉතාමත් සුදුසු ක්‍රමය පවතින පාර්ලිමේන්තුව තුලින්ම සර්වපාක්ශික අන්තර්කාලීන රජයක් පිහිටුවාගෙන පළමුව ජනතාවගේ දැවෙන ප්‍රස්න විසඳීමයි. ඉන් පසු අවස්‍යනම් මැතිවර්යකට යා හැකි බව මේ රටේ බුද්ධිමත් බහුතරයේ මතයයි.

එමනිසා මේ අවස්ථාවේ රට හමුවේ පවතින අර්බුධයන් ට තිබෙන හොඳම එසේම එකම  විසඳුම සර්වපාක්ශික අන්තර්කාලීන රජයක් යයි මමද සිතමි.

ජනාධිපතිවරයා නව අගමැතිවරයකු පත්කොට ඒ සඳහා දොර විවුර්ථ කොට ඇත.

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින සියළු දෙනාම අතුරින් පළපුරුද්ද සහ විෂය දැණුම  මෙන්ම පවුරුෂත්වය සහ ජාත්‍යන්තර සබඳතා ආදිය  අතින් අගමැතිකමට වඩාත්ම සුදුසු පුද්ගලයාවන රනිල් වික්‍රමසින්හ බව මගේ අදහසයි. එමනිසා එය ජනාදිපතිවරයා ගත් නිවරැදි තීරණයකි. ජනාධිපතිවරයා මෙන්ම නව අගමැතිවරයාද විපක්ශ නායකයා ඇතුලු සියළුම පක්ශවලට  මෙම අන්තර්කාලීන රජයට එක්වන මෙන්  විවුර්ත ව ආරාධනාකොට ඇත.

එහෙත් විපක්ශ නායකයා අගමැතිකම ප්‍රතික්ෂේපකරමින් කළ මෝඩකම යළිත් කර ඇත. සෙසු පක්ශ සහ කණ්ඩායම්ද තවමත් කල්මරමින් සිටින බව පෙනේ. එසේ නොකොට රනිල් සහ ගෝඨාභය සමඟ එක්වී රට ජාතිය බේරාගගැනීමේ වැඩපිලිවෙලක් නොපමාව ක්‍රියාත්මක කරනමෙන් මම ඒ සියළුදෙනාගෙන්ම ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමි

 ඔවුන් එසේ එක්වී රට වැටී ඇති අඝාධයෙන් ගොඩගැනීමට සහාය නොවන්නේනම්  නව අගමැතිවරයාට කළයුතුව ඇත්තේ අමාත්ය ධුර දැරීමට සුදුසුකම් ඇති ප්‍රවීනයින් කීපදෙනකු ජාතික ළැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කොට ගෙන රට හමුවේ ඇති ගැටළු නොපමාව විසඳීමට පියවර ගැනීමයි.

එසේ වූ විට  රට දැනට පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්වයෙන් බෙරාගන්නා එම කණ්ඩායමට ඊළඟ මැතිවරණයේදීද බලය ළැබීමෙන්, මේ අවස්ථාවේදී ප්‍රස්නයෙන් මඟහරින විපක්ශ නායකයා ඇතුලු  සියළු දෙනාම සදාකාළික දේශපාලන වනසන්ණ්ඩයට දක්කනු ඒකාන්තය

ජාතික ළැයිස්තුවෙන් ඇමතිකම් දැරීමට සුදුසු පුද්ගලයින් කීප දෙනකුගේ ලැයිස්තුවක්ද මේ සමඟ ඇත.

ජාතික ලැයිස්තුවෙන් ඇමතිමන්ඩලයට ගත යුතු කීපහෙනෙක්

සරත් නන්ද ද සිල්වා  හිටපු අග්‍රවිනිශයකාර

ආචාර්ය ගාර්වින් කරුනාරත්න

ගාමිනි විජේසින්හ හිටපු විඝනනාධිපති

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

ප්‍රභාත් මහනාම

වන්නියෑලෑ ඇත්තො

චන්ද්‍රේ ධර්මවර්දන,

ජනාධිපති නීතිඥ මනොහර ද සිල්වා

අලි සබ්‍රි

*මොවුන් ඇමති තනතුරු භාරගැනීමට අසතුටුනම් යටත් පිරිසෙයින් ජාතික සැලසුම් මන්ඩලයේ උපදේශක වරුන් වශයෙන් හෝ පත්කර ගත යුතුයයි මම යෝජනා කරමි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress