මෝහෙන් මුලා වෙලා මානෙන් උදම්වෙලා ….යන්නේ කොහෙද මේ!
Posted on October 10th, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ  

ජග්‍රහකයින්ව නොමගට හරවන බලවේගය මෝහයයි. ජයග්‍රහණයත් සමග ඉදිරියට යා යුතු නිසි මග අහුරා හිටගන්නා මෝහය ඒ ජයග්‍රහණය මහා විනාශයක් කරා මෙහෙයවීම ඉතිහාසය පුරාම අප අත්දැක ඇති අපුරු සිදුවීමකි. ඒ කලාව නැවත වරක් කරලියට පැමිණ ඇත.

NPPය ලැබුවේ එසේ මෙසේ ජග්‍රහණයක් නොව අති විශිෂ්ඨ ජග්‍රහනයකි. මෙය මා සමාන කරන්නේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන හාස්කමකටය. හාස්කම් සිදුවන්නේ ඉතා කලාතුරකින් වන අතර, එකම හාස්කම ඉතා කෙටිකාලයක් තුලදී නැවත නැවත සිදු නොවේ. එබැවින් එහි පලය රැක ගැනීම ඒ සඳහා වෙහෙසුන මිනිසුන්ගේ වගකීමයි.

මේ වගකීම ඉටුකළයුතු මිනිසුන්,ජග්‍රහණයෙන් උදම්ව, මෝහයේ තුරුලට වැඩි එහි පහස විදිමින් සිටී.

ආදරය, කරුණාව, ඊර්ෂ්‍යාව, මානය, ද්වේශය, ක්‍රෝධය, බුද්ධිය, මුලාව යන දේවල් භෞතික සම්පත් නොවේ. කිසිම තැනකින් මිලට ගත නොහැකි මේවාට මේ සමාජය සුඛිත මුඛිත තත්වයකට පෙරලීම හෝ දුක්කදායක තත්වයකට ඇද දැමීමට හැකිය.මේවායින්, ආදරය, කරුණාව, හා බුද්ධිය යන කරුණු පමණක් මත පදනම්ව මේ සමාජය ඉදිරියට මෙහෙයවීම මේ ජයග්‍රාහකයින් වහා වහාම ආරම්භ නොකොළොත් රටටත්, ජනතාවටත් ලැබෙන ජයග්‍රහණයක් නැත.

පළමු අභියෝගය වන්නේ,රට බංකොලොත්භාවයෙන් ගොඩගැනීමයි..2028දී ණය වාරිකයන් ගෙවීම ආරම්භ කලවිට ඇතිවන තත්වයට මුහුණදිය හැකි තත්වයක් නිර්මාණය කිරීමයි. එය එක පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සතු රහසක් නොවේ. මුළු රටම දැනගත යුතු, නිර්මාණාත්මක වැඩපිලිවලකි  මුළු රටම බලා සිටින්නේ, මේ රජය එම වැඩපිළිවෙල සමාජගත කරන තුරුය.” කාපල්ලා බීපල්ලා ජොලිකරපල්ලා සමාජයක නොව ” මී මස්සන්සේ වගකීමකින් වැඩකරන සමාජයක් මේ රටට අවශ්‍යව ඇත. එය ආරම්භ වෙන්නේ කවදාදැයි සිතමින් මෙරට ජනතාව විමසිලිමත්ව බලාසිටී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress