ගෑස්වලට චරිත – මුදිත ඇවිලෙයි! (වීඩියෝ)
Posted on September 15th, 2022
උපුටා ගැන්ම හිරු පුවත්
ලිට්රෝ සමාගම ගෑස් මිල දී ගැනීමේ දී, OQ සමාගමෙන් ගෑස් මිල දී ගන්නේ රුපියල් 105.40කට බවත්, සියෑම් ගෑස් සමාගමින් ගෑස් මිල දී ගන්නේ නම් ඒ සඳහා රුපියල් 112ක මිලක් එම සමාගමට ගෙවිය යුතුව තිබුණු බවත් එබැවින් වඩා වාසිදායක තේරීම ලෙස OQ සමාගමේ ගෑස් මිල දී ගත් බවත් ලිට්රෝ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඔහු ඒ බව කියා සිටියේ, ගෑස් මිල දී ගැනීමේ දී OQ සමාගමට වඩා සියෑම් සමාගමේ ගෑස් මිල දී ගත්තේ නම් වඩා ලාභදායක යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්.
එහි දී ලිට්රෝ සභාපති කියා සිටියේ, ජූනි මාසයේ දී ගෑස් මෙට්‍රික් ටොන් 6975ක් මෙරටට ගෙනැවිත් බෙදා හැර ඇති බවත්, මන්ත්‍රීවරයා විසින් කරුණු හරි හැටි නො දැන කරන ලද ප්‍රකාශයක් බවයි ලිට්රෝ සභාපති කියා සිටියේ.
මේ හා සම්බන්ධ බිල්පත් සහ අදාල ලියකිවිලි තම ආයතනය සතු බවත්, ඒවා මාධ්‍ය වෙත මුදා හැරිය හැකි බවත් ලිට්රෝ සභාපතිවරයා කියා සිටියා.”ලිට්රෝ ඇවිලෙයි – මේක කීර්ති නාමයට හානියක්