කොණ්ඩයා වෙනුවට ක්‍රිස්තුස් හමුවීම
Posted on October 29th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග
දුටුවෙමි මිනිසුන් පසුපස පන්නන
තවත් මිනිසෙකු දිගටි කොණ්ඩයකින් යුතු
ගහපිය මරපිය එල්ලපිය
එල්ලුම් ගස ගෙනෝ ගෙනෝ
අපි මූ එල්ලන්නම් කියමින් පන්නන
මිනිසුන්ගෙන් පණ බේරාගෙන දුවන
දිගටි කොණ්ඩයකින් යුත් මිනිසෙකු දුටුවෙමි
කොණ්ඩයා නම් මූය
ළමුන් දූෂණය කොට මරා දමන
මරා දැමිය යුතුය මූ දුටුතැන
වහකි පිළිකාවකි මහාමාරිය සේ
දුරින් දුරු කළ යුතු වසංගතයකි මූ
දුවන මිනිසා එකහින්ම නැවතිනි
ඔහුගේ දිගු කොණ්ඩය දුටිමි
මා දුටුවේ කොණ්ඩයා නොව
ශුද්ධවන්තයන් ගේ ගල් කැට මුගුරු
පහරින් මුහුණ තැලී තොල් පැලී
අනේක විධ දුක් වේදනා විඳි
යේසුස් ක්රිස්තුන්ය
October 29th, 2015 at 11:08 pm
එකෙක් අනිකාට කොණ්ඩයා කියමින්
කොණ්ඩයා හොරාය, ස්ත්‍රී දුෂකයාය
උල තැබිය යුතුයි කියමින් තවත් කොන්ඩයෝ පිරිසක්
කෑ ගසන හඬත් ඇසුනාද ?
October 30th, 2015 at 2:47 am
යටි රැවුල බා ගත් කොණ්ඩයා රජ කමටත් සුදුසුය.
October 30th, 2015 at 5:45 am
යටි රැවුල බා ගත් කොණ්ඩයා යහපාලනරජ කමටත් සුදුසුය.
October 30th, 2015 at 6:11 am
බුදුරජුන් දුශ්කර ක්‍රියා කලේ නැත. එසේ කලේ සිදුහත් තවුසාය.
බුදු දහමේ වෙනස එයයි.