ඉන්දියානු ගුරුවරුන් වතුකරයේ දරුවන්ට මතවාදී විෂ පොවනවා ද?
Posted on June 6th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
ඉන්දියාවෙන් ගුරුවරු දෙදහසකට වැඩි පිරිසක් වතුකරයේ පාසල් වලට පැමිණ ඉගැන්වීමේ කටයුතුවල යෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මේ පිලිබඳව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සොයා බැලීමක් සිදු කළ යුතුව ඇතැයි ද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේය.
එහිදී මේ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා,
මෙරට ගුරුවරුන්ගෙන් සපුරාලන්න බැරි ගුරු හිඟයක් වතුකරයේ තිබෙනවා. ඒ නිසා වෙන්න ඇති පසුගිය කාලයේදී ඉන්දියාවෙන් පැමිණි ගුරුවරු දෙදහසකට වැඩි පිිරිසක් වතුකරයේ පාසල්වල ඉගැන්වීම් කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සද්භාවයෙන් ගුරු හිඟයට පිළියමක් ලෙස යොදා ගන්න ඇති. නමුත් බුද්ධි අංශ වාර්තාවලින් පෙන්වා දෙනවා මේ ඉන්දියානු ගුරුවරු වතුකරයේ පාසල්වල දරුවන්ට එක්තරා ආකාරයක විස පෙවීමක් සිදු කරනවා කියලා. ඒක මාධ්‍ය මගින් අනාවරණය කරලා තිබුණා. ගුරු හිඟය පියවන්න අපි කටයුතු නොකර බාහිර පාර්ශ්වයන්ට දුන්නොත් ඒ අය එන්නේ අපිට තියෙන ආදරයකට නෙමෙයි. ඒ නිසා මම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා බුද්ධි අංශ වාර්තා අමාත්‍යාංශයට ලැබුණා ද, එවැනි විස පෙවීමක් වනවා නම් එය වැළැක්විය යුතුයි නේද”
ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කළේ මෙම ගුරුවරුන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් ලබාදී ඇති වාර්තාව ගෙන්වාගෙන අදාළ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.