19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වරදක් නිවැරදි කිරීමට ගැසට් කළ “22” ජනතාවගෙන් සඟවන්නේ අනුර ජනාධිපතිගේ සහ “මාළිමා” පාර්ලිමේන්තුවේ ධූර කාල වසර 6ක් වන නිසාද?
Posted on April 2nd, 2025

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වරදක් නිවැරදි කිරීමට ගැසට් කළ “22” ජනතාවගෙන් සඟවන්නේ අනුර ජනාධිපතිගේ සහමාළිමාපාර්ලිමේන්තුවේ ධූර කාල වසර 6ක් වන නිසාද?

2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති සහ පාර්ලිමේන්තු ධූරකාලයේ දෝෂයක් පවතින හෙයින් එය එක්තරා නීති විශාරදයකුගේ අතපසුවීමක් බවත් එයට ජනතාවගෙන් සමාව ගන්නා බවත් ගාල්ල අලුත් අධිකරණ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේ ජනාධිපතිවරයෙකු පැවසුවා සමහරුන්ට අමතක වී ඇත.

ඒ වේදිකාවේ ජයන්ත ජයසූරිය අගවිනිසුරුද, පාරින්ද රණසිංහ නීතිපතිද, තවත් විනිසුරුවරුන්ද, රාජ්‍ය නිලධාරීන්ද අසුන්ගෙන සිටියේය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ඒ වැරැද්ද නිවැරදි කිරීමට නීතිපතිගේ අනුමැතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව යටතේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතද මේ වන විට 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇත.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ පවතින වැරැද්ද නිවැරදි කිරීමට ක්‍රියා ඇත්තේ මෙසේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව, ඒ ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවායන වචන වෙනුවටධූර කාලය පස් අවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය පස් අවුරුද්දක් ඉක්මවායන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ඒ අනුව පැහැදිලි වන්නේ අනුර දිසානායක ජනාධිපතිගේ සහ මාළිමා පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 6ක් බවත් එය නිවැරදිව වසර 5ක් වී නැති බවයි.

මන්ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් කළ අවස්ථාවක එය නීතිපතිගේ මතයද වේ.

ඒ අනුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂයක් පවතින බවත් එය නිවැරදි විය යුතුය යන්න නීතිපතිගේ ස්ථාවරයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින 83වන ව්‍යවස්ථාවේ වැරැද්ද නීතිපතිට පෙනුනේ මේ වැරැද්ද ගැන පුරවැසියන් කිහිප දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා ඒ වෙනුවෙන් ලකෂ ගණනින් නඩු ගාස්තු ගෙවීමෙන් පසුය.

http://neethiyalk.blogspot.com/2025/04/19-22-6.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.03.31)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress