බැදුම්කර මගඩියට වසර දෙකයි.. රටට පාඩුව රැපියල් ටි්රලියනයයි.. (බිලියන දාහයි)
Posted on February 2nd, 2017
– අද දෙරණ
මහා බැංකු මූල්‍ය අදට වසර 2 ක් සපිරෙන අතර එහි දී සිදුව ඇති ආර්ථික අලාභය රුපියල් බිලියන 1000 ක ඉක්මවන බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් 2008 සිට 2016 දක්වා අවස්ථා 2136 කදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ඇති අතර 2015 පෙබරවාරි 27 සහ 2016 මාර්තු කියන අවස්ථාවල හැර අනෙක් අවස්ථාවල කිසිදු වංචාවක් වු බවට සාක්ෂියක් හෝ සටහනක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
අද වන විට ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් මේ සම්බන්ධයෙන් පත් කර ඇති අතර අවස්ථාව ලබා දෙන්නේ නම් සිදුව ඇති මෙම ආර්ථික අලාභය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය ලෙස කමිටුව ඉදිරියේ මෙය ඔප්පු කර දැක්වීමට සුදානම් බව ද අමාත්‍යවරයා දැඩි ලෙස කියා සිටියේ ය.