විදේශ ආදායම් වැඩිකර ගැනීමට සම්ප්‍රදායන් ඔබ්බට ගොස් ක්‍රියාකළ යුතුයි……      රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට මහජන නියෝජිතයින්ගේ ඍජු දායකත්වය අත්‍යවශ්‍යයි -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on October 28th, 2022

We should go beyond the traditional systems to earn more foreign income.Direct involvement of public representatives in government food security programme is essential” – Prime Minister Dinesh Gunawardena

Prime Minister’s Media Division

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථකත්වයට ආණ්ඩුකාරවරුන් හා පළාත් සභා නිලධාරීන්ගේත්, හිටපු මහජන නියෝජිතයින්ගේ සෘජු දායකත්වය අවශ්‍ය බව අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවනය හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සම්බන්ධයෙන් 2022.10.27 දින අරලිය ගහ මන්දිරයේ දී පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

විවිධ සංවිධාන හා ආගමික නායකයන් මෙම වැඩපිළිවෙළ  හා සම්බන්ධ වී සිටි. ග්‍රාමීය මට්ටමට ගොවිජන සේවා බලතල යොමු කිරීම පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවරෙන ප්‍රධාන වගකීමකි. වැඩසටහන ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කෘෂි ,පශු ,සෞඛ්‍ය, අධ්‍යාපන අංශවල සැබෑ තොරතුරු ඇතුළත් වාර්තාවක් සතිපතා අවශ්‍යයි.

ආණ්ඩුකාරවරු යටතේ පවතින සමුපකාර සමිතිවල සම්පත් හා නියෝජිතයින්ගේ සහාය මෙම වැඩසටහන සඳහා එක් කරගැනීමේ හැකියාව පවතී.

ග්‍රාමීයව ජනතාවගේ ආදායම් මාර්ග වැඩිකර ගැනිමටත් මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරෙයි. ඒ ඒ පළාත්වලට ආවේණික කෘෂි අපනයන බෝග නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත.

ඒ තුළින් මෙරට අපනයන ආදායම ඉහළ නංවාලීම අපේක්ෂා කෙරේ. එවැනි භෝග නිෂ්පාදනයේදී ගොවි ජනතාවට සහන ලබාදීමට රජය දැනටමත් පියවර ගනිමින් සිටී.

පළාත් මට්ටමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති අතර සෑම පළාතකම සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීමටත්, සංචාරක කවුළු විවෘත කිරීමටත් පියවර ගත යුතුය.මේ වනවිට ගුවන් සමාගම් රැසක් මෙරට ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් වී  ඇති හෙයින් විදේශ ආදායම් වැඩිකර ගැනීමට සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ.

සෑම ක්ෂේත්‍රයක්ම ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ඔස්සේ කටයුතු කිරීම මඟින් වැඩි ප්‍රතිලාභ ලබාගත හැකි වන බැවින් මේ සඳහා පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීම ද වැදගත් ය. ජාතික මට්ටමින් ආර්ථිකය නංවාලීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි ආර්ථික ක්‍රියාවලියකට දැනටමත් රට අවතිරණ වී ඇතැයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් ලේකම්වරුන් මෙන්ම අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ යන මහත්වරු ද එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

We should go beyond the traditional systems to earn more foreign income.

Direct involvement of public representatives in government food security programme is essential”

         – Prime Minister Dinesh Gunawardena

Prime Minister Dinesh Gunawardena states that the direct contribution of governors and provincial council officers and former public representatives is essential for the success of the rural economic revival and food security programme.

The Prime Minister emphasized this in a discussion regarding the Rural Economic Revival and Food Security Programme held with the Provincial Governors through Zoom technology at the Temple Trees on 27.10.2022.

This program is also expected to increase the income of the rural people. More attention should be paid to the production of agricultural export crops specific to each province. Through that, it is expected to increase the export income of this country. The government is already taking steps to support farmers in the production of such crops.

Prime Minister highlighted that at the provincial level, more attention should be given to the development of the tourism industry and that steps should be taken to develop tourist destinations and open tourism windows in every province. As many airlines are ready to recommence flights to Sri Lanka, they should go beyond the traditional methods to increase foreign income.

It is also important to get the support of the private sector since more benefits can be obtained by working through an integrated development program in every sector. The Prime Minister also emphasized that the country has already embarked on an economic process that can win the trust of the international community by implementing programmes to boost the economy at the national level.

Mr. Anura Dissanayake Secretary to the Prime Minister, Mr. M. P. K. Mayadunne Secretary of the Public Administration Ministry, Provincial Governors as well as Provincial Secretaries participated in the event.

Prime Minister’s Media Division

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress