බුදු පිළිමයක්, පොලිස්කාරයෙක් (හා ඊළම් JVP/NPP කාරයෙක් (?)) (Law is (not) an Ass!)
Posted on January 26th, 2026

C. Wijeyawickrema, LL.B., Ph.D.

Police returning the statue [Photo: Varadan Kirusna (Facebook)]

ගිනස් වාර්තාවක්!

ඊළම්කාරයින්ගේ බලපෑම මත පොලිස්කාරයෙක් පන්සල් භූමියක බුදු පිළිමයක් එය ආවරණය කල මුතුකුඩය දෙකට කඩා හාමුදුරුවන්ට ගසා තුවාල කර වාහනයක පටවා පොලිසියට ගෙනයාම වැනි සිද්ධියක් ලංකාවේ නොව ලෝකයේ වෙන කිසිම ආගමික භූමියක සිදුවී තිබී නැත්නම් එය ගිනස් වාර්තාවකි.  මීට සම්බන්ධ පොලිස්කාරයාගේ (SSP) නම චන්ද්‍රපාලය. ඔහු ක්‍රියාකලේ ත්‍රිකුණාමළ වෙරළ භාර ද්‍රවිඩ නිලධාරී (ක්‍රිස්තියානි?) සුන්දර්මූර්ති දීපරාජ්ගේ ඉල්ලීමටය. බලංගොඩ කස්සප හිමියන් අත් අඩංගුවට ගත්තේ බුදුපිළිමය උදුරා ගෙනයාම වලක්වන්නට උත්සාහ කල නිසාය.

තම ජීවිත කාලය තුල ඊළමක් ලබාගන්නවා යයි කටමැත දෙඩවූ මඩකලපුවේ ක්‍රිස්තියානි මන්ත්‍රී රාසමානික්කම් බුදු පිළිමය ඉවත්කිරීම ගැන ආණ්ඩුවට ස්තුතිකලේය (පුරාවිද්‍යාව හා රටේ ඉතිහාසය ඊළම්කාරයින්ට ඇති ලොකුම හිසරදයය. ඒවා ඉවත්කර ගැනීමට උල්පන්දම් දීම AKD ඇතුළු ආණ්ඩුවේ දෙමළ ඩයස්පොරා කොන්ත්‍රාත් එකය). පහුවෙනිදා එය ආපසු වැඩමකරවීම ගැන ඔහු ආණ්ඩුවට දොස් පැවරුවේය. පොලිස්කාරයා කියා සිටියේ ඉහළින් ලැබුණ නියෝගයක් මත ඔහු ක්‍රියාකල බවය. ආනන්ද විජේපාල ඇමති කියා සිටියේ බුදු පිළිමය ගෙන ගියේ එහි ආරක්ෂාවට යනුය. බුදු පිළිමය තැබීම ගැන යාපනේ දෙමළ ජනයාගේ විරෝධයක් නොවීය. එයට ආරක්ෂාව පිළිඹඳ තර්ජනයක් ආවේ යාපනේ JVP/NPP මන්ත්‍රී පුළුටු එක දෙකකින්ය.

මෙම ශ්‍රි බෝධිරාජ විහාර පන්සල් භූමිය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙන්නේ 1951 දීය. එහි තිබූ දහම් පාසැල ෂුනාමියෙන් විනාශවිය. එහි පාදනම මත එම පාසැල් ගොඩනැගිල්ල  නැවත ඉදිකිරීමට මුල්ගල් තැබීම 2026 නොවැම්බර් 16 දා සිදුකිරීමට  සූදානම්කර තිබුණි. බුදු පිළිමයක්ද තැන්පත් කලේ ඒ අවස්ථාවේදීය.

වැලිවිටියේ ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ කාලයේ (1698-1778) උඩරට රාජධානිය තුල භික්ෂූ සාසනය කෙතරම් පිරිහී ගොස් තිබුණාද යත්, උපසම්පදාකර්මය සඳහා සියම් දේශයෙන් (තායිලන්තයෙන් ඒ සඳහා භික්ෂූන් වහන්සේලා  වඩමවා ගැනීමට තෙවරක්ම උත්සාහ කිරීමට සිදුවිය. ඒ සඳහා ලන්දේශීන් රජුට උපකාර කලේය. 1753 වැලිවිටියේ ශ්‍රී සරණංකර සංඝරාජ වහන්සේ හා කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදී උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් ත්‍රිකුණාමළයෙන් දිවයිනට වැඩමකල ස්ථානය මෙම ඓතිහාසික ශ්‍රි බෝධිරාජ විහාර භූමියය.  එය ලංකාවේ සියම් නිකායේ ආරම්භක ස්ථානයය.

බල්ලට ගිය නීතිය/කැළෑ නීතිය/සුද්දගෙ නීතිය

පුවත් වාර්තා වල දැක්වුණ ඉහත සඳහන් කරුණු මට මතක් කලේ නීති විද්‍යාව හා භූගෝල විද්‍යාව අතර ඇති සම්බන්ධතාවය පිළිඹඳව දශක හතරක කාලයක්ම අධ්‍යයනය කල අයෙකු වශයෙන් (Applied Law and Applied geography), මට ඇතිවූ ප්‍රශ්ණය වූයේ,  මෙම බුදු පිළිමයකට භයවීමේ ජරමරයේදී, මෙම ත්‍රිකුණාමළ නඩුව ඇසූ මහේස්ත්‍රාත්වරයාට, රෝසි සේනානායකට කොළඹ නගරාධිපති කාර්යාලයේ බුදු පිළිමය,  ලඟදී දෙහිවල නගර සභාවේ  JVPකාරයින්ට  ඇතිවූ බුදු පිළිම උණ, සහරාන්ලාගේ මාවනැල්ල බුදු පිළිමය සමඟ ඇතිවූ වෛරය හෝ, සිංහල ස්ත්‍රීන් විවාහකර ගත් පුත්‍රයින් සිටින විග්නේෂ්වරන් හා සුමන්තිරන්ලාගේ උතුරට සිදුවන බුදු පිළිම ආක්‍රමණ  හා සිංහල ආණ්ඩුවල දෙමළ සංහාර යන රටේ පවතින වාතාවරණය අමතකවූයේ කෙසේද යන කාරණාවය.

නඩුකාරයෝද ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචකන්ධ බව සැබෑය. එහෙත් 1954 සිටම (Brown v. Board of Education, 347 U.S. 483 (1954) (USSC) නීති පොත් හා උසාවි නඩු තීන්දු වාර්තා වලට අමතර සමාජීය හා මනෝ විද්‍යාත්මක සාධකද උසාවි විසින් සළකා බැලිය යුතු බව ඇන්ග්ලෝ-ඇමෙරිකන් නීති පද්ධති අනුගමණය කරණ රටවල ව්‍යවහාරයට ගැනීම පැතිර ගියේය. එම තීරණයෙන් ළමයින් Race (කළු-සුදු)  අනුව වෙන් කර අධ්‍යාපනය දීම නීත්‍යානුකූල යයි 1896 දී දුන් තීරණය අවලංගු කරණ ලදී (Separate but equal- Plessy v. Ferguson, 1896). පොත්වල ඇති නීතිය හා මහජනයා ඉදිරියේ ක්‍රියාත්මකවන නීතිය (Law in Books and Law in Action, Roscoe Pound, 44 AM. L. Rev. 12 (1910)) යනුවෙන් හැඳිවෙන්නේ කුමක්ද යන්න පිළිඹඳව හොඳ නිදසුණක් ත්‍රිකුණාමළ බුදු පිළිම නඩුවෙන් සැපයේ.

නීතිය-ආගම හා බුදු දහම

නීතිය තිබෙන්නේ ආගමට උඩින්ද යටින්ද යනාදී ප්‍රශ්ණ අසණ බොහෝ නිරාගමික හා/හෝ මාක්ස්වාදී පණ්ඩිතයින් නොසිතන කරුණක් නම් යම් රටක සමාජයක නීතියක් යනු එම රටේ සමාජයේ පාලන බලය හිමි පිරිසක් විසින් තමන්ගේ වාසිය සඳහා පණවා ගන්නා රීති බවය. මේවා කලින් කලට සමාජයෙන් සමාජයට, රටකින් රටකට අනුව වෙනස් විය හැකිය. උදාහරණයක් වශයෙන්, ලන්දේසි කාලයේදී කුරුඳු ගසක් විනාශ කිරීමට දඬුවම මරණයය.  සමහර අරාබි රටවල හොරකමට දඬුවම අත කපා දැමීමය රටක නිරන්තයෙන් වෙනස් වන භූගෝල විද්‍යාව අනුව මෙය සිදුවේ.  සිරිත් විරිත්, සම්ප්‍රදා මීට වෙනස්ය. කෙසේ වෙතත් යමෙකුගේ උපතට පෙර සිට හා මරණයෙන් පසුව දක්වාත්, නිදන කාමරයේ සිට කන්තෝරු කාමරය දක්වාත් සිදුවන සෑම ක්‍රියාවක් පිටුපසින්ම නීතිය හඹා එන්නේය.

සර්ව බලධාරී දෙවියෙකු හා මැවුම්කරුවකු අදහන ආගම් මෙන් නොව බුදු දහම ස්වභාව ධර්මයේ රීති හා අනුබද්ධිත දර්ශණයකි. අනිත්‍ය-දුක්ඛ-අනත්ත යන ත්‍රිලක්ෂණය (සෑම දෙයම තාවකාලිකය, වෙනස්වන සුළුය; ඇත්තේ තාවකාලික සැපක් මිස දුක පමණය; මා, මම, මගේ යනුවෙන් ස්ථාවර ආත්මයක් නැත), දුකට මුල තන්හාවය, චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මෙත්තා, මුදිතා-කරුණා-උපෙක්ඛා ගුණ ධර්ම නීතිය මෙන් මිනිසා විසින් සදාගත් සංකල්ප නොව විශ්ව  රීතිය. මේ නිසා බෞද්ධ සමාජයක බුදු දහම සිටින්නේ නීතියට ඉහලින්ය. බුදු දහම සමඟ බැඳී ඇති යම් සංස්කෘතික අංග ලක්ෂණ, සිරිත් විරිත් නීතියේ බලපෑමට ලක්විය හැකිය. ඒවා බෞද්ධයින්ගේ ආගමේ ලක්ෂණය.

වලිගේ පාගාගත් නිලධාරීන් දෙන්නෙක්

ඉහත කරණ ලද විස්තරයෙන් පෙන්වා දුන් කරුණු බොහොමයක් මහෙස්ත්‍රාත්වරයාට අදාල වුවත් ඔහු වලිගේ පාගා ගෙන යයි  මම නොකියමි.  එහෙත් පොලිස්කාරායාගෙන් ඇසිය යුතුව තිබූ ප්‍රශ්ණ නොඇසුවේ ඔහුගේ දැණුමේ තිබූ අඩුවක් නිසාය. පන්සල් භූමියේ ඓතිහාසික වැදගත්කම මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු නොදැන සිටින්නට ඇත. ඔහු බොදු බල සේනාවේ ඥානසාර හිමියන් විසින් පෙන්වා දෙන ලංකාවේ තිබෙන රාජ්‍ය සේවයට ඇතුල්වු නලිමි ව්‍යාපාරයේ සාමාජිකයෙක් වෙන්නට වුවද පුළුවන. එහෙත් නටාෂා එදිරිසූරිය (2023) නඩුවේදී බාලපටබැඳි නඩුකාරයා පෙන්වා දුන් පරිදි පොලිසිය විසින් ගෙනෙන චෝදනාවක් නිසි ලෙස විග්‍රහ කර බැලීමේ වගකීමක් මහේස්ත්‍රාත් වරයාට පැවරේ. වෙරළ සංරක්ෂණ පණතේ ඇප නොදීමේ නීතිය ක්‍රියාත්මක කල යුත්තේ කරණ ලද චෝදනාව සාධාරණද, හිතුවක්කාරද යන්න සළකා බලාය. ඔහු විසින් මීට අදාලව ප්‍රසිද්ධවූ වීඩියෝ පටි  බැලුවා නම් මෙය පොලිස් නිලධාරී චන්ද්‍රපාල විසින් කල හිතුවක්කාර ක්‍රියාවක් බව මනාව පහැදිලිවේ. මහේස්ත්‍රාත්වරයා රටේ ආගමික සංහිඳියාවට  කලේ හානියක්ද?

චන්ද්‍රපාල නම් පොලිස් නිලධාරියා හා සුන්දරමූර්ති නම් ත්‍රිකුණාමළ වෙරළ ආරක්ෂාව භාර දෙමළ නිලධාරියා යන දෙන්නා විසින් යාපනේ JVP කාරයින්ද සමඟ  කස්සප නම් හාමුදුරුවන්ව හිර අඩස්සියට ගැනීමේ සිද්ධියේදී පහත සඳහන් ප්‍රශ්ණ මතුවේ.

(A)සුන්දරමූර්ති වෙරළ භාර නිලධාරියා

(1)1981 වෙරළ සංරක්ෂණ පණතේ 11(1) (D) වගන්තිය  අනුව කල සමීක්ෂණය (තොරතුරු එකලස් කිරීම) යටතේ මෙම ත්‍රිකුණාමළ පන්සල් භූමිය ආගමික ස්ථානයක් (zone of religious significance) වශයෙන් සඳහන් කර තිබුනාද නැද්ද?  ඊට හේතුව කුමක්ද?

(2)1981 මෙම පණත, 2011 දී සංශෝධනය කරණ විට 11 වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත්කර අළුතින් ගෙනා 11 වෙනි වගන්තියෙන් ආගමික වටිනාකමක් ඇති ස්ථාන යන්න ඉවත් කලේ කුමක් නිසාද?

මෙම දෙවෙනි ප්‍රශ්ණය උභතෝකෝටිකය. 1981 දී වෙරළ සම්පත් යටතේ දක්වා තිබූ දීර්ග ලැයිස්තුව 2011 දී තව තවත් පැහැදිලි (ඔපමට්ටම්)  කරණවා වෙනුවට  ඒ සියල්ලම කටුගා දමා පොදුවේ සම්පත් සමීක්ෂණයක් කරණ ලෙස නියෝග කර ඇත.

 ආගමික වටිනාකමක් හා සංචාරක වටිනාකමක් ඇති එම පන්සල් භූමිය ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ ඕනෑකම නිසා මෙය අහිංසක වැඩක් සේ පෙනෙන ආකාරයට කොළඹ කල්ලියක් විසින් කල උප්පරවැට්ටියක් විය නොහැකිද? ලැයිස්තුව සරළ කිරීමට සියල්ලම ඉවත් කලා යන්න වෙරළබඩ බෞද්ධ පුරාවිද්‍යා හා පූජනීය ස්ථානද අමතක කර දැමීම ගැන කාට හෝ දිය හැකි කපටි උත්තරයකි. ලංකා වෙරළේ සිද්ධස්ථාන, පුරාවිද්‍යා නටබුන් තිබෙන්නේ බෞද්ධ ඉතිහාසය ආශ්‍රිතවය.

  • ත්‍රිකුණාමළයේ වෙනත් අනවසර ඉදිකිරීම් හා කෝවිල් තිබෙද්දී සුන්දරමුර්ති ඇස්පියාගෙන සිටින්නේ ඇයි? කාගෙන් හෝ චෝදනාවක් ආවොත් මිස ක්‍රියා නොකිරීමට ඔහුට නියෝග කර තිබීම ඊට හේතුවද?
  • පණතට අනුව යම් බලපත්‍ර රහිත හෝ අනවසර ඉදිකිරීමක් තිබේ නම් නිලධාරියා (සුන්දරමුර්ති) විසින් ඒ බව  අදාල පාර්ශවයට පොලිසිය හරහා දැනුම්දී, නිදහසට කරුණු විමසිය යුතු නොවේද?
  •  21 වගන්තියට අනුව අදාල චූදිත පාර්ශවයට නිලධාරියාගේ/පොලිසියේ තීරණයට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කල හැකිය. එය උසාවියකින් විසඳාගෙන ඉන් පසුව පමණක්, යමක් අනවසර ඉදිකිරීමක් නම් පොලිසියට ඉවත් කල හැකිවේ.

(B) චන්ද්‍රපාල පොලිස් නිලධාරියා (SSP)

(1) යම් චෝදනාවක් ලැබුණ විට චන්ද්‍රපාල විසින් කල යුත්තේ කුමක්ද? ඒ ගැන ප්‍රථමයෙන් සුන්දරමුර්තිට දැන්වීමද, නැත්නම්  අදාල ස්ථානයට ගොස් විමර්ෂණයක් කර ඉන් පසු එය සුන්දරමුර්තිට දැන්වීමද?

එහෙත් චන්ද්‍රපාල කලේ  දෙමළ JVP මෙම්බර් කෙනෙකුගේ ඉල්ලීම මත බලහත්කාරයෙන් පන්සල් වැට කඩා ඇතුල්වී, මුතුකුඩය කඩා, හාමුදුරුවරුන්ට ගසා තුවාලකර බුදු පිළිමය පොලිසියට ගෙන යාමය. අවට දෙමළ ජනයාගෙන් මෙම බුදු පිළිමය ගැන විරෝධයක් නොවීය.

පසුව චන්ද්‍රපාල විසින්ම බුදු පිළිමය පන්සල් භූමියට වැඩම කරගෙනවිත් යළි තැන්පත් කලේය.

චන්ද්‍රපාලගේ ඉහත  ක්‍රියා පණතට පටහැනිය.

(2) පසුව චන්ද්‍රපාල කියා සිටියේ ඉහලින් ලැබුණ අණක් නිසා ඔහු මෙසේ ක්‍රියාකල බවය. උතුරේ ජාතිවාදී දෙමළ දේශපාලන හොරුන්ගේ  නොව කොළඹ ඉහල පොලිස් නිලධාරියෙකුගේ හෝ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කිරීමට චන්ද්‍රපාලට බලයක් නැත. කතරගම රූප සුන්දරී මනම්පේරි නඩුව ඔහු අසා නැද්ද?

වෙරළ සම්පත් සමීක්ෂණය

1981 කෙසේ වෙතත් 2011 වනවිට සංක්ෂිප්ත සමීක්ෂණ වාර්තාවක් පිළියෙල වෙමින් තිබුණා නිසැකය. එහිදී බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් ත්‍රිකුණාමළයේ මෙම බෝධිරාජ විහාර භූමිය මගහැරුණේ කෙසේද? අනිකුත් වෙරළ ආශ්‍රිත බෞද්ධ නටබුන් (මුහුදු මහා විහාරය, යාපනේ තිස්ස විහාරය වැනි) මෙම සම්පත් සමීක්ෂණ වාර්තාවට ඇතුලත්වී තිබේද?  ආගමික නොව හුදෙක් සංචාරක ව්‍යාපාරය අංශයෙන් බලන විටත් තායිලන්තයේ බෞද්ධ ජනයාට  මෙම ස්ථානය වැදගත් ඓතිහාසික වටිනාකමක් සහිත සංකේතයකි.

යම් වෙරළ කළමනාකරණය කිරීමකදී මෙවැනි පූජනීය ස්ථාන  විශේෂ ව්‍යාතිරේක (exceptions. grandfather clauses) යටතේ ආරක්ෂාකරණවා මිස ඒවා කඩා බිඳ දැමීමෙන් වෙරළට ලැබෙන ආරක්ෂාවක් නැත.

මෙහිදී සඳහන් කල යුතු කරුණක් නම් 1991 දී හා 1994 දී ලංකාවේ වෙරළ සංරක්ෂණයට අදාලව  වාර්තා දෙකක් මා විසින් පිළියෙල කරණ ලද බවත්, ඒවා ඒ දින වලදී ප්‍රේමදාස අගමැති කාර්යාලයට යවන ලද බවත්ය..  මේවා භාවිතා කරමින් මාර්ග ආයතනයේ ගොඩ්ෆ්‍රි ගුණතිලක විසින් ADB ආධාර සහිතව සවිස්තර සමීක්ෂණයක් කල බව පසු කලක මට දැනගැනීමට ලැබුණි. එම සමීක්ෂණයේදී වෙරළාශ්‍රිත බෞද්ධ සිද්ධස්ථාන ඇතුලත් කලාද යන්න දැන්වත් විමසා බැලිය යුතු කාරණයකි.

1.Effects of and Responses to a Rising Sea Level: A National Assessment for Sri Lanka: International Sea-level Rise Studies Project, Division of Coastal and Environmental Studies, Institute of Marine and Coastal Sciences, Rutgers- The State University of New Jersey and the U.S. Environmental Protection Agency (1991)- Part 1

2. Quantification of Risk to Sri Lanka From an Accelerated Sea-Level Rise: International Sea-level Rise Studies Project (1994) – Part 2

1981 පණතේ සවිස්තර සඳහන්කර තිබූ වෙරළ සම්පත් ලැයිස්තුව 2011 පණතින් කපා දම්මේ කවුද? ඊට හේතුව කුමක්ද?

1981 අංක 57 පණතේ 11 වගන්තිය

Survey of Coastal Zone. 11. (1) As soon as practicable after the appointed date, the Director shall cause a survey to be made of the Coastal Zone and shall prepare a report based on the results of such survey. The report shall include” (a) an inventory of ail structures, roads, excavations, harbours, outfalls, dumping sites and other works located in the Coastal Zone ; (b) an inventory of all coral reefs found within the Coastal Zone ; (c) an inventory of all commercially exploitable mineral deposits, both proven and suspected, located within the Coastal Zone ; (d) an inventory of all areas within the Coastal Zone or religious significance or of unique scenic value or of value for recreational purposes, including those areas most suitable for recreational bathing ; (e) an inventory of all estuarine or wetland areas within the Coastal Zone with an indication of their significance as fisheries or wildlife habitat ; (f) an inventory of all areas within the Coastal Zone of special value for research regarding coastal phenomena, including fisheries and shell fisheries, sea erosion, littoral movements and related subjects ; (g) an inventory of all areas within the Coastal Zone from which coral, sand, sea shells or other substances are regularly removed for commercial or industrial purposes ; (h) an assessment of the impact of sea erosion on the Coastal Zone including a quantified indication, by geographical location, of the amount of land lost thereby, an estimate of the economic cost of such loss and the extent to which human activity has contributed to such loss; (i) an estimate of the quantities of sand, coral, sea shells and other substances being removed from the Coastal Zone, together with an estimate of the extent to which such quantities can be supplied from other sources or other materials and an analysis of the economic practicability of doing so : and (j) a census, classified by geographical areas, and by activity, of all workers currently engaged on a regular basis in the removal of coral, sand, sea shells or other substances from the Coastal Zone and a census of the dependants of such workers and estimate of the per capita income obtained from these activities. (2) In preparing the report under subsection (i), the Director shall have regard to relevant data and information collected or compiled by Government departments, institutions and other agencies, and it shall be the duty of the heads of such departments, institutions and agencies to furnish any such data or information as may be reasonably required by the Director for the purpose of preparing such report. Coastal Zone Management. 12. (1) The Director shall, not later than three years after the appointment date.

2011 අංක 49 පණතින් 11 වගන්තියට කලදේ (සංශෝධනය)

8. Section 11 of the principal enactment is hereby repealed and the following section substituted therefor:— Survey of resources within the Coastal Zone. Amendment of section 12 of the principal enactment. 11. (1) The Director-General shall as soon as practicable cause a survey of all the resources and activities within the Coastal Zone to be conducted and thereafter prepare a report based on the results of such survey. (2) In preparing the report required under subsection (1), the Director-General shall have regard to the relevant data and information collected or compiled by government departments, institutions and agencies. It shall be the duty of the Heads of such Departments, institutions and agencies to furnish any such data or information as may be reasonably required by the Director-General for the purpose of preparing such report.”.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress