ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
Posted on May 1st, 2025

Lanka Leader


පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

පැරණි සංස්කෘතික ක්ෂලෝකයක සඳහන් කර ඇති පරිදි තරුණ බැමිණියක් විසින් මහළු බමුණකු කෙස් වැටියෙන් අල්ලා සිප වැළඳ ගන්නේ හේතුවක් ඇතිව බවත්, නරේන්ද්‍ර මෝදි විසින් අනුර දිසානායක වැලඳ ගනිමින් සිදුකළ ජවනිකාව හේතුවක් මත සිදුවූ නාටකයක් බවත් උන්වහන්සේ පවසති.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනපති අනුර දිසානායකගේ අත අඹරවා අත්සන් කරන ලද ගිවිසුම් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේදී ජාත්‍යන්තර පෙත්සමකට අත්සන් තබීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

ලංකාව ගිවිසුම් 7ක් මගින් යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ මෙහෙයුම ඉන්දියාව විසින් දියත් කර ඇති මේ මොහොතේ මෙම ක්‍රියාවලිය නිවැරදිව වටහාගත යුතු බවත්, නව ආණ්ඩුවක් පත්වී ඇති මොහොත යොදා ගනිමින් ඔවුන් විසින් මෙම සූක්ෂම මෙහෙයුම දියත් කර ඇති බවත් උන්වහන්සේ මෙහිදී පැවසීය. 

සවිස්තරාත්මක වීඩියෝව පහළින්..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress