ලක්ෂ 5ක නඩු ගාස්තු ගෙවූ නීතීඥවරයා, හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස පත් කර තිබේද ඇතුලු තොරතුරු විමසයි.
Posted on May 16th, 2025
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවත් ඒවා නිවැරදි කර ගැනීම සඳහා නීතීඥ අරුණ ලක්සිරි මහතා සහ තවත් අයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා උත්සාහ ගත් අතර එහිදී ලක්ෂ ගණනින් රජයට නඩු ගාස්තු ගෙවීමට ඔවුන්ට සිදුවූ අතර එම නීතීඥවරයාට ලක්ෂ 5ක නඩු ගාස්තු නියම විය.
නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී වෙතින් පහත තොරතුරු ඉල්ලා ඇත.
1. 1. ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරුතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස පත්කර තිබේද?
1.2. පිළිතුර “ඔව්” හෝ “පත් කර ඇත” නම් ඒ කවදා සිටද?
2. ඉහත 1 ප්‍රශ්නයට පිළිතුර “ඔව්” හෝ “පත් කර ඇත” නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇතැයි කියා එම වැරදි නිවැරදි කරගැනීමට 2024.07.18 දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කළ ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරුට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ජාත්‍යන්තර පත්වීම ලබා දීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇතැයි නීතිපතිද පිළිගනිමින් එය නිවැරදි කිරීමට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත 2024.07.18 දින පළවූ ගැසට් පත්‍රයේ පළ කර තිබීම ගැන සොයා බැලුවාද?
(එකී ගැසට් පත්‍රයේ මුල් පිටුවේ පිටපතක්ද මේ සමඟ අමුණා ඇත.)
http://neethiyalk.blogspot.com/2025/05/5.html?m=1
මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394
(2024.05.15)