වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)
Posted on May 31st, 2025

Lanka Leader

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කර තිබූ රෙගුලාසි කිහිපයක් සම්බන්ධයෙන් අවබෝධයකින් තොරව කරුණු දැක්වීම හේතුවෙන් ඒ මහතා ඒ බව පැවසීය.

කෙසේ වුවද, මෙම තනතුරු වලට මෙවැනි පුද්ගලයන් තෝරා ගැනීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සේවකයන් අනාවරණය කරන්නේ ජනාධිපති ලේකම් වරයාගේ හිතවතුන් මෙම තනතුරු වලට පත්කිරීම හරහා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

මෙම කරුණු අනාවරණය වන වීඩියෝව පහළින්..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress